About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Kiri Toffee - පොල් කිරිවලින් කිරිටොෆී හදමු

ඔන්න අපේ ඉවුම් පිහුම් ඇප් එකට අලුතෙන් තවත් යාලුවෙක් ඇවිල්ලා. මිතුරියක්! අපේ අලුත් මිතුරුයගේ නම තමයි…
Kiri Toffee - පොල් කිරිවලින් කිරිටොෆී හදමු
ඔන්න අපේ ඉවුම් පිහුම් ඇප් එකට අලුතෙන් තවත් යාලුවෙක් ඇවිල්ලා. මිතුරියක්! අපේ අලුත් මිතුරුයගේ නම තමයි පවනි අහිංසා. ඉතින් ඔන්න එයා අපිට කියලා දෙන්න යන්නෙ පොල් කිරි වලින් රසම රස කිරිටොෆී හදාගන්න විදිහ. මේකෙදී එයා පාවිච්චි කරලා තියෙන්නෙ අපිට ලේසියෙන්ම හොයාගන්න පුලුවන් දේවල් ටිකක්. හදන්න නම් හරිම ලේසියි මේ විදිහට කිරිටොෆී. බලන්නකෝ එහෙනම් ඔයාලත් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • ගා ගත් පොල් ගෙඩි 01ක්
  • සුදු හෝ රතු සීනි 250g
  • ලුණු ස්වල්පයක්
  • බැදගත් හාල් පිටි ස්වල්පයක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම පොල් ගෙඩියක් ගා ගෙන එහි කිරි ටික තාච්චියකට මිරික ගන්න.
  • එයටම සීනි 250g මිශ්‍ර කරගන්න.
  • ලුණු ස්වල්පයක් රස අනුව මිශ්‍ර කරගන්න.
  • ඉන් පසුව සාමන්‍ය ගින්දර යටතේ එම තාච්චිය ලිප තබාගෙන හොදින් හැදිගාන්න.
  • මිශ්‍රණය තරමක් දුරට උකු වීගෙන එන විට ගින්දර අඩු කරගෙන මද ගින්නේ හැදිගාන්න.
  • තව දුරටත් මිශ්‍රණය උකු වීගෙන එන විට බැදගත් හාල් පිටි ස්වල්පයක් මිශ්‍රණයට එක් කරගන්න.
  • ඉන් පසුවද ටික වේලාවක් මද ගින්නේම හොදින් හැදිගාන්න.
  • කෑලි කපා ගැනීමට අවශ්‍ය පදම එනවිටම තාච්චිය ලිපෙන් බාගෙන තැටියකට දා හොදින් තුනී කරගන්න.(බටර් ගා ගත් තැටියක්නම් තවත් හොදයි)
  • තැටියට දා තුනී කර ගත් විගසම කෑලි කපා ගන්න නැත්තම් ලස්සනට කෑලි කපාගන්න අමාරු වෙනවා.
  • ඔන්න දැන් ඔයා පොල් කිරිවලින් කිරිටොෆී හදලා ඉවරයි. මම කියපු විදිහටම බය නැතුව හදලා බලන්නකෝ හරිම රසයි. ඔයාට පහසුවෙන්ම ලාබෙට ඉක්මනින්ම ගෙදරදිම හදාගන්න පුළුවන් කෑමක්.

වැදගත්:
  • ඔයාලට අවශ්‍යනම් බැදපු හාල් පිටි මිශ්‍ර කරද්දිම රට කජු ටිකකුත් දාගන්න පුලුවන්. මටනම් රටකජු තිබුනේ නෑ දාන්න.
  • ගින්දර වැඩිකරගන්නනම් එපා එහෙම උනොත් වැඩේ අවුල් වෙනවා. ඒ වගේම පොල් ගෙඩි එකකට සීනි 250g අනුපාතයටම ගන්න. ගින්දර වැඩිවෙලා අනුපාත වෙනස් උනොත් මිශ්‍රණයෙන් තෙල් පීදිලා ගල් වෙන්න බලනවා. මෙහෙම කිවුවට බය වෙන්න එපා මම කියපු විදිහටම හදන්නකෝ එතකොට හරි.
  • මම තුනී කරගත්තු ගමන්ම කෑලි කපන්න කිවුවේ මිශ්‍රණය නිවුනොත් කෑලි කපද්දි කැඩෙන්න බලනවා. මොකද ඉක්මනින් වේලෙනවා. අපි මේකට ගත්තේ පොල් කිරිනේ මිල්ක්මේඩ් කිරි නෙවෙයිනේ ඒකයි.
     












    ලිපිය ලිව්වේ පවනි අහිංසා මිතුරිය. ඉතින් අපේ පවනි මිතුරියට බොහොම ස්තූතියි නේද මේ විදිහට රසම රසට කිරිටොෆී හදාගන්න විදිහ අපිට කියලා දුන්නට. බොහොම ස්තූතියි පවනි! පවනි මිතුරියගේ තවත් ලිපියකින් ඉක්මනින්ම නැවත අපේ මිතුරියව හමුවෙමුකෝ එහෙනම්..
    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Article Tag
    Newer Posts
    Older Posts
    Comment