About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Kaju Katli - කජු කට්ලි

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ කජු වලින් "කජු කට්ලි" හදන්නේ කොහොමද කියලා.. කජු කට්ලි කියන්නෙ…
Kaju Katli - කජු කට්ලි
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ කජු වලින් "කජු කට්ලි" හදන්නේ කොහොමද කියලා.. කජු කට්ලි කියන්නෙ ඉන්දියානු කෑම වර්ගයක්. ඒ අය ගොඩක් උත්සව වලදි හදන පැණිරස කෑමක් තමයි මේක. අපේ බාසාවෙන් කියනවනම් මේකට කජු ටොෆී කියන්නත් පුළුවන්. මේක කිරි ටොෆී හදනවා වගේ වැඩක්. ඒ නිසා පැණි රස කෑම හදලා නැති අයට ඉස්සෙල්ලාම අත්හදා බලන්න පුළුවන් ලේසි කෑමක් තමයි කජු කට්ලි. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • කජු ග්‍රෑම් 150
  • සුදු සීනි ග්‍රෑම් 100
  • වතුර මිලි ලීටර් 50
  • ගී තේ හැදි 2
  • එනසාල් කුඩු තේ හැදි 1

සාදාගන්නා ආකාරය:
  • ඉස්සෙල්ලාම කරන්න ඕන භාජනයක් අරන් ලිපේ තියලා කජු ටික බැද ගන්න එක. හැබැයි වෙන කෑම ජාති බදිනවා වගේ තෙල් දාලා මේක බදින්නෙ නැහැ. නිකම්ම භාජනයට කජු ටික දාලා එහෙට මෙහෙට කලවම් කර කර දුඹුරු පාටට එනකම් ගානට බැද ගන්න ඕන.
  • මේ විදියට කජු ටික බැද ගත්තට පස්සේ කරන්න තියෙන්නේ කජු ටික කුඩු කර ගන්න එක. ඒක ලේසියෙන්ම කරගන්න අපිට බ්ලෙන්ඩර් එකක් පාවිච්චි කරන්න පුළුවන්.
  • කජු ටික බ්ලෙන්ඩර් එකට දාලා සිනිදු පවුඩර් එකක් වගේ වෙනකම් කුඩුකර ගන්න. ගොඩාක් කුඩුකරන්න යන්නත් එපා. එතකොට කජු වලින් තෙල් ගතියක් ඇවිත් අපිට ඕන විදියට මිශ්‍රණය හදා ගන්න බැරි වෙනවා.
  • කජු ටික ගානට කුඩු කරගත්තට පස්සේ ඒක පැත්තකින් තියන්න.
  • දැන් භාජනයක් අරන් ලිපෙන් තියලා ඒකට සීනියි වතුරයි දාලා රත් කරගන්න. මේ වෙලාවෙදී ලිපේ ගින්දර වැඩිම කරන්නත් එපා, අඩුම කරන්නත් එපා. ඒ දෙක අතර ගානකට ලිපේ ගින්දර තියාගෙනයි මේ වැඩේ කරන්න වෙන්නෙ. සීනි ටික දිය වෙනකම්ම හැදි ගාන්න.
  • අපි මෙහෙම හැදි ගාලා හදාගන්න සීනි මිශ්‍රණයට සුගර් සිරප් කියලත් කියනවා. මේ සීනි ටික සේරම දියවෙලා ඝනකම් වෙලා එකට ඇලෙන ගානට එනකම්ම උයා ගන්න (ලිපේ තියාගන්න) ඕන. ඒකට විනාඩි 4-5 ක් විතර වෙලාවක් යනවා.
  • සීනි මිශ්‍රණය හරි ගානට ආවට පස්සේ එනසාල් කුඩු ටිකත් ඒකටම එකතු කරන්න. මේ දේවල් සේරම ඉවර වෙනකම් ලිපේ ගින්දර තියෙන්න ඕන කලින් ගානටමයි.
  • ඔන්න දැන් ලිපේ ගින්දර අඩු කරන්න වෙලාව හරි. ගින්දර අඩු කරලා කුඩු කරපු කජු ටික සීනි මිශ්‍රණයට එකතු කර ගන්න.
  • ඔයාගෙ ගෙදර තියනවද බිත්තර ගහන උපකරණයක්. එහෙම නැත්තන් පොඩි පත්තක්/ ස්පැටුලා එකක් වගේ පැතලි හැන්දක් වගේ දෙයක්? අන්න ඒක දැන් අරගෙන මේ මිශ්‍රණය හොදට කලවම් කර ගන්න.
  • මේ වෙලාවට ගී තේ හැන්දකුත් එකතු කර ගන්න. එතකොට වැඩේ තවත් ලේසි වෙනවා.
  • මේ සේරම ටික ඝනකම් මිශ්‍රණයක් වෙනකම් දිගටම හැදි ගාන්න ඕන. හරියට කිරි ටොෆී මිශ්‍රණයක් වගේ. මේ වැඩේටනම් විනාඩි 7-9 ක් විතර යනවා. ඒ නිසා දිගටම හැදි ගානකොට අත රිදෙනවා කියලා වැඩේ අත ඇරලා දාන්නෙ නැතුව, ගෙදර කෙනෙක් උදව්වට ගන්නකෝ.
  • මේ වැඩේ මෙහෙම යන අතරේ පැතලි භාජනයක්, ඒ කියන්නේ ට්‍රේ එකක් වගේ අරන් ඉතුරු ගී ටික ඒකෙ හොදට ගාගන්න ඕන.
  • දැන් කලින් හැදි ගගා හිටිය මිශ්‍රණය තෙල් ගා ගත්ත භාජනයට දාලා තුනීකර ගන්න. මේක ගොඩක් රස්නෙ නිසා අතින් තුනී කරන්න එපා. අත පිච්චෙයි. ඒකට තෙල් කඩදාසියක් හරි පිටි තුනීකරන රෝලක් හරි ගන්න. ඒ මුකුත්ම නැත්තන් ඔයාගෙ වත්තේ තියන කෙසෙල් කොළයක් ගන්න. මතක තියා ගන්න මේ දෙවල් වලත් තෙල් ගාල තමයි තුනී කරන්න ගන්න ඕන.
  • දැන් වැඩේ අන්තිම ටික තමයි තියෙන්නෙ. තුනීකර ගත්ත මිශ්‍රණය ටිකක් නිවෙන්න ඇරලා පිහියක් අරන් ලස්සනට ගානට කපා ගන්න. අළුවා කැටයක් වගේ ලස්සන හැඩේකට කපා ගන්න වුනත් පුළුවන්.
  • ඔන්න සේරම වැඩ ඉවරයි. දැන් රස බලන්නයි තියෙන්නේ. රස බලලා ඉවර වෙලා ඉතුරු ටික හුළං වදින්නැති වෙන විදියට භාජනයකට දාලා අයින් කරන්න. එතකොට තවත් දවසකට රස බලන්න පුළුවන්නේ.

වැදගත්:
  • මේක ඉන්දියානු කෑමක් නිසා ගී පාවිච්චි කරන්න වෙනවා. ඔයාලට සුපර් මාර්කට් එකකට ගියොත් මේ දේවල් ගන්න පුළුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ..

කජු ටික මේ වගේ බැදගන්න.

දැන් කජු ටික බ්ලෙන්ඩර් එකක් පාවිච්චි කරලා කුඩු කරගන්නයි මේ හදන්නෙ.

මේ වගේ කුඩු කරගන්න. ගොඩක් කුඩු කරගන්න යන්න එපා. ගොඩක් කුඩු කරොත් තෙල් බේරෙන්න පටන් ගන්නවා.

මේ භාජනයක් ලිපෙන් තියලා ඒකට සීනියි වතුරයි දාලා රත් කරගන්න ගමන්.

රත් කරගන්න ගමන් සීනි ටික දිය වෙනකම්ම හැදි ගාන්න.

මෙහෙම රත්කරගන්න කොට සීනි ටික සේරම දියවෙලා ඝනකම් වෙලා එකට ඇලෙන ගානට එනකම්ම ලිපේ තියාගන්න ඕන. ඒකට විනාඩි 4-5 ක් විතර වෙලාවක් යනවා.

සීනි මිශ්‍රණය හරි ගානට ආවට පස්සේ එනසාල් කුඩු ටිකත් ඒකටම එකතු කරන්න.

මේ කුඩු කරපු කජු ටික සීනි මිශ්‍රණයට එකතු කරගන්න ගමන්.

මේ ඊට පස්සෙ මිශ්‍රණය හොදට කලවම් කරගන්න ගමන්.

මේ වෙලාවට ගී තේ හැන්දකුත් එකතු කර ගන්න. එතකොට වැඩේ තවත් ලේසි වෙනවා.

ඊට පස්ස් ඒක ඝනකම් මිශ්‍රණයක් වෙනකම් දිගටම හැදි ගාන්න ඕන.

මේ ඊට පස්සෙ ඒ මිශ්‍රණයක්  තැටියකට දාගෙන.

ඊට පස්සෙ මේ වගේ තුනී කරගන්න.

ඊට පස්සෙ මේ වගේ කෑලි කපාගන්න.

මේ තියෙන්නෙ ඔක්කොම වැඩ ඉවර වෙලා අපි හදාගත්ත "කජු කට්ලි" ටික. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.
















මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ mysrilankanrecipe.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment