About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Milk Powder Barfi - පිටි කිරි පාවිච්චි කරලා හදන රසම රස කෑමක්!

හැමදාම ඔයාලට එක එක අලුත් කෑම ජාති හදන විදිහ කියලා දෙන අපේ චම්පා මිතුරිය ඔන්න දැන් තවත් රසම රස කෑමක්…
Milk Powder Barfi - පිටි කිරි පාවිච්චි කරලා හදන රසම රස කෑමක්!
හැමදාම ඔයාලට එක එක අලුත් කෑම ජාති හදන විදිහ කියලා දෙන අපේ චම්පා මිතුරිය ඔන්න දැන් තවත් රසම රස කෑමක් හදන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්නයි මේ යන්නෙ. මේක ඉන්දියානු කෑමක්. අපි බොන පිටි කිරි පාවිච්චි කරලයි මේක හදන්නෙ. හදන්න නම් හරිම ලේසියි. ඕන කරන බඩු ටිකත් ඔයාලට ලේසියෙන්ම හොයාගන්නත් පුලුවන් දේවල්. හරි! බලන්නකෝ එහෙනම් අපේ මිතුරියගෙ වචන වලින්ම මේවා හදන්නේ කොහොමද කියලා...

"...ඔන්න මම තව කෑමක් අරගෙන ආවා. මේක ඉන්දියන් කෑමක් කීවොත් හරි. මේකෙ නම තමයි "Milk Powder Barfi". මේක අපි බොන පිටි කිරි පාවිච්චි කරල හදන රස කෑමක්..."


අවශ්‍ය දේවල්:
  • දිය කරගත් ගිතෙල් මේස හැදි 3
  • කිරි කෝප්ප 1/2
  • පිටිකිරි කෝපප 1 1/2
  • පවුඩර් සීනි කෝප්ප 1/2
  • කරදමුංගු පින්චක්
  • තව කෑලි කපාගත්තු කජු ටිකක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම අඩිය අල්ලන්නෙ නැති වලදක් ලිපේ තියාගන්න. ඒකට දාගන්න ගිතෙල් මේස හැදි 3.
  • ඊට පස්සෙ ඒකටම කිරි ටිකත් දාගන්න.
  • ඒත් එක්කම පිටි කිරි ටිකයි, සීනි ටිකත් දාගෙන අඩු ගින්දරේ හොදට හැදි ගාන්න.
  • වලදෙ කිසිම දෙයක් වටේ නැති වෙලා මිශ්‍රණය එක ගුලියකට එනකම් දිගටම හැදි ගාන්න.
  • ඊට පස්සෙ බටර් ගා ගත් තැටියකට දාලා තුනී කරගෙන ඊට උඩින් කජු ටිකත් දාලා හැන්දකින් ඒ කජු ටික ටිකක් ඇතුලට ඔබ්බවා ගන්න.
  • ඊට පස්සෙ නිවුනට පස්සෙ කෑලි කපල කන්න තමයි තියෙන්නෙ. හවස තේ වෙලවට නම් කියාපු කෑමක්!

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ කිරියි, පිටි කිරියි, සීනියි දාගෙන අඩු ගින්දරේ මිශ්‍රණය හදාගෙන යන ගමන්. උඩ "සාදාගන්නා ආකාරය" යටතේ තියෙන පියවරවල් ටික කියවපුවහම ඔයාලට මේ ෆොටෝ එකේ තියෙන පියවරවල් ටික ටක්ගාලා තේරෙයි.

මේ ඊට පස්සෙ මිශ්‍රණය එක ගුලියකට එනකම් දිගටම හැදි ගාගෙන.

මේ අන්තිමට තැටියකට මිශ්‍රණය දාලා (මේ තැටියේ බටර් ගා ගන්නවා වෙනුවට තෙල් කඩදාසියක් දාගෙන තියෙන්නෙ.) තුනී කරගෙන ඊට උඩින් කජු ටිකත් දාලා හැන්දකින් ඒ කජු ටික ටිකක් ඇතුලට ඔබ්බවා ගෙන නිවුනට පස්සෙ කෑලි කපාගෙන.

වැඩ ඔක්කොම ඉවරයිනෙ. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.. හවස තේ වෙලවට නම් කියාපු කෑමක්!
















ලිපිය ලිව්වේ චම්පා දුලාංජනී මිතුරිය. අපේ මිතුරියත් ඔයාලා වගේ ඉවුම් පිහුම් ඇප් එක බලන මිතුරියක්. ඇයට බොහොම ස්තූතියි නේද අපිට මේ විදිහට රසම රස කෑමක් හදාගන්න විදිහ කියලා දුන්නට? බොහොම ස්තූතියි චම්පා මිතුරියට!
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment