About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Gajar ka Halwa - ගාජර්කෙ හල්වා

මීට කලින් ගුලාබ් ජමුන්, රස්ගුල්ලා සහ බාර්ෆි වගේ එක එක ඉන්දියන් රසකැවිලි වර්ග, එහෙමත් නැත්නම් අතුරුප…
Gajar ka Halwa - ගාජර්කෙ හල්වා
මීට කලින් ගුලාබ් ජමුන්, රස්ගුල්ලා සහ බාර්ෆි වගේ එක එක ඉන්දියන් රසකැවිලි වර්ග, එහෙමත් නැත්නම් අතුරුපස වර්ග හදන විදිහ ඉවුම් පිහුම් ඇප් එකේ කියලා දීලා තියෙනවානේ... ඉතින් දැන් මේ ඔයාලට ඒ වගේ තවත් කෑමක් හදන විදිහ තමයි කියලා දෙන්න යන්නෙ. "ගාජර්කෙ හල්වා" කියලා තමයි දැන් මේ හදන්න යන කෑමට කියන්නෙ. හදන්න ඕන කරන දේවල් ටිකත් ලේසියෙන්ම හොයාගන්න පුලුවන් නිසා මේක හදන්න නම් පොඩ්ඩක්වත් අමාරු නෑ. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • ග්‍රේට් කරගත් කැරට් 500g
  • මිල්ක්මේඩ් ලොකු ටින් 1/2
  • කරදමුංගු කුඩු තේ හැඳි 1/4
  • ගී තේ හැඳි 1 1/2 (භාජනයේ තැවරීමට වෙනම තේ හැන්දක් තියාගන්න.)
  • කජු සහ වියලි මිදි මිටක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම භාජනයක් අරගෙන ඒකෙ අඩියට ගී ටික තවරා ගන්න.
  • ඊට පස්සෙ ඒකට කැරට් සහ මිල්ක්මේඩ් ටික එකතු කරගන්න.
  • ඊට පස්සෙ ඒක සාමාන්‍ය ගින්දරේ ලිපේ තියලා විනාඩි 2,3ක් පිස ගන්න ඕනෙ. ලිප අඩුම කර කැරට් ටික පිසෙන තුරු පියනකින් වසා විටින් විට මිශ්‍ර කරමින් පිස ගන්න ඕනෙ.
  • කැරට් ටික මෙලෙක් වුනාට පස්සෙ ඒකට ගී එකතු කරලා කරදමුංගු කුඩුත් එකතු කරලා තෙත ගතිය හිඳෙන තුරු හැදි ගාමින් ලිප තියාගන්න.
  • අන්තිමට ලිපෙන් ඉවත් කිරීමට විනාඩි දෙකකට පමණ පෙර කජු සහ වියලි මිදි එක් කර මිශ්‍ර කරගන්න විතරයි තියෙන්නෙ. එච්චරයි!
 හදලා බලන්නකෝ එහෙනම් ඔයාලත්.















මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබාගත්තේ aniwa.lk වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment