About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Crème Caramel Pudding - ක්‍රෙම් කැරමල් පුඩින්

ඔන්න දැන් ඔයාලට කියලා දෙන්න යන්නෙ තරමක් ඝණ කැරමල් තට්ටුවක් උඩින් තියෙන "ක්‍රෙම් කැරමල් පුඩින්&…
Crème Caramel Pudding - ක්‍රෙම් කැරමල් පුඩින්
ඔන්න දැන් ඔයාලට කියලා දෙන්න යන්නෙ තරමක් ඝණ කැරමල් තට්ටුවක් උඩින් තියෙන "ක්‍රෙම් කැරමල් පුඩින්" හදාගන්නේ කොහොමද කියලා. මේ කැරමල් පුඩින් ඉස්සරලාම හැදුවා කියලා කියන්නේ ප්‍රංශයේ. අතුරුපස ලෝකයේ එක පැත්තක මෙයත් ලොකුම ලොකු රජෙක්. බලන්නකෝ එහෙනම් මේ රසම රස "ක්‍රෙම් කැරමල් පුඩින්" හදාගන්නේ කොහොමද කියලා..

තවදෙයක්! ගොඩක්ම හොදයි ඔයාලා මේ පුඩින් එක හදගන්න කලින් මීට කලින් අපේ මේ "ඉවුම් පිහුම්" ඇප් එකේ කියලා දීලා තියෙන "කැරමල් පුඩින්" හදන රෙසිපි ටික කියවලා බලලා ඉන්නවානම්. පොඩි පොඩි නොතේරෙන කොටස් ඔයාලට හොදින්ම පැහැදිලි කරගන්න පුලුවන් වෙයි එතකොට.

අවශ්‍ය දේවල්:
පුඩිම හදා ගන්න,
  • ටින්කිරි ග්‍රෑම් 385
  • එම ටින් එකේ ප්‍රමාණයෙන්ම උණුකර නිවා ගත් ජලය
  • ලොකු බිත්තර 06
  • දෙහි බිංදු කිහිපයක්
  • වැනිලා තේ හැඳි 01
  • සීනි මේස හැඳි 02

සීනි කැරමල් සදහා අවශ්‍ය දේවල්:
  • සීනි පුරවපු මේස හැඳි 04
  • ජලය මේස හැඳි 01

සාදාගන්නා ආකාරය:
මුලින්ම,
  • මුලින්ම කරන්න ඕන දේ තමයි පුඩින් මිශ්‍රණය සකසා අවසානයේ එය දැමීමට ගන්නා භාජනයේ ඇතුලත හොඳින් බටර් තවරා ගන්න එක. භාජනය සූදානම් කරගත්තට පස්සෙ අපි කැරමල් එක හදමු.

දැන් කැරමල් එක හදා ගම්මු,
  • භාජනයක් ලිප තබා එයට සීනි මේස හැඳි 4 ක් සහ ජලය මේස හැඳි 1 ක් එයට දාමා හොඳින් හැඳි ගාමින් උණුකර ගන්න.
  • මද වෙලාවකින් ජලය වාශ්පවී සීනි තද දුඹුරු පාටට හැරිලා සීනි ටික ඝණ වීගෙන එන්න පටන් ගන්නවා. තව චුටි වෙලාවක් ඒ රස්නෙ තියෙද්දිම හොඳින් හැඳි ගා ගන්න. (හැබැයි සීනි ටික කර වෙන්න දෙන්න් එපා.)
  • ඊට පස්සෙ ලිප නිවලා කැරමල් ටික කලින් අපි බටර් ගාලා හදාගත්ත භාජනයට දාගන්න.
  • එම කැරමල් මිශ්‍රණය හොඳින් භජානයේ ඇතුලත වටේ තැවැරෙන ආකාරයට භජානය හොඳින් කරකවන්න. (මෙය ඉතා සීරුවෙන් කල යුතුය. කැරමල් පුඩිමේ අලංකාරය රදා පවතින්නේ මෙම තැවැරීම මතයි.)
  • එසේ කැරමල් තවරා ගත් භාජනයේ කැරමල් ටික ඝණ වීමට පසෙක තබන්න.

දැන් අපි පුඩිම් හදමු එහෙනම්,
  • භාජනයක් ඇරන් ඒකට බිත්තර ටික කඩලා දාගෙබ හොදට බීට් කරගන්න.
  • එම මිශ්‍රණයට ටින් කිරි එකතු කර බීට් කරගන්න.
  • ටින් කිරි ටින් එකට උතුරවා නිවාගත් ජලය පුරවා බීට් කරගත් මිශ්‍රණයට ටික ටික එකතු කරමින් හොඳින් කවලම් කරගන්න.
  • වැනිලා හා දෙහි යුෂ එකතු කර ගන්න (දෙහි යුෂ මගින් බිත්තර වල පිළි ගද අඩුවේ).
  • ඉන්පසු මේ මිශ්‍රණය පෙරනයකින් හොඳින් පෙරා ගන්න. (පෙරා ගන්න කලින් සීනි රස මදි වගේනම් රස අනුව සීනි අවශ්‍ය පමණට දාගෙන හොදට හැදි ගාගෙන පෙරා ගන්න.)
  • ඊට පස්සෙ කරන්න තියෙන්නෙ මේ හදාගත්ත මිශ්‍රණය කැරමල් තවරාගත්ත භාජනයට දා ගන්න එක.
  • ඊට පස්සෙ කරන්න තියෙන්නෙ භාජනයේ කට ඇලුමිනියම් ෆොයිල් එකකින් හොදින් වසා ගෙන හුමාලයෙන් තම්බා ගන්න එක.
  • විනාඩි 50-60 පසු පුඩිම පිසි ඇත්නම් පිතට ගෙන සිසිල් වීමට තබන්න.
  • සිසිල් වූනාට පස්සෙ පුඩිම තියෙන භාජනය උඩින් පිගානක් තියාගෙන සීරුවෙන් අනෙක් පැත්ත හරවාගෙන පුඩිම පිගාන මතට දා ගන්න ඕනෙ. එතකොට පුඩින් එකේ උඩ යට මාරු වෙලා තමයි පිගානට වැටෙන්න ඕනෙ. ඒ කියන්නෙ කැරමල් ටික පුඩින් එකේ උඩ තියෙන්නෙ ඕනෙ දැන්. දැන් ඉතින් මේ ලස්සනම ලස්සන පුඩින් එක පිළිගන්වන්න තමයි තියෙන්නෙ.

වැදගත්:
  • මෙම පුඩිම අවන් එකක පිසගන්නවා නම් සෙල්සියස් අංශක 200 උෂ්නවයෙන් විනාඩි 45-50 විතර පිස ගන්න ඕනෙ.

පොටෝ ටිකත් බලන්නකෝ.. (මේ ටික නම් අන්තර්ජාලයෙන් ගත්තේ.)
 පුඩින් හදාගන්න භාජනේ මේ වගේ බටර් ගා ගන්න මුලින්ම. ඔයාලට ඇලුමිනියම් භාජන වගේම මේ වගේ භාජනත් ගන්න පුලුවන්.

 මේ කැරමල් එක හදාගෙන පුඩින් එක හදාගන්න යන භාජනේට දගන්න ගමන්. මෙතනදී නම් මේ කැරමල් ටික දා ගන්නෙ ඇලුමිනියම් භාජනයකට.

 මේ පුඩින් මිශ්‍රණය හදාගන්න කොට.

 මේ පුඩින් මිශ්‍රණය පෙරාගෙන, ඊට පස්සෙ කැරමල් දාගත්ත භජන වලට මිශ්‍රණය දාගෙන, ඇලුමිනියම් ෆොයිල් එකකින් ආවරණය කරලා හුමාලයෙන් තම්බා ගන්න ගමන්.

 මේ තියෙන්නෙ හදාගත්ත පුඩින් එක අන්තිමට. අන්තිමට කැමතිනම් තව කැරමල් ටිකක් හදාගෙන පුඩින් එක උඩින් දාගෙනම පිළිගන්වන්න.













මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබාගත්තේ panthakamaisonette.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment