About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Puhul Dosi - පුහුල් දෝසි

ඔයාලට මතක ඇති නේද "උත්තප්පම්","ඔට්ස් වලින් පෑන් කේක්" එහෙම හදන විදිහ කියලා දුන්…
Puhul Dosi - පුහුල් දෝසි
ඔයාලට මතක ඇති නේද "උත්තප්පම්","ඔට්ස් වලින් පෑන් කේක්" එහෙම හදන විදිහ කියලා දුන්න අපේ "පමුදි" මිතුරියව? ඔන්න ඇය අදත් ඔයාලට තවත් කෑමක් හදන විදිහ කියලා දෙන්නයි යන්නෙ. එයා ඔන්න මෙදා සැරේ කියලා දෙන්න හදන්නේ "පුහුල් දෝසි" හදන්නේ කොහොමද කියලා. මීට කලිනුත් ඉවුම් පිහුම් ඇප් එකේ "පුහුල් දෝසි" හදන විදිහ කියලා දීලා තියෙනවා තමයි. නමුද් ඇයගේ ක්‍රමය ටිකක් වෙනස්. බලන්නකෝ එහනම් ඇයගේ වචන වලින්ම මේ "පුහුල් දෝසි" හදන්නේ කොහොමද කියලා..

"....ඔන්න මං කියල දෙන්න යන්නේ පුහුල් දෝසි හදන විදිහ. ගොඩක් අය පුහුල් දෝසි කන්නෙ කඩෙන් ගෙනල්ලනේ. ඔයාලත් හදලා බලන්නකෝ ගෙදර හදපු ඒවා කොච්චර රසයිද කියලා. එහෙනම් අපි බලමු හදන්නෙ කොහොමද කියලා...."


අවශ්‍ය දේවල්:
  • පුහුල් කිලෝ 01 ක්
  • සීනි කිලෝ 01 ක්
  • හුණු මේ හැදි 02 ක් (බුලත් විට හුණු)

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම පුහුල් ගෙඩිය පොතු ඇරලා මදය ඉවත් කරලා අගලේ කෑලි වලට කපාගන්න.
  • ඊට පස්සේ කෑලි එකින් එක අරගෙන හැම කෑල්ලකටම ගෑරුප්පුවකින් හොදින් ඇන ගන්න. පුහුල් කැබැල්ලේ සෑම තැනකටම ගෑරුප්පුවෙන් හොදින් ඇනගන්න. එතකොට තමයි පැණි හොදට උරාගන්නේ.
  • දැන් හුණු මේස හැදි 02 වතුර භාජනයක දිය කරගන්න. ඊට පස්සේ මේ වතුර ටික හොදින් පෙරා ගන්න. පසුව පෙරාගත් වතුරට පුහුල් කැබලි ටික දාලා විනාඩි 20 ක් විතර තියන්න.
  • විනාඩි 20 කට පස්සේ පුහුල් කෑලි ටික 07 ක් පාරක් පිරිසිදු වතුරෙන් ඉතා හොදින් හෝදගන්න. අන්තිම පාර හෝදලා ඉවර වුනාම ඒ වතුරෙම තවත් විනාඩි 15 ක් විතර තියාගන්න. පස්සෙ වතුර බේරෙන්න තියන්න.
  • කට පළල් තාච්චියක් ලිපේ තියලා පුහුල් කෑලි ටික දාලා රත් කරන්න. තාච්චිය හොදින් රත් වුනාට පස්සේ සීනි ටික ටික එකතු කරන්න. සීනි ටික එකපාරට දාන්න එපා. තාච්චියට දාපු සීනි ටික පැණි වගේ වෙද්දි තව තවත් සීනි දමමින් හොදින් කළවම් කරන්න. සීනි ටික සියල්ල දමා අවසන් වූ පසුවත් දිගටම හැදි ගාන්න.
  • සීනි ටික පැණි වෙලා පුහුල් කැබලි වලට උරාගත්තට පස්සේ ටික වෙලාවක් යද්දි ඔබට පෙනෙයි තාච්චියේ තිබ්බ පැණි ටික ආපහු සීනි බවට පත්වෙන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවට ඉක්මනින්ම තාච්චිය ලිපෙන් ඉවතට ගෙන පුහුල් කැබලි ටික තැටියකට මාරු කරන්න. ඔයාලා පුහුල් කෑලි ටික තවදුරටත් ලිපේ තිබ්බොත් කෑලි ඔක්කොම ගල්වේවි. ඒ හින්දා පරෙස්සමෙන් කරන්න. මේ වෙලාවට ගත්තහම ආපහු පුහුල් කැබලි වල සීනි තවරන්න අවශ්‍ය වෙන්නේ නෑ.
  • දැන් ඉතින් රස බලන්න තමයි තියෙන්නේ.

වැදගත්:
  • පුහුල් කෑලි හුණු වල දාන්නේ පුහුල් වල තියෙන ඇසිඩි ගතිය ඉවත් කරන්නයි. ඒ නිසා හුණු වල දැම්ම කියලා ශරිරයට අහිතර වෙන්නේ නෑ.
  • සමහර අය පුහුල් දෝසි හදද්දි පුහුල් කෑලි හුණු වතුරෙ රැයක් පුරා දාලා තියෙනවා. ඒක ඔයාලගේ කැමැත්ත අනුව කරන්න. මං කරපු විදියටත් හොදටම ආපු නිසා කිසිම ගැටලුවක් මතු වුනේ නෑ.
  • පුහුල් කෑලි ටිකට පැණි උරාගත්තට පස්සේ පැණි ටික ආපහු සීනි බවට පත්වෙද්දිම තාච්චිය ලිපෙන් අයින් කරගෙන වෙන තැටියකට දාගන්න එක මතක් කරලම කරන්න. නැත්නම් හරියට එන්නේ නෑ.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ පුහුල් ගෙඩියකුයි කපාගත්ත කෑලියි.

මේ තියෙන්නේ ගෑරුප්පුවෙන් ඇනගත් පුහුල් කැබලි හුනු වතුරෙ දාලා.

මේ පුහුල් දෝසි හදන ගමන්. තාච්චියක් ලිපේ තියලා ඒකට පුහුල් කෑලියි සීනියි දාගෙන තමයි මේ තියෙන්නෙ. සීනි ටික නම් දැන් පැණි වෙලා තියෙන්නෙ.

 මේ තියෙන්නේ මං හදපු පුහුල් දෝසි.
















ලිපිය ලිව්වේ පමුදි රුවනාරා මිතුරිය. අපේ මිතුරියට බොහොම ස්තූතියි අපිට එයා "පුහුල් දෝසි" හදන්නේ කොහොමද කියලා කියලා දුන්නට. හැමදාම අලුත් දේවල් අපිට කියලා දෙන ඇගේ තවත් ලිපියකින් නැවත ඇයව ඉක්මනටම හමුවෙමුකෝ එහෙනම්..
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Older Posts
Comment