- රතු කැකුළු හාල් පිටි 1kg
- සීනි 700g
- ගාගත් පොල් ගෙඩියක් (වේළුණු පොල් නම් හොදයි)
- එනසාල්
- බැදගත් තල ඇට(අවශ්‍යම නෑ. රස වැඩි දැම්මොත්)
- ලුනු
- බැදීමට තෙල්
සාදාගන්නා ආකාරය:
- හාල් පිටි,සීනි,පොල්,එනසාල්, ලුනු, තල ඇට ඔක්කොම එකම භාජනයකට දාලා හොදින් කවලම් කර ගන්න. වතුර දාන්න එපා (පොල් වල තෙතමනෙන් තමා අනන්නෙ)
- කවලම් කර අවසන් උණු පසු මිශ්‍රණය අතින් තද කරන්න.
- ඊට පස්සේ මේ මිශ්‍රණය පැය 6 විතර තෙත රෙදි කෑල්ලකින් වසා තබන්න.
- ඉන් පසු තමන්ට අවශ්‍ය ප්‍රමාණයට කුඩා බෝල හෝ කැමති ආකාරයකට කැවුම සාදා ගැබුරු තෙලේ බැද ගන්න.
- ඉන් පසු මුකුළු කර කර මුකුළු කැවුම් රස බලන්න. හදන්න හරිම ලේසි කෑමක්. ඒ වගේම රසයි.
ලිපිය ලිව්වේ: Hasitha Dissanayaka මහත්මිය.