About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Striped Chocolate Pudding - ඉරි දමපු චොකලට් පුඩිමක් හදමු

අවශ්‍ය දේවල්: මිල්ක්මේඩ් කුඩා ටින් එකෙන් 1/2 ජෙලටීන් මේස හැදි 4 වතුර කෝප්ප 4 කොකෝ පවුඩර් මේස හැදි 6 Nesc…
Striped Chocolate Pudding - ඉරි දමපු චොකලට් පුඩිමක් හදමු
අවශ්‍ය දේවල්:
  • මිල්ක්මේඩ් කුඩා ටින් එකෙන් 1/2
  • ජෙලටීන් මේස හැදි 4
  • වතුර කෝප්ප 4
  • කොකෝ පවුඩර් මේස හැදි 6
  • Nescafe කෝපි තේ හැදි 1/2
  • සීනී මේස හැදි 5

සාදාගන්නා ආකාරය:
  • වතුර කෝප්පයකට ජෙලටීන් දමා රත්වෙන උණු වතුර බදුනක තුල තබා දිය කරගන්න. (Double Boil)
  • වෙනත් බදුනක ඉතිරි වතුර, කොකෝ පවුඩර් සහ Nescafe කෝපි දිය කර උණු කරගන්න.
  • ලිපෙන් බා මෙය කොටස් 2කට බෙදන්න.
  • එක කොටසකට සීනි සහ දිය කරගත් ජෙලටීන් මිශ්‍රණයෙන් 1/2ක් දමා කලවම් කරන්න.
  • අනික් කොටසට මිල්ක්මේඩ් සහ ඉතිරි ජෙලටීන් එකතු කර කලවම් කරන්න.
  • පුඩින් බදුනට චොකොලට් මිල්ක්මේඩ් මිශ්‍රණයෙන් ටිකක් දමා ශීතකරණයේ තබන්න. සෙට් වූ පසු චොකොලට් කෝපි මිශ්‍රණයෙන් ටිකක් ඒ මතට දමා ශිතකරණයේ තබන්න. මේ ආකාරයෙන් මිශ්‍රණ 2ම අවසන් වනතුරු බදුනට දමන්න.
  • හොඳින් සෙට් වූ පසු ආහාරයට ගන්න. කාට හරි පිලිගන්වනවනම් තව උඩින් අයිස්ක්‍රීම් ටිකක් එහෙම තියලා ලස්සන කරලා ගන්න.

ලිපිය ලිව්වේ: Kanchana Jaya මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment