About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Butterscotch Pudding - බටර් ස්කොච් පුඩින්

අවශ්‍ය දේවල්: කිරි කෝප්ප 3 ( පිටිකිරි හෝ ෆ්‍රෙෂ් මිල්ක් දෙකෙන් කැමති දෙයක්. Milkmaid උනත් කමක් නෑ. M…
Butterscotch Pudding - බටර් ස්කොච් පුඩින්
අවශ්‍ය දේවල්:
  • කිරි කෝප්ප 3 (පිටිකිරි හෝ ෆ්‍රෙෂ් මිල්ක් දෙකෙන් කැමති දෙයක්. Milkmaid උනත් කමක් නෑ. Milkmaid ගන්නවානම් Milkmaid ටින් එකෙන් වතුර ටින් එකකුත් එකතු කරන්න)
  • සීනි කෝප්ප 1
  • බිත්තර 3
  • බටර් මේස හැදී 3
  • ජෙලටින් මේස හැදී 3
  • බ්‍රැන්ඩි තේ හැදී 1 (අත්‍යාවශ්‍ය නෑ. තියෙනවනම් විතරක් දාන්න)
  • වැනිලා තේ හැදී 3
  • අවශ්‍යය නම් කජු ග්‍රෑම් 50

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම බාජනයක් ලිප තබා සිනි සහ බටර් දමා දියකරගන්න. රන්වන් පාට වනතෙක් උණු කරගන්න එත් කළු පාට කරගන්න එපා.
  • දැන් එයට කිරි කෝප්ප 3 එකතු කර උතුරන තෙක් හැදී ගාමින් උණු කරගන්න. දැන් එය ලිපෙන් බා මදක් නිවෙන්නට තබන්න.
  • ඒ අතරතුර බිත්තර කහමද සුදු මද ටික වෙන් කරගෙන වෙන වෙනම හොදින් බීට් කරගන්න.හොදින් බිට් වූ කහ මද ටික පමණක් ටිකෙන් ටික කිරි මිශ්‍රණයට එකතු කරන්න. මෙහිදී බිත්තර කහමද ටික කැටි ගැහෙන්න දෙන්න එපා හැදී ගාන අතරම එකතු කරන්න.නැත්තනම් කැටි ගැහෙන්න පුළුවන්. දැන් නැවතත් කිරි මිශ්‍රණය ලිපේ තබා උතුරවා ගන්න. මෙහිදී කිරි ටික මදක් උකු ගතියට හැරෙන්න ඕන. පදමට ආ පසු ලිපෙන් බාන්න.
  • දැන් එයට බිට් කරගත් සුදුමද ටික එකතු කර කවලම් කරගන්න.
  • දැන් උණු වතුරේ හොදින් දියකරගත් ජෙලටින් ටිකත් එකතු කරන්න. (ජෙලටින් ටිකට වතුර තේ හැදී 5ක් විතර දැම්මම ඇති)
  • අන්තිමට වැනිලා,කජු සහ බ්‍රැන්ඩි එකතු කර කවලම් කර න්න .
  • දැන් ශීතකරණයේ තබා මදක් ගන වූ පසු නැවත කවලම් කරන්න. නැවතත් ගන වනතෙක් ශීතකරණයේ තබන්න. සම්පුර්ණයෙන් සෙට් වෙන්න පැය 3ක් විතර යනවා.
  • දැන් රසවත් බටර් ස්කොච් පුඩින් එකක රස බලන්න පුළුවන්.

ලිපිය ලිව්වේ: Chathuri Gallage මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment