- පාන් ගෙඩියක්
- බිත්තර 4ක්
- උකුකිරි (ටින් කිරි) ටින් එකක්
- සීනි ග්‍රෑ 100ක්
- මුද්දරස්පලම් ග්‍රෑ 100 -150ක්
- මාජරින් ග්‍රෑ 150 -200ක්
- වැනිලා එසන්ස් තේහැදි 2ක්
- අගල් 10 -12 කේක් තැටියක් (හෝ ඒ වෙනුවට කේක් එක සෑදීමට යොදා ගත හැකි බදුනක්)
සාදාගන්නා ආකාරය:
- පාන් පෙති වල මාජරින් ගාගෙන කුඩා කැබළි වලට කපා හෝ කඩා තැටියට දමන්න.
- ඒ මතට මුද්දරස්පලම් දමන්න.
- ටින්කිරි ටින් එක කඩා භාජනයකට දමා වතුර ටින් 2ක් පමණ දමන්න (ඒ වෙනුවට නැවුම් කිරි හෝ පිටිකිරිද වැඩිපුර සීනි දමා භාවිතා කළ හැකිය)
- සීනි, බිත්තර සහ වැනිලා දමා හැන්දකින් තරමක් ගසා ගන්න.
- තැටියේ ඇති පාන් 90% ක් පමණ හොදින් පෙගෙන සේ කිරි මිශ්‍රණය වත්කරන්න.
- ඉන්පසු පැය 1/2ක් පමණ පසෙක තබන්න.
- සෙන්ටිග්‍රෙඩ් 180ක පමණ ඌෂ්ණත්වයේ විනාඩි 25-30ක් කිරි මිශ්‍රණය ඝණවී උඩ යාන්තම් දුඹුරුපැහැ වන තෙක් පුලුස්සා ගන්න.