- හාල් පිටි 1kg
- සීනි 1kg
- වතුර කෝප්ප 2 1/2
- කජු
- වැනිලා ස්වල්පයක්
- කරදමුන්ගු ඇට කීපයක්
සාදාගන්නා ආකාරය:
- මුලින්ම හාල් පිටි ටික හොදින් බැද ගන්න. හොදින් බැදුනු පසු අතට සිනිදු ගතියට දැනෙනව (යාන්තම් දුඹුරු පාට වෙනවා).
- බාජනයක් ලිපේ තියල එකට සීනි, වතුර එකතු කරල උනු කර පැනි හදා ගන්න (නූල් ඇදෙන ප්‍රමානයට). ඇගිලි තුඩු දෙකෙන් අල්ලලා ඈත් කලාම නූලක් වගේ ඇදෙන ගානට)
- එයට කුඩාවට කඩා ගත් කජු, වැනිලා, කරදමුන්ගු එකතු කර ලිප නිවා ගන්න.
- උනු කර ගත් පැනි නිවෙන්න හරින්න (ඇගිල්ලක් දාන්න පුලුවන් රස්නෙට පැනි ටික නිමෙන්න තියන්න).
- ඒ අතර ලෑල්ලකට හෝ ට්‍රේ එකකට බැදගත් පිටි ටිකක් ඉස පිලියෙල කර ගන්න.
- පැනි ටික නිමුනු පසු එයට හාල් පිටි දමා හොදින් කලවම් කරන්න (උඩින් ඉසීමට පිටි චුට්ටක් ඉතුරු කර ගන්න ).
- හොදින් කලවම් කර ගත් පසු පිටි ඉස ගත් ලෑල්ලට දමා උඩින් පිටි ටිකක් ඉස කෙසෙල් කොලෙකින් තුනී කර ගන්න.
- හයි වෙන්න කලින් කෑලි කපා ගන්න. රසම රසයි.
ලිපිය ලිව්වේ: පියුමි තණවීර ආරච්චි මහත්මිය. ස්තූතියි ඇයට!!