- සීනී 500g
- ජෙලටින් 30g (මම ගත්තෙ මෝතා පොඩි පැකට් එක)
- වැනිලා ටිකක්
- කලරින්
- බටර් ස්වල්පයක්
- කෝන්ෆ්ලා හෝ අයිසිං ෂුගර් අවශ්‍ය පමණ
- මද උණුසුම් වතුර අඩු කෝප්ප 2
සාදාගන්නා ආකාරය:
- උණුසුම් වතුර 1 cup වල ජෙලටින් ටික හොදට දිය කර ගන්න.
- ලොකු බාජනයක් ලිප තබා සීනි ටික දමා එයට ඉතිරි වතුර කප් එක එකතු කරන්න.
- අඩු ගින්දරේ සීනි ටික නූල් ඇදෙන පදම එන තෙක් හොදින් හැදි ගාන්න.
- නූල් ඇදෙන පදමට ආ පසු,දිය කර ගත් ජෙලටින් ටික එකතු කරන්න.
- විනාඩි 5ක් පමණ හොදින් හැදි ගාන්න.ඉන් පසු ලිපෙන් බා නිවෙන්න තියන්න.
- ඔයාලා කැමති බාජනයක් ගෙන එහි හොදින් බටර් තවරා ගන්න.
- දැන් බදුනක් ගෙන සාදා ගත් ද්‍රාවණයෙන් බාගයක් දමාගෙන, එයට වැනිලා ටිකක් එකතු කර හොදින් බීට් කරන්න.
- හොදටම බීට් කරන්න ඕනා නැත්නම් හරියට එන්නෙ නැහැ. හොදට බීට් වුනේ නැත්නම් මේකෙ තියෙන ස්පොන්ජ් ගතිය නැති වේවි. බීටරයක් නැත්නම් ගෑරුප්පුවක් අරගෙන හොදට බීට් කරන්න.
- දැන් ඔයාලා කැමති කලරින් බින්දුවක් පමණ එකතු කරගෙන ආයෙත් හොදට බීට් කරන්න.
- ඔයාලගේ අතට තේරෙනවානම් තද ගතියක්, ඒ කියන්නෙ හොදට බීට් වෙලා, දැන් ඒ මිශ්‍රණය බටර් ගා ගත් බදුනට වත් කරගන්න.
- ඉන්පසු ඉතිරි ද්‍රාවණයත් පෙර පරිදිම හොදින් බීට් කර ,වෙනත් කලරින් බින්දුවක් එකතු කරගෙන හොදින් බීට් කරන්න. ඒ ටිකත් කලින් මිශ්‍රණය උඩටම වත් කරගන්න.
- මම ඊයේ රෑ හදලා අද උදේ තමා කෑලි කැපුවේ, පැය 12ක් පමණ තබා ඒ මතු පිටට කෝන්ෆ්ලා / අයිසිං ෂුගර් ඉස ගන්න. කැමති ප්‍රමාණයේ කෑලි කපා ඒ කෑලි වලත් හොදින් කෝනෆ්ලා / අයිසිං ෂුගර් දවටා ගන්න.
- හොදින් කෝනෆ්ලා / අයිසිං ෂුගර් ගෑවෙ නැත්නම් භාජනේක දාලා තියාගන්න වෙන එකක් නෑ.ඔක්කොම ටික එකට ඇලිලා තියේවි.
ලිපිය නිර්මාණය කරේ උදේශිකා වනිගසුරිය මහත්මියගේ ලිපියකින් කරුණු ලබාගෙන.