- යෝගට් 1kg.
- අයිසින් සීනි 175g
- ජෙලටින් 25g
- කිරි අඩු කෝප්ප 1 (පිටි කිරි හෝ දියර කිරි)
- සීනි වතුරෙන් තම්බා ගත් පලතුරු කැබලි
සාදාගන්නා ආකාරය:
- යෝගට්, අයිසින් සීනි, කිරි, උණුවතුර මේස හැදී 5ක දියකෙරු ජෙලටින්, එක භාජනයකට දමා (වීදුරු බෝල් 1කට), හොදින් හැන්දකින් කලවම් කර, එය විනාඩි 8ක් මයික්‍රෝවේ එකේ රත් කර ගන්න.
- එලියට අරන් බීටරෙන් හොදින් බීට් කරන්න.
- දැන් කැපු පලතුරු කැබලි දමා. නිවුනාට පසු සීතකරනයේ තබන්න.
- මිදුනට පසු කෑමට ගන්න. මේ පුඩිම මිදීමට පැය 18ක් හෝ 20ක් පමණ ගතවනවා.
වැදගත්:
- මෙහෙ දන්නේ පෙස්කි කියන පලතුරු ටින්. ලංකාවේ යට ඒ වෙනුවට අඹ පලතුර දාන්න පුළුවන්.
- ලංකාවේ අයට යෝගට් වෙනුවට මුදවපු කිරි ගන්න පුළුවන්.
ලිපිය ලිව්වේ: Prasad Edirisuriya මහත්මයා.