- හුන්සල් කෝප්ප 2 (හුන්සල් කඩවල්වල ගන්න තියනවා. හාල් ඇටය කොටස් කීපයකට කැඩුනම කියන්නෙ හුන්සල් කියලා)
- පොල් බෑයක් පොල්
- ලුනු
සාදාගන්නා ආකාරය:
- හාල් ගරලා සෝදා ගෙන ටිකක් වැඩියෙන් වතුර තියලා ලුනු ටිකකුත් දාල ලිපේ තියන්න.
- හාල් වල වතුර හිදීගෙන එනකොට තවත් ලුනු ස්වල්පයක් දාල කලවම් කර ගත් ගා ගත් පොල් ටික බත් එකට උඩින් දාලා මද ගින්නේ පිස ගන්න ( පොල්වලට ලුනු වැඩි කර ගන්න එපා. මතකනේ අපි හාල්වලටත් ලුනු දැම්මා).
- ලිපෙන් බා ගන්න කොට හැදි මිටකින් හොදින් කලවම් කර ගන්න.
- ලුනු මිරිස්, බිලින් ආනම, මාලු හොදි වගේ ඕනම දෙයක් එක්ක පිළි ගන්වන්න.
ලිපිය ලිව්වේ: katatarasata වෙබ් අඩවියේ ශිඛී රණසිංහ මහත්මිය. ස්තූතියි ඇයට!!