About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Athirasa Kewum - අතිරස කැවුම්

අවශ්‍ය දේවල්: සීනි 750g හාල් පිටි (තෙත) 1 1/2 kg බැදීමට තෙල් කැකුලු හාල් 250g ක් කප්පි කර (කැකුලු හාල් …
Athirasa Kewum - අතිරස කැවුම්
අවශ්‍ය දේවල්:
  • සීනි 750g
  • හාල් පිටි (තෙත) 1 1/2 kg
  • බැදීමට තෙල්
  • කැකුලු හාල් 250g ක් කප්පි කර (කැකුලු හාල් ටිකක් රන්වන් පැහැවන තුරු කබලේ බැදගෙන ග්‍රායින්ඩරයෙන් මදක් කොටා ගන්න. ඒවට තමා කප්පි කියන්නෙ. හුන්සාල් ටිකක් බැදලා දැන්මත් හරි. සහල් පිටි කොටන විට පිටි හලා වෙන්කර ගත් පසු ඉතිරිවන සිහින් සහල් කැබලි වලටත් කප්පි කියනවා. නමුත් ඒවා දාන්නෙ නෑ. )
  • ලුනු තේ හැදි 2

සාදාගන්නා ආකාරය:
  • භාජණයක් ගෙන ලිපේ තබා රත් කරගෙන සීනි ටික දමා උනු කරගන්න.
  • සීනි මදක් දියවන විට ලිප ඕෆ් කරගන්න. සීනි කැට තියෙද්දීම (නැත්නම් සීනි කර රස ඇති වෙනවා. රස්නෙට සීනි කැටදිය වෙනවා)
  • ඉන්පසු ලිප ඔන් කරලා නටන උනු වතුර කෝප්ප 2ක් විතර දමා ගන්න.
  • ලුනු කුඩු තේ හැදි 2ක් දමා ගන්න.
  • ඉන්පසු කප්පි ටික දාගන්න.
  • ඉන්පසු පිටි ටික දාගන්න.
  • ලිපේ තියාගෙන උයාගන්න. තෙත හිදෙන තුරු. (අතින් පිටි ගුලියට තට්ටු කරන විට අතේ නොඇලේනම් පදම හරි)
  • ඉන්පසු තෙල් තැවරූ බන්දේසියට මිශ්‍රණය හලාගෙන, කැවුම් මිශ්‍රණය හැදු ඇතිලිය ලිප තබා තවත් වතුර ස්වල්පයක් දමා ඇතිලියේ ඉතුරු ටිකෙන් කැද ටිකක් උයාගන්න (මේ කැද කියන්නේ ඇතිලියේ ඉතුරු වෙලා තියෙන ඒවට වතුර දාපුවහම හැදෙන හොද්ද වගේ එකට)
  • දැන් ඒ කැද ටික අර බන්දේසිය මත ඇති කැවුම් මිශ්‍රනයට දමා හොදින් අත් ගසා ගන්න (පිටි අත්ලෙන් පොඩිකරමින්).
  • දැන් කුඩා බෝල සාදා රවුමට තුනී කරගෙන ගැබුරු තෙලේ බැදගන්න.

වැදගත්:
  • හොදින් මෘදුවීම සදහා හොදින් අත්ගැසීම අත්‍යාවශ්‍ය වේ.
  • අවශ්‍යනම් පැනි එකට තල ඇට ටිකක් එකතු කරගන්න.

wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment