About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Bath Aggala - බත් අග්ගලා

ගෙදර ඉතුරු වෙන බත් කවදාවත් විසි කරන්න එපා. මේ විදිහට අපිට බත් අග්ගලා හදා ගන්න පුලුවන්. සාදාගන්නා ආකා…
Bath Aggala - බත් අග්ගලා
ගෙදර ඉතුරු වෙන බත් කවදාවත් විසි කරන්න එපා. මේ විදිහට අපිට බත් අග්ගලා හදා ගන්න පුලුවන්.

සාදාගන්නා ආකාරය:
  • ගෙදර ඉතුරු වෙන බත් ටික අරගෙන හොදට අව්වේ දාලා වේලා ගන්න.
  • දුඹුරු පාටට වෙනකන් වේලුනාම බත් ඇට ටික කබලේ දාලා රත් කර ගන්න ටිකක්. තද දුඹුරු පාටක් වෙනකන්. එතකොට තමයි මේ වගේ පාට වෙන්නේ.
  • පස්සේ වංගෙඩියක හරි ග්‍රරයින්ඩර් එකක් හරි බත් ටික දාලා කොටා ගන්න. හොදටම කුඩු වෙනකන්.
  • පස්සේ ඒකටම ගා ගත්ත පොල් දාලා, සීනි ටිකකුත් දාලා, ලුණු බොහොම ටිකක් දාලා, කැමති නම් ගම්මිරිස් කුඩු ටිකකුත් දාලා නැවත හොදින් අඹරා ගන්න. (කැමතිනම් නෙමේ අනිවාර්යෙන්ම ගම්බිරිස් දාන්න. ගම්බිරිස් බඩට හොදයි කියන්වනේ)
  • නැත්තම් වංගෙඩියේ දාලා කොටා ගන්න.
  • පස්සෙ මිශ්‍රනය එලියට අරගෙන පුංචි පුංචි බෝල හදා ගන්න.

ලිපියේ බොහෝ කරුණු ලිව්වේ: Hansika Sachini මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment