About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Rulan Keshari - රුලං කේෂරි

අවශ්‍ය දේවල්: රුලං කප් 1 1/2 (කප් 1 ක් කියන්නේ 225g )- 340g පමණ ගන්න. කිරි 750ml ( ෆ්‍රෙෂ් මිල්ක් දාන්…
Rulan Keshari - රුලං කේෂරි
අවශ්‍ය දේවල්:
  • රුලං කප් 1 1/2 (කප් 1 ක් කියන්නේ 225g )- 340g පමණ ගන්න.
  • කිරි 750ml (ෆ්‍රෙෂ් මිල්ක් දාන්නත් පුළුවන් / පිටි කිරි වලින් කිරි හදලාත් දාන්න පුළුවන්)
  • සිනි රස අනුව ( මම මේසහැදි 8-9 ගත්තා )
  • වැනිලා ටිකක්
  • කහ පාට හෝ ඔරේන්ච් පාට කලරින් ටිකක්
  • මුද්දරප්පලම්
  • බටර් මේසහැදි 2 පමණ

සාදාගන්නා ආකාරය:
  • මුලින් කිරි හා සිනි හොදින් උණු කරන්න තියන්න.
  • කිරි ටික උණු වන විට එකට බටර් ටික දාන්න.
  • පසු එකටම කලරින් හා වැනිලා ටික දමා හොදින් මිශ්‍ර කරන්න.
  • එකටම මුද්දරප්පලම් ටිකත් එක් කරන්න.
  • පසු කබලේ බැද ගත් රුලං ටික ටික ටික දමමින් හොදින් කලවම් කර ගන්න (රුලං කබලේ බදින කොට කලු කර ගන්න එපා. ගින්දර අඩු කර ගෙන රුලං කබලේ බැද ගන්න.).
  • රුලං කිරි වලට මිශ්‍ර කිරිමේදී හිමින් හිමින් කරන්න. එ වගේම හොදින් හැදි ගාන්න. පසු රුලං ටික එකට ගුලි වෙන පදමට එන විට ලිප නිවන්න.
  • පසු බටර් ගා ගත් ට්‍රේ එකක මේ මිශ්‍රනය තුනි කර ගෙන ටිකක් හයි වු පසු කැමති විදියට කපා ගන්න.
  • මේ මිශ්‍රනය ටක් ගාලා හයි වෙන නිසා ඉක්මනින් තුනි කර කැලි කපා ගන්න. නිවෙන්න කලින් ලස්සන කරගන්න මේ විදිහට මුද්දරප්පලම් ටිකක් උඩිනුත් කැමතිනම් දාගන්න.

 


 

ලිපිය ලිව්වේ: Kanchana Joseph මහත්මිය.
    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Article Tag
    Newer Posts
    Older Posts
    Comment