About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Savboro - සව්බොරෝ

"ඉවුම් පිහුම්" ඇප් එකට ඔන්න අලුතෙන් තවත් යාලුවෙක් ඇවිල්ලා.. මිතුරියක්! එයාගේ නම තමයි &quo…
Savboro - සව්බොරෝ
"ඉවුම් පිහුම්" ඇප් එකට ඔන්න අලුතෙන් තවත් යාලුවෙක් ඇවිල්ලා.. මිතුරියක්! එයාගේ නම තමයි "සයුරි මහවත්ත". අපි හැමෝම අපේ මිතුරියව ගොඩක් ගොඩක් ආදරයෙන් පිළිගන්නවා නේද? ඉතින් අපේ මිතුරිය ඔයාලට කියලා දෙන්න කියලා අපිට "සව්බොරෝ" හදාගන්න විදිහ එවලා තිබුණා. බලන්නකෝ එහෙනම් අපේ මිතුරියගේ වචන වලින්ම මේ "සව්බොරෝ" ලේසියෙන්ම ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා..

"...සව්බොරෝ කියන්නෙ සව් හා පොල් එකතු කරලා හදන බිස්කට් එකක් වගේ කෑමක්. මේකටම ආවේණික වුනු රසයකුත් තියනවා. ලංකාවේ කවුරුත් දන්න රස කෑමක් විදියට සව්බොරෝ හදුන්වන්න පුලුවන්..."


අවශ්‍ය දේවල්:
  • සව් ග්‍රෑම් 125
  • ගා ගත්ත අළුත් පොල් ග්‍රෑම් 125
  • සීනි ග්‍රෑම් 125
  • පාන් කුඩු ග්‍රෑම් 125 (බිස්කට් කුඩු කියලත් කියනවා)
  • මහදුරු තේ හැදි 1
  • ලුණු පොඩ්ඩක්
  • වතුර මේස හැදි 2 (ඕනෙ වුනොත් ගන්න)

සාදාගන්නා ආකාරය:
  • වැඩේ පටන් ගන්න කලින් මුලින්ම අවන් එක රත්කර ගන්න. ප්‍රී හීට් කරනවා කීවම කවුරුත් මේ දේ දන්නවා. 150°C ප්‍රමාණයෙන් විනාඩි 10 ක් විතර රත් කර ගන්න. ඒක රත් වෙනකම් අනිත් වැඩ ටික පටන් ගමු.
ඊට පස්සෙ,
  • මුලින්ම ටිකක් ලොකු භාජනයක් අරන් ඒකට සව්, ගාගත්ත පොල්, සීනි, පාන් කුඩු මේ හැමදේම දාලා එකට කලවම්කර ගන්න. ලුණු චුට්ටකුත් දාන්න. මේ මිශ්‍රණය ලාවට කලවම් කරලා නම් නිකන් ඉන්න බැහැ. එකතු කරපු දේවල් සේරම එකට මිශ්‍ර වෙනකම් හොදට කලවම් කරන්න ඕන. මෙහෙම කලවම් කරද්දි මිශ්‍රණය එකට එකතු වෙනවා වගේ පේන්න තියනවනම් වැඩේ හරි. ඒ කියන්නේ හොදට මිශ්‍ර වෙලා කියන එක. ඒ වගේ වෙලාවට කලවම් කරන්න වතුර දාන්න ඕනෙ වෙන්නෙ නෑ.
  • හැබැයි මිශ්‍රණය වේලිච්ච ගතියක් තියනවනම් ඒකෙන් කියන්නේ හොදට කලවම් වෙන්න හොරයි කියලා. ඔන්න එතකොටනම් වතුර ඕන වෙනවා. වතුර මේස හැදි 2ක් විතර දාලා ආයෙත් කලවම් කරන්න පටන් ගන්න. ඒ විදියට කල්පනාවෙන් කලවම් කරලා ඉවර වෙන්නකෝ.
  • දැන් හොයා ගන්න ඕන අගල් 2-3ක විතර රවුම් අච්චුවක්. මේකෙන් තමා සව්බොරෝ එකේ හැඩේ ගන්නේ. මේ අච්චුවේ උඩයි යටයි දෙකම විවෘත වෙලා තියෙන්න ඕන.හරියට අපි අතේ දාන වළල්ලක් වගේ.වටේ සීමාව විතරයි.
  • ඊට පස්සෙ අවන් එකට දාන්න පුළුවන් තැටියක් (ට්‍රේ එකක්) ගන්න.
  • ඒ තැටිය උඩින් කලින් හොයා ගත්ත රවුම් අච්චුව තියලා ඒකට සව් මිශ්‍රණය පුරව ගන්න. මේක හරි ලේසි වැඩක්. මිශ්‍රණයෙන් හැන්දකින් එකක් අරගෙන අර අච්චුව ඇතුළට දාලා රවුම් හැඩය එන ව්දියට තද කරන්න. මේ වැඩේට හැන්දක පිට පැත්තක් ගන්න පුළුවන්. ඒ කියන්නෙ අපි බෙදන්න ගන්න පැත්ත නෙමෙයි. අනිත් පැත්ත.
  • අච්චුව එකින් එකට ඒ වගේ තියලා තැටියේ පෝළිමට සව්බොරෝ හදා ගන්න ඕන.
  • අපි අවන් එක කලින් රත් කර ගත්තා ඔයාලට මතකද. දැන් ඒ උශ්ණත්වයෙන්ම (150°C) හදාගත්ත සව්බොරෝ ටික විනාඩි 40-45 විතර යනකම් බේක් කර ගන්න ඕනෙ. හරියටම විනාඩි 45න් මේක අවන් එකෙන් බාගන්න යන්නත් එපා. වෙලාව හරි ගියාම ටිකක් බලලා බේක් වෙලා මදි වගේනම් රන්වන් පාටට හුරු දුඹුරු පාටක් වෙනකම් ආයෙත් ටිකක් බේක් කර ගන්න. හැබැයි ඔන්න කල්පනාවෙන් ඉන්න. නැත්තන් දන්නෙම නැතුව සව්බොරෝ ටික කළු වෙලා යයි.
  • ඕන් එහෙනම් බේක් කරගෙනත් ඉවරයි. හැබැයි දැන්ම කන්නනම් බැහැ. මොකද අවන් එකෙන් එළියට ගත්ත ගමන් නිසා ගොඩක් රස්නෙයි. ඒ නිසා කන්නත් බැහැ කෑවට නියම රස දැනෙන්නෙත් නැහැ.
  • ඒ නිසා රස්නේ යන්න පොඩි දැලක් වගේ දෙයක් උඩට දාන්න වෙනවා. දැලක් කීවට මාළු දැලක් එහෙම නෙමෙයි හරිද. අපි කේක් එහෙම නිමෙන්න තියන්නෙ අන්න ඒ වගේ යකඩ දැලක්.
  • එහෙම තියලා නිවුනට පස්සෙනම් ඇති තරම් කන්න පුළුවන්. පස්සෙ කන්න අරන් තියනවනම් හොදට වැහෙන භාජනයකට දාලා හුළං වදින්නැති වෙන්න අයින් කරන්න. එච්චරයි! වැඩේ ඉවරයි ඔන්න..

වැදගත්:
  • අළුතින් ගාගත්ත පොල් වෙනුවට කලින් ගාපු වියළි පොල් වුනත් ගන්න පුළුවන්. එහෙම ගන්නවනම් ඒ පොල් රස්නෙ වතුර 100 ම්ලි ලීටර් 100ක විනාඩි 30ක් විතර පොගවලා තියලා ගන්න ඕනෙ.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ සවුයි, ගාගත්ත පොලුයි, සීනියි, පාන් කුඩුයි, ලුණුයි දාගෙන හොදට කලවම් කරගන්න ගමන්.

මේ ඊට පස්සෙ එහෙම හදාගත්ත මිශ්‍රණයෙන් හැන්දකින් එකක් අරගෙන රවුම් අච්චුවක් ඇතුළට දාලා රවුම් හැඩය එන ව්දියට තද කරගෙන හදාගත්ත සව්බොරෝ ටික. දැන් මේ ටික බේක් කරගන්න ඕනෙ.

මේ තියෙන්නෙ බේක් කරගත්තට පස්සෙ. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.
















ලිපිය ලිව්වේ සයුරි මහවත්ත මිතුරිය. ඇය මේ ලිපිය ලියන්න කරුණු ගත්තා කිව්වෙ mysrilankanrecipe.com වෙබ් අඩවියෙන්. අපේ මිතුරියට බොහොම ස්තූතියි නේද අපිට මේ වගේ "සව්බොරෝ" හදන විදිහ කියලා දුන්නට? සයුරි මිතුරියගේ තවත් ලිපියකින් ඇයව නැවතත් ඉක්මනටම හමු වෙමුකෝ එහෙනම්..
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment