About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Apple Coconut Barfi - ඇපල් කොකනට් බර්ෆි

අපි අද හදන්න යන්නෙ පැණිරස කෑමක්! මේක කෙටි කෑමක් විදියට වගේම අතුරුපසක් විදියටත් අපිට කෑමට ගන්න පුළුව…
Apple Coconut Barfi - ඇපල් කොකනට් බර්ෆි
අපි අද හදන්න යන්නෙ පැණිරස කෑමක්! මේක කෙටි කෑමක් විදියට වගේම අතුරුපසක් විදියටත් අපිට කෑමට ගන්න පුළුවන්. ඇපලුයි පොලුයි දාලා තමයි මෙක හදාගන්නෙ. ඒ නිසා මේකට ආවේනිකම වෙනස්ම රසයක් තියෙනවා. හදන්නත් ලේසි එකේ වැඩි වෙලාවක් යන්නෙ නම් නැහැ ඔයාලට මේවා හදන්න.

අවශ්‍ය දේවල්:

  • පොතු ඇරලා හීනියට කපාගත්ත හෝ ගාගත්ත ඇපල් කෝප්ප 3 (මේ වැඩේට ඔයාලා ග්‍රේටර් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්)
  • ගාගත්ත පොල් කෝප්ප 1
  • සීනී කෝප්ප 1 1/2
  • කුඩු කරගත්ත කජු කෝප්ප 1/2 (මේක පොඩ්ඩක් කෑලි තියන විදියට කුඩු කරගන්න)
  • එනසාල් කුඩු තේ හැදි 1/4

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම අපි භාජනයක් ලිපේ තියලා ඒකට ඇපල්, පොල් සහ සීනී ටික දාලා මද ගින්නෙ ලිපේ තියාගන්න ඕනෙ. මේ වැඩේට අඩිය ඇලෙන්නෙ නැති භාජනයක් පාච්චි කරන්න පුලුවන්නම් (නොන්ස්ටික් භාජනයක්).
  • ලිපේ තියාගෙන විතරක් හරියන් නෑ, අපි ඒ ටික හොදට කලවම් කරගන්න ඕනෙ සිනි ටික දිය වෙලා ඇපල් මිශ්‍රණය හොදට හැදෙනකම්. විනාඩි 7-10ක් වගේ වෙලාවක් යයි මේ වැඩේට.
  • ඊළගට ඒකට අපි එනසාල් කුඩුයි කජුයි දාලා කලවම් කරලා තවත් විනාඩි 2-3ක් ලිපේ තියාගන්න ඕනෙ. දැන් මේ විදිහට හදාගත්ත මේ මිශ්‍රණය මෘදු මිශ්‍රණයක් වගේ හැදිලා තියෙන්න ඕනෙ හොදද. එහෙම වෙලා නැත්නම් එහෙම වෙලා හැදෙනකම් ලිපේ තියාගන්න ඕනෙ.
  • මේ විදියට මිශ්‍රණය හැදුනට පස්සෙ බටර් ටිකක් ගාගත්ත ට්‍රේ එකකට මේ මිශ්‍රණය දාලා තුනී කරගන්න ඕනෙ අපි. අතින් එහෙම තුනී කරන්න යන්න එපා, මිශ්‍රණයේ තාම රස්නෙ ගිහිල්ලා නැහැනෙ. අත පිච්චිලා තමයි නවතින්නෙ. ඒ නිසා මේකට ස්පැටුලා එකක් වගේ පැතලි හැන්දක් පාවිච්චි කරන්න පුලුවන් නම් තමයි හොද. තවත් දෙයක් මතක තියාගන්න ඕනෙ. මේ වැඩේ රස්නෙ පිටින්ම තමයි කරන්න ඕනෙ හොදද.
  • මෙහෙම හදගත්තට පස්සෙ ඔයාලට කොටු හැඩයේ කෑලි කෑලි වලට කපාගන්න පුලුවන්. හරියට කිරි ටොෆී නැත්න්ම අලුවා හදනකොට වගේ.
  • ඔච්චරයි! නිමුනට පස්සෙ ඔයාලට මේ "ඇපල් කොකනට් බර්ෆි" කෑමට ගන්න පුලුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නෙ පොතු ඇරලා හීනියට කපාගත්ත ඇපල් ටික

මේ හදාගෙන යන ගමන්. අන්තිම ෆොටෝ එකේ වගේ සීනි හොදට දිය වෙලා ඇපලුත් දියවුනු ගතියට ඇවිල්ලා තියෙන්නෙ ඕනෙ කජු දාන්න කලින්.

මේ කජු ටික දාගෙන.

මේ කලවම් කරගත්තට පස්සෙ.

මිශ්‍රණය හැදුනට පස්සෙ බටර් ටිකක් ගාගත්ත ට්‍රේ එකකට මිශ්‍රණය දාගෙන තුනී කරගන්න. තව කජු තියෙනවානම් කජු ටිකකුත් උඩින් ඉහගන්න කෑලි කපාගන්න කලින්.

මේ තියෙන්නෙ කෑලි කපාගත්තට පස්සෙ.














wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment