About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Habala Pethi Aggala - හබල පෙති අග්ගලා

ඔයාලා ගොඩක් වෙලාවට මීට කලින් අහලා ඇති "හබල පෙති අග්ගලා" ගැන. හබල පෙති, කිතුල් හකුරු, කිතු…
Habala Pethi Aggala - හබල පෙති අග්ගලා
ඔයාලා ගොඩක් වෙලාවට මීට කලින් අහලා ඇති "හබල පෙති අග්ගලා" ගැන. හබල පෙති, කිතුල් හකුරු, කිතුල් පැණි වගේ දේවල් දාලා තමයි මේ අග්ගලා ගුලි හදන්නෙ. හදන්න නම් හරිම ලේසියි. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:

  • හබල පෙති කෝප්ප 1 (Rice Flakes)
  • ගාගත්ත කිතුල් හකුරු කෝප්ප 1/2
  • ගාගත්ත පොල් කෝප්ප 3/4
  • කිතුල් පැණි පොඩ්ඩක්
  • ලුණු පොඩ්ඩක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම අපි හබල පෙති ටික සෝදගෙන ඉමු. මොකද හබල පෙති වල වැලි වගේ තියනවා. ඒ නිසා ඒවා හොදට අයින් වෙනකම් හබල පෙති ටික සෝදගන්න ඕනෙ.
  • එහෙම සෝදාගත්තට පස්සෙ හබල පෙති ටික අරගෙන උණු වතුර භාජනයකට දාලා විනාඩි 15ක් විතර පෙගෙන්න තියන්න.
  • ඊලගට හබල පෙති වල තියන වතුර ටික පෙරාගන්න ඕනෙ.
  • හබල පෙති වල වතුර හොදට අයින් වුනාට පස්සෙ ඒකට පොල්, හකුරු ,පැණි එක්ක ලුණු පොඩ්ඩකුත් දාලා හොදට කලවම් කරගන්න. මේ ටික පොඩි වන්ගෙඩියක දාලා කලවම් කරගන්න පුළුවන්නම් ගොඩක් හොදයි.
  • එහෙම කලවම් කරගත්තට පස්සෙ ඔයාලට අන්තිමටම කරන්න ඒ අග්ගලා මිශ්‍රණයෙන් පොඩ්ඩ පොඩ්ඩ ඇරගෙන ගුලි කරලා අග්ගලා ටික හදාගන්න එක.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නෙ හබල පෙති

හකුරු ටික මේ වගේ ගාගන්න.

හදන්නත් හරිම ලේසි එකේ හදලා බලන්නකෝ එහෙනම් ඔයාලත්..















මේ ලිපිය  සිංහලට කරපු පරිවර්තනයක්. එයා මුල් ලිපිය ලබාගෙන තියෙන්නෙ peckishme.com වෙබ් අඩවියෙන්. ඒ වගේම ජායාරූප ලබාගෙන තියෙන්නෙ rasakama.wordpress.com බ්ලොග් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment