About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Bread Burfi - පාන් වලින් හදන බර්ෆි

බර්ෆි කියන්නෙ ඉන්දියානු කෑමක්. බර්ෆි හදන ක්‍රම ගොඩක් තියෙනවා. හැබැයි අද අපි හදන්න යන්නෙ ලේසිම ලේසි …
Bread Burfi - පාන් වලින් හදන බර්ෆි
බර්ෆි කියන්නෙ ඉන්දියානු කෑමක්. බර්ෆි හදන ක්‍රම ගොඩක් තියෙනවා. හැබැයි අද අපි හදන්න යන්නෙ ලේසිම ලේසි ක්‍රමයකට. ඒ කිව්වෙ අපි අද හදන්න යන්නෙ පාන් වලින්. හරිම ලේසියි හදන්න නම්..

අවශ්‍ය දේවල්:

  • පාන් කුඩු කෝප්ප 2 (සැන්ඩ්විච් පාන් පෙති 4-6ක් විතර ගන්න)
  • බටර් මේස හැදි 3
  • පිටි කිරි වලින් හදාගත්ත කිරි කෝප්ප 1
  • සීනී කෝප්ප 1
  • කුඩු කරගත්ත කජු කෝප්ප 1
  • පොඩි කරගත්ත එනසාල් තේ හැදි 1/4

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම පාන් පෙති ටික අරගෙන කෑලි වලට කපාගන්න ඕනෙ. මෙහෙම කරන්නෙ පාන් පෙති ටික බ්ලෙන්ඩ් කරන්න පහසු වෙන්න. මෙකෙම කපාගන්න කොට පාන් පෙති වල වටේ දාරේ අයින් කරගන්න ඕනෙ නැහැ.
  • හරි! ඊට පස්සෙ අපි මේ කපාගත්ත පාන් ටික බ්ලෙන්ඩර් එකකට හරි ග්‍රයින්ඩර් එකකට හරි දාලා හොදට කුඩු කරගන්න ඕනෙ. සැන්ඩ්විච් පාන්, එහෙමත් නැත්නම් පෙති පාන් ගන්න නිසා බයවෙන්න එපා. පාන් වල තෙත ගතිය චුට්ටක් තිබ්බට මොකෝ බ්ලෙන්ඩර් එකේ පාන් ඇලෙන්නෙ නැහැ බෙලෙන්ඩ් කරද්දි.
  • ඊට පස්සෙ මේ පාන් කුඩු ටික අරගෙන පෑන් එකකට/තාච්චියකට දාලා පොඩ්ඩක් බැදගන්න ඕනෙ. මේ වෙලාවෙදි ගින්දර මධ්‍යම ප්‍රමාණයට දාලා කලවම් කරන ගමන් මේ ටික බැදගන්න. මේ වැඩේට විනාඩි 5-6ක් විතර යනවා. පාන් කුඩු ටික බැදුනම පොඩි රන්වන් පාටක් වෙනවා.
  • ඊට පස්සෙ පෑන් එකේ තියෙද්දිම බැදගත්ත පාන් කුඩු වලට සීනී එකතු කරගෙන හොදට කලවම් කරගන්න. ටික වෙලාවකින් සීනි ටික දිය වෙලා දුඹුරු පාටට හැරිලා පාන් කුඩු එක්ක හොදට කලවම් වෙනවා. මේ වෙලාව වෙනකන්ම අපි දිගටම හැදි ගාන්න ඕනෙ. සීනි ටික දාලා ඉවර වෙලා කම්මැලි කමට නිකන් ඉන්නවා එහෙම නෙමෙයි ඔන්න! (සීනි ටික මෙහෙම දිය කරගන්න එකට අපි කියන්නෙ "සීනී කැරමල් කරනවා" කියලා. මෙහෙම කරද්දි සීනී ටික ගොඩක් කර කරගන්න නම් එපා.)
  • සීනි මේ විදියට කැරමල් වුනාට පස්සෙ ඒකට කිරි ටිකයි එනසාලුයි එකතු කරලා පාන් කුඩු සහිත මුලු මිශ්‍රණයම මෘදු මිශ්‍රණයක් වගේ වෙනකම් කලවම් කරගන්න. මේ වෙලාවෙදි ලිපේ ගින්දර ටිකක් අඩු කරගන්න.
  • ඊට පස්සෙ බටර් ටිකත් එකතු කරලා තවත් විනාඩියක් විතර ලිපේ තියලා හැදිගාගන්න.
  • මේක හරියට වැලි තලප මිශ්‍රණයක් වගේ තමා දැන් තියෙන්නෙ. ඊළගට අපි මේකට කුඩු කරගත්ත කජු ටිකත් එකතු කරලා කලවම් කරගන්න ඕනෙ.
  • දැන් බටර් ටිකක් ගාගත්ත ට්‍රේ එකකට මේ මිශ්‍රණය දාලා ටිකක් තුනී කරගන්න. මේක අතින් එහෙම තුනී කරගන්න යන්න එපා. රස්නෙයි! ස්පැටුලා එකක් වගේ පැතලි හැන්දක් පාවිච්චි කරන්න මේ වැඩේට.
  • ඊට පස්සෙ ටිකක් නිවෙනකම් තියලා කෑලි වලට කපාගන්න පුලුවන් ඔයාලට. එච්චරයි!

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නෙ අපි මේක හදන්න ගන්න දේවල් ටික.

පාන් පෙති ටික කුඩු කරලා හදාගත්ත පාන් කුඩු ටික පෑන් එකට දාලා බැදගන්න මේව් වගේ.

මේ සිනි ටිකත් දාගෙන කලවම් කරගත්තට පස්සෙ. සීනි ටික දිය වෙලා දුඹුරු පාටට හැරිලා පාන් කුඩු එක්ක හොදට කලවම් වෙලා තමයි මේ තියෙන්නෙ. මේ ගානට සීනි ටික දිය වුනහම (කැරමල් වුනහම) ඇති.

මේ කිරි ටික දාගෙන.

මේ වගේ බටර් ටික දාගන්න.

කුඩු කරගත්ත කජු ටිකත් දාගෙන දැන් හොදට කලවම් කරගන්න ඕනෙ.

බටර් ටිකක් ගාගත්ත ට්‍රේ එකකට හරි නැත්නම් මේ වගේ තැටියකට හරි දැන් මේ හදාගත්ත මිශ්‍රණය දාලා අපි තුනී කරගන්න ඕනෙ. තුනී කරගන්න වැඩෙට මේ වගේ ස්පැටුලා එකක් (පැතලි හැන්දක්) පාවිච්චි කරන්න පුලුවන් ඔයාලට. තුනී කරගත්තට පස්සෙ කෑලි කපාගන්න.

දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ. අමුත්තන්ට වගේ සංග්‍රහ කරන්න නම් මේවා හැදුවේ කෑලි උඩින් කජු මද වගේ තියලා පොඩ්ඩක් සරසා ගන්නත් අමතක කරන්න එපා..













මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ manjulaskitchen.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment