About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Fruit & Nut Milk Toffee - පළතුරු කෑලි දැමූ රසම රස කිරි ටොෆී

කිරි ටොෆි කියන්නෙ අපි හැමෝම කන්න කැමති කෑමක්නෙ. ඉතින් දැන් මේ කියලා දෙන්න යන්නෙ කිරි ටොෆි වලට පළතුර…
Fruit & Nut Milk Toffee - පළතුරු කෑලි දැමූ රසම රස කිරි ටොෆී
කිරි ටොෆි කියන්නෙ අපි හැමෝම කන්න කැමති කෑමක්නෙ. ඉතින් දැන් මේ කියලා දෙන්න යන්නෙ කිරි ටොෆි වලට පළතුරු කෑලි එහෙම එකතු කරලා රසම රසට කිරි ටොෆි හදාගන්නේ කොහොමද කියලා.. හදන්න නම් පොඩ්ඩක්වත් අමාරු නැහැ. ඒ වගේම කියන්න ඕනෙ සමාන්‍ය කිරි ටොෆි හදන්න දන්නෙ නැති කට්ටියට මේ විදිහට කිරි ටොෆි හදනකොට ලේසියෙන්ම සමාන්‍ය කිරි ටොෆි හදන්නෙ කොහොමද කියලත් නිකන්ම අල්ලා ගන්න පුලුවන්.

අවශ්‍ය දේවල්:
  • ලොකු උකුකල කිරි(Condensed milk) ටින් 1 (අපි මේක හදන්න ගත්තෙ "මිල්ක් මේඩ්")
  • සීනි ග්‍රෑම් 850
  • මාජරින් මේස හැදි 1
  • වැනිලා තේ හැදි 1
  • පොඩියට කපාගත්ත කජු, ව්යළි මිදි, රට ඉදි සහ පුහුල් දෝසි වගේ දේවල් (මේ සේරම ග්‍රෑම් 150ක් වගේ වෙන්න ගන්න ඕනෙ. ඔයාලා කැමති විදියට මේ පළතුරු ජාතිවල ප්‍රමාණ අඩු වැඩි කරගන්න. කන්න අකමැති දේවල් තියනවනම් කැමති දේවල් වලින් වැඩිපුර ටිකක් දාලා අකමැති දේවල් නොදා ඉන්නත් පුළුවන් ඔයාලට. ඔක්කොගෙම මුලු බර තමයි ග්‍රෑම් 150ක් වෙන්න ඕනෙ.)

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම මිල්ක් මේඩ් ටින් එක කඩලා එකෙ මිල්ක් මේඩ් ටික ටිකක් ගැඹුරු නොන්ස්ටික් (අඩිය ඇලෙන්නෙ නැති) භාජනයකට දාගන්න.
  • ඊළගට හිස් මිල්ක් මේඩ් ටින් එක ඇරන් ඒකෙ භාගයක් පිරෙන්න වතුර දාගෙන ඒ වතුර ටිකත් එකතු කර ගන්න කලින් භාජනයටම.
  • ඊට පස්සෙ සීනී ටිකත් ඒකට දාලා ටිකක් කලවම් කරගන්න. මේ වැඩේට මිට දිග ලී හැන්දක් වගේ තියේනම් ගොඩක් හොදයි. මොකද අපි මිශ්‍රණය ලිපේ තියලත් ගොඩක් වෙලා කලවම් කරගන්න ඕනෙ හින්දා දිග අලු ඇලුමිනියම් හැන්දක් එහෙම පාවිච්චි කරොත් අතට රස්නෙ එහෙම දැනෙන්න පටන් ගන්නවා ටික වෙලාවක් යද්දි. අනික ලී හැදි වලට මිශ්‍රණය ටික වෙලාවක් යද්දි ඇලෙන්න බලන්නෙත් නැහැ.
  • දැන් අපි මේ කිරි මිශ්‍රණය අඩු ගින්දරේ ලිපේ තියලා උණු කරගන්න ඕනෙ. කිරි ටික උණුවෙනකම් දිගටම මේක හැදි ගාන්න අමතක කරන්න එපා!
  • මේක මෙහෙම දිගටම හැදිගානකොට මිශ්‍රණය භාජනේ වටේ නොඇලෙන ගානට එනවා. ඒ කිව්වෙ මිශ්‍රණයේ දියාරු බව අඩු වෙලා භාජනය වටේ ඇලෙන්නෙ නැතුව මිශ්‍රණය එක ගුලියක් වගේ ඇලෙන මට්ටමට එනවා. අන්න ඒ වෙලාවට වැනිලා ටිකයි බටරුයි එකතු කරලා තව පොඩ්ඩක් කලවම් කරගන්න.
  • ඊළගට ලිප නිවාගෙන කපාගත්ත පළතුරු ටික එකතු කරගන්න.
  • දැන් බටර් ගාගත්ත ලී තැටියකට මේ මිශ්‍රනය දාලා ටිකක් ඝනකමට තුනී කරන්න. තුනී කරගන්න වැඩේ අතින්නම් කරන්න අමාරුයි. මොකද මේ මිශ්‍රණය රස්නෙයි වගේම අතේ ඇලෙන්නත් බලන හින්දා. ඔයාලට පුළුවන් කිරි පිටි පැකට් එකක ඇතුල් පැත්තෙ බටර් හරි තෙල් හරි ටිකක් ගාලා අරගෙන මේ වැඩේට ගන්න. ඒ කිව්වෙ කාර්ඩ්බෝඩ් පෙට්ටිය එහෙම නෙමේ. කාර්ඩ්බෝඩ් පෙට්ටිය ඇතුලෙ තියෙන පිටි තියෙන පොලිතින් පැකට් එකයි අපි ගන්නෙ. මේ පිටි කවර අනන් මනන් මොනවත් මේක හදන්න ඕනෙම දේවල් නෙමේ. ඔයාලට කොහොම හරි මිශ්‍රණය තුනී කරගන්න පුලුවන් නම් එච්චරයි.
  • ඊට පස්සෙ අන්තිමට අපි තුනී කරගත්ත මේ මිශ්‍රණය නිවෙන්නන්න හරින්න ඕනෙ. නිමුනට පස්සෙ කෑලි කපා ගන්න වැඩේ තමයි ඉතුරු. පිහියක් පාවිච්චි කරලා කෑලි ටික කපාගන්න පුලුවන් ඔයාලට. හදිස්සි වෙන්නෙ නැතුව ලස්සනට කෑලි ටික කපාගන්න ඕනෙ හොදේ..

පොටෝ ටිකත් බලන්නකෝ..

කජු, ව්යළි මිදි, රට ඉදි, පුහුල් දෝසි වගේ දේවල් ඔයාලට මේ කිරි ටොෆි එකට දාගන්න පුලුවන්. කල් තියාගන්න පුලුවන්, මේ වගේ කෑමකට ගැලපෙන තව ඔයාලා කැමති පළතුරු වර්ගත් දාගන්න පුලුවන් ඔයාලට ඕනෙනම්.

මිශ්‍රණය කලවම් කරගන්න වැඩේට මේ වගේ ලී හැන්දක් තිබුනොත් නම් ගොඩක් හොදයි.

තව ටික වෙලාවක් මිශ්‍රණය ලිපේ තිබ්බහම ඇති. ඊට පස්සෙ තියෙන්නෙ තුනී කරගන්න.

මිශ්‍රණය තුනී කරගත්තට පස්සෙ තියෙන්නෙ නිවෙන්න හැරලා කෑලි කපාගන්න එක. ඒකනම් එච්චර අමාරු වැඩක් නෙමේනෙ ඔයාලට. පිහියක් පාවිච්චි කරලා හදිස්සි වෙන්නෙ නැතුව කෑලි ටික ලස්සනට කපාගන්න.














wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment