මීට කලින් අපේ "ඉවුම් පිහුම්" ඇප් එකේ කූනිස්සෝ දාලා සම්බෝලයක් හදන විදිහත් කියලා දුන්නනෙ. ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ කූනිස්සෝ දාලා මැල්ලුමක් හදා ගන්න විදිහ.
අවශ්‍ය දේවල්:
අවශ්‍ය දේවල්:
- කූනිස්සෝ 250g
- ගා ගත් පොල් 150g
- ලියා ගත් රට ලූණු
- කහ කුඩු තේ හැදි 1/4
- මිරිස් කුඩු මේස හැදි 2
- වතුර
- ලුණු
- ගොරකා කැබලි 2
- කරපිංචා
- රම්පේ
සාදා ගන්නා ආකාරය:
- හොඳින් පිරිසිදු කර ගත් කූනිස්සො ගෙන එයට කහ, ගොරකා සහ වතුර දමා ලිප තබා තම්බා ගන්න.
- එය තැම්බී ගෙන එන විට එයට පොල් ටික, මිරිස් කුඩු, රම්පේ, කරපිංචා දමා ගන්න.
- දැන් මද වේලාවක් පිස ගෙන එයට ලියා ගත් රට ලූණු සහ රස අනුව ලුණු ද දමා ගෙන වතුර හොඳින් හිඳුනු පසු ලිපෙන් බා ගන්න.