About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Kale, Thibbatu Melluma - කේල්, තිබ්බටු මැල්ලුම

කේල් කියන්නෙ මොනවද කියලා අපේ "ඉවුම් පිහුම්" ඇප් එක කියවන පිටරටවල ඉන්න අය නම් දන්නවා ඇති. …
Kale, Thibbatu Melluma - කේල්, තිබ්බටු මැල්ලුම

කේල් කියන්නෙ මොනවද කියලා අපේ "ඉවුම් පිහුම්" ඇප් එක කියවන පිටරටවල ඉන්න අය නම් දන්නවා ඇති. Tuscan Kale, Curly Kale, Red Kale කියලා වර්ග කීපයක්ම තියෙනවා. ගොඩක් ගුණ කොළ වර්ගයක්, එළවළු වර්ගයක් තම යි කේල්. ඒත් නිතර යහමින් ආහාරයට ගන්න සුදුසු නැති බවත් අහලා තියෙනවා. විශේෂයෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටළු තියෙන අයට වගේ ම pregnant අයටත්. සාමාන්‍යයෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ අසාමාන්‍යයතා ඇති අයට ගෝවා, රාබු, නෝකෝල් වගේ එළවලු නිතර ආහාරයට නුසුදුසුයි. වැළකිලාම ඉන්න තරමට හොඳ යි කියලා තමයි මතය. ඉතින් කේල් කියන්නෙත් මම හිතන විදියට ගෝවා කුළයේ පැළෑටියක් වෙන්න ඕන. මොකද ලංකාවෙ මේ කේල් නමින් ම ගන්න නැති වුණත්, අතු ගෝවා මීට ගොඩක් ම සමාන එළවළුවක් වෙනවා. රස වගේ ම කොළයේ හැඩයෙනුත්. ඉතින් හරිම ලේසියි මේ මැල්ලුම හදාගන්න. මම සාමාන්‍යයෙන් මැල්ලුම් හදන විදියට වඩා වෙනස් විදියටයි මේ කේල් තිබ්බටු මැල්ලුම හැදුවෙ. මම මඤ්ඤොක්කා කොළ මැල්ලුම කන්න හරි ම ආසයි. ඒත් මම ඉන්න දිහැ මඤ්ඤොක්කා කොළ නෑ තාම හොයාගන්න. තිබ්බටු කළවම් කේල් මැල්ලුමට අදහසක් ගත්තෙ එහෙමයි. කේල් නොදන්න අයට දැනගන්නට් එක්ක යි පොඩි ඉත්තක් එකතු කළේ පොටෝ එකට. හදමු එහෙනම්.

අවශ්‍ය දේවල්:
  • සිහින්ව ලියාගත් කේල් අවශ්‍යය තරම්
  • තිබ්බටු මිටක් හෝ දෙකක්
  • ලියාගත් රතුළූණු
  • සිහින්ව ලියාගත් අමුමිරිස් කරලක්
  • ලියාගත් කරපිංචා කොළ ටිකක්
  • ගාගත් පොල් (මං ගන්නෙ desiccated coconut )
  • කහ ස්වල්පයක්
  • කැබලි කඩාගත් වියළි මිරිස්
  • අබ ඇට ටිකක්
  • රස අනුව ලුණු
  • පොල්තෙල්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම ළූණු, අමුමිරිස්, කරපිංචා, ලුණු ටිකක් එක්ක පොල්වලට කළවම් කරගෙන පොඩිකරලා අනාගන්න.
  • තෙල් ටිකක් ලිපේ තියලා කෑලි කඩාගත් වියළි මිරිස් එකතු කරන්න.
  • ඒ ටික බැදීගෙන එද්දි අබ ඇට ටික දාන්න.
  • මිරිස්, අබ බැදීගෙන එනකොට කහ ටිකක් එක්ක කොටාගත්ත තිබ්බටු ටිකත් පොල් මිශ්‍රණයට දාලා අබ, මිරිස් මිශ්‍රණයට එකතුකරගන්න.
  • හොඳින් සුවඳ දිදී මැළවෙනකොට කේල් ටික එකතුකරලා ගින්දර වැඩි කරන්න.
  • වැඩිවෙලා ගින්දරේ නොතියා කොළපාට වෙනස් වෙන්න කලින් ලිපෙන් අයින් කරන්න.
  • කැමති නම් නිවුණාට පසුව දෙහි ඇඹුල් ටිකක් එකතුකරන්න.

    මේ තියෙන්නෙ මම හදාගත්ත රසම රස කේල් තිබ්බටු මැල්ලුම

    රසම රසයි!

    මේ තියෙන්නෙ සුලබව දකින්න ලැබෙන කේල් වර්ග 3ක් (පොටෝ එක ගත්තෙ අන්තර්ජාලයෙන්)

     මේ තවත් කේල් වර්ග කිහිපයක් (පොටෝ එක ගත්තෙ අන්තර්ජාලයෙන්)







    ලිපිය ලිව්වේ: Kalhari Perera මහත්මිය. මේ වගේ වටිනා තොරතුරු ගොඩකුත් එක්කම විස්තර ලියපු ඇයට අපි හැමෝම ස්තූති වන්ත විය යුතුයි.
    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Article Tag
    Newer Posts
    Older Posts
    Comment