About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Kohlrabi Mellum - නෝකෝල් මැල්ලුම

නෝකෝල් මැල්ලුමක් හදමුද? බලන්නකෝ මම හැදුවේ කොහොමද කියලා. අවශ්‍ය දේවල්: නෝකෝල් ගෙඩි අබ සූදුරු ගම්මිරිස් ඉඟු…
Kohlrabi Mellum - නෝකෝල් මැල්ලුම
නෝකෝල් මැල්ලුමක් හදමුද? බලන්නකෝ මම හැදුවේ කොහොමද කියලා.
 
අවශ්‍ය දේවල්:
  • නෝකෝල් ගෙඩි
  • අබ
  • සූදුරු
  • ගම්මිරිස්
  • ඉඟුරු
  • සුදුළූණු
  • අමු මිරිස්
  • කහ
  • ලුනු (රස අනුව)
  • පොල්
  • කරපිංචා
  • මාදුරු
  • වියළි මිරිස් කරල්
  • ලියා ගත් ළූනු
  • තෙල්

සාදා ගන්නා ආකාරය:
  • නෝකෝල් පොතු හැර සෝදා පොඩි කොටු හැඩයට කපා ගන්න.
  • දැන් අබ, සූදුරු, ගම්මිරිස්, ඉඟුරු, සුදුළූණු, අමු මිරිස්, කහ, ලුනු සහ පොල් වංගෙඩියකට දමා කොටා ගන්න / බ්ලෙන්ඩර් කරන්න.
  • කොටා ගත්/ බ්ලෙන්ඩර් කර ගත් මිශ්‍රණය කපා ගත් නෝකෝල් වලට දමා හොඳින් කවලම් කර ගන්න.
  • දැන් පෑන් එකක් ලිප තබා එයට තෙල් දමා ගෙන තෙල් රත් වන විට එයට කරපිංචා, මාදුරු සහ වියළි මිරිස් කරල් 2 ක් පමණ එකතු කරන්න.
  • ඒවා බැදී ගෙන එන විට ලියා ගත් ළූනු බෑයකුත් එකතු කර කවලම් කරන්න.
  • ළූනු එක් කර විනාඩි 2-3 කින් පමණ නෝකෝල් මිශ්‍රණය ද එකතු කර හොඳින් කවලම් කර පියනකින් වසා මද ගින්නේ විනාඩි 15 -20 ක් පමණ තැම්බෙන්න හරින්න.

වැදගත්:
  • නෝකෝල් එක් කර තම්බා ගැනීමේදී කිහිප විටක් කලවම් කරන්න.
  • අඩිය ඇල්ලිය හැකි නිසා ඒ පිළිබදව සැළකිලිමත් වන්න.
  • නෝකෝල් තැම්බී මදි බවක් දැනේ නම් සහ අඩිය අල්ලන ගතිය වැඩි බවක් දැනේ නම් වතුර ටිකක් එක් කරන්න.







ලිපිය ලිව්වේ: Nilusha Dilrukshi මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment