About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Cauliflower - කොස් මැල්ලුමක් ආකාරයට ගෝවා මල් හදන්නේ මෙහෙමයි

මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලන්න ඕන ඊයේ දවසෙ ලාබාදුන්න "කොස් මැල්ලුමක් ආකාරයට ගෝවා මල් හදන්නේ මෙහ…
Cauliflower - කොස් මැල්ලුමක් ආකාරයට ගෝවා මල් හදන්නේ මෙහෙමයි
මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලන්න ඕන ඊයේ දවසෙ ලාබාදුන්න "කොස් මැල්ලුමක් ආකාරයට ගෝවා මල් හදන්නේ මෙහෙමයි" කියන ආහාර වට්ටෝරුව ගැන. ඒ වගේම ස්තූතිවන්ත වෙන්න ඕන ශබීරා මිතුරියට. ඇය තමයි ඊමේල් එකක් එව්වෙ ආහාර වට්ටෝරුවෙ වැරැද්දක් තියෙනවා කියලා. මට ඊයෙ ආහාර වට්ටෝරුව ලියනකොට ලිපි දෙකක් එකට මාරු වෙලානෙ. අවන්කවනම මට වැරැද්ද දැක්කහම තරු විසික් උනා මේ මොකක්ද දාලා තියෙන්නෙ කියලා. ලිපිය ඇතුලෙ තිබුනෙ පොල් සම්බෝලයක් හදාගන්න විදිහ. හැබැයි ඒ විදිහට හැදුවනම් රසම රස පොල් සම්බෝලයක්නම් හදාගන්න තිබුනා උම්බලකඩ එහෙමත් දාලා. හී... ඔන්න ආයෙමත් "කොස් මැල්ලුමක් ආකාරයට ගෝවා මල් හදන්නේ මෙහෙමයි" කියන ආහාර වට්ටෝරුව මේ විදිහට දානවා. මේකනම් හරි.
 
අවශ්‍ය දේවල්:
  • ලොකු ගෝවා මල් 1ක්

පොල් මැල්ලුම සාදා ගැනීමට අවශ්‍ය දේවල්:
  • සිහින්ව ගා ගත් පොල්
  • කහ ස්වල්පයක්
  • වියලි මිරිස් කරල් 2-3ක්
  • තලාගත් ගම්මිරිස් ඇට කිහිපයක්
  • සිහින්ව ලියා ගත් අමු මිරිස්, රතු ළුනු, සුදු ළුනු ටික බැගින්
  • රම්පෙ, කරපින්චා
  • ලුනු ස්වල්පයක්
  • තෙල් ස්වල්පයක්

සාදාගන්නා ආකාරය:
  • සෝදා ගත් ගෝවා මල ග්‍රේටර් එකකින් ගා ගන්න
  • ‍වලදකට තෙල් සුවල්පය එකතු කොට සිහින්ව ලියා ගත් අමු මිරිස්, රතු ළුනු, සුදු ළුනු ටික තෙම්පරාදු කර ගන්න.
  • එයට වියලි මිරිස් කරල් හා රම්පා, කරපින්චාද එකතු කරන්න.
  • සිහින්ව ගා ගත් පොල් ටිකට කහ, තලාගත් ගම්මිරිස් ඇට කිහිපයද, ලුනුද එක්කර කලවම් කරගෙන එයද තෙම්පරාදුවට එකතු කරන්න.
  • ග්‍රේට් කරගත් ගෝව මලද එයට එකතු කර, කූරු ගා මද ගින්නේ පිස ගන්න.
  • හරියටම කොස් මැල්ලුමක් වගේ. හරිම රසයි!
 මේ තියෙන්නෙ ගෝවා මල්

 මේ තියෙන්නෙ අපි දැන් කොස් මැල්ලුමක් විදිහට හදාගත්ත ගෝවා මල්.







ලිපිය ලබාගත්තේ gayananethmi.com වෙබ් අඩවියෙන්. විශේෂ ස්තූතිය මුලින්ම පලකල "කොස් මැල්ලුමක් ආකාරයට ගෝවා මල් හදන්නේ මෙහෙමයි" කියන ආහාර වට්ටෝරුවේ සිදුවූ වැරැද්ද පෙන්වා දුන් ශබීරා මිතුරිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment