About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Manioc Melluma - මයියොක්කා මැල්ලුම

කට්ටා කරවල හොද්දකුත් එක්ක මයියොක්කා කන්න කවුද අකමැති. හදමුද එහෙනම් මයියොක්කා මැල්ලුමක්. ඔන්න කරවල හ…
Manioc Melluma - මයියොක්කා මැල්ලුම
කට්ටා කරවල හොද්දකුත් එක්ක මයියොක්කා කන්න කවුද අකමැති. හදමුද එහෙනම් මයියොක්කා මැල්ලුමක්. ඔන්න කරවල හොද්ද නම් ඔයාලට හදාගන්න වෙනවා...

 
අවශ්‍ය දේවල්:
  • තම්බා කපා ගත් මයියොක්කා
  • ගා ගත් පොල් ටිකක්
  • ලුණු
  • කහ
  • අබ ඇට
  • ගම්මිරිස් ඇට
  • කපා ගත් ලූණු ටිකක්
  • කරපිංචා
  • සුදුලුනු
  • පොල් තෙල්

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම මයියොක්කා ටික ගොඩක්ම බේරි නොකර තම්බා ගන්න .
  • පසුව තම්බා ගත් මයියොක්කා වල වතුර ඉවත් කර, දිගැටි හැඩයට කපා ගන්න.
  • දැන් බේලෙන්ඩර් එකක් අරගෙන එයට ගා ගත් පොල් ටිකක්, රස අනුව ලුණු අවශ්‍ය ප්‍රමාණයට, කහ, අබ, ගම්මිරිස් ඇට, කපා ගත් ලූණු ටිකක්, කරපිංචා ටිකක්, සුදුලුනු ටිකක් දමා හොඳින් බ්ලෙන්ඩර්(blend) කර ගන්න.
  • අනතුරුව භාජනයක් ලිපේ තබා එයට තෙල් ටිකක් දමා රත් වු පසු අබ ඇට ටිකක් දමා ගන්න.
  • ටික වේලාවකට පසු එයට කපා ගත් ලූණු ටිකක් හා කරපිංචා කොළ ටිකක් දමා බැදෙන්නට හරින්න.
  • ඉන්පසු එයට කලින් බ්ලෙන්ඩර් කර ගත් පොල් ටික දමා මද වේලාවක් බැදෙන්නට හැර, අන්තිමට තම්බා කපා ගත් මයියොක්කා ටික දමා හොඳින් කලවම් කර ගන්න.
  • ටික වේලාවකින් මැල්ලුම ලිපෙන් බා ගන්න.




ලිපිය ලිව්වේ: Kanchana Joseph මහත්මිය.
මුල් ලිපිය අවශ්‍යනම් මෙතනින් බලන්න පුලුවන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment