About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Banana Mallum - කෙසෙල් ගෙඩි මැල්ලුම

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ කෙසෙල් ගෙඩි වලින් මැල්ලුමක් හදාගන්න විදිහ. වෙනසකටත් එක්ක හදලා බලන්නකෝ ඔ…
Banana Mallum - කෙසෙල් ගෙඩි මැල්ලුම
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ කෙසෙල් ගෙඩි වලින් මැල්ලුමක් හදාගන්න විදිහ. වෙනසකටත් එක්ක හදලා බලන්නකෝ ඔයාලත් එහෙනම්. 

අවශ්‍ය දේවල්: (මම මේ ප්‍රමාණ හිතේ සෝදිසියට ගත්තේ. ගැලපෙන විදියට දාන්න)
  • අමු කෙසෙල් 500g
  • පොල් 150g
  • අමුමිරිස්
  • බී ළුණු
  • සුදුළුණු
  • කරපිංචා
  • අබ ඇට ටිකක්
  • වියලි මිරිස් කරල් දෙක තුනක්
  • කහ කුඩු
  • ලුණු කුඩු
  • ගම්මිරිස් කුඩු
  • ගොරකා කෑල්ලක්
  • තෙල් චුට්ටක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම කෙසෙල් ගෙඩි සෝදා පොතු හැර පොඩි කොටුවට කැබලි කපා ගන්න. පොතු ටික සිහින්ව කපා ගන්න. සියල්ල භාජනයකට දමා වතුර බොහොම පොඩ්ඩක්, කහ, ලුණු ටිකක් හා ගොරකා කෑල්ල දමා වතුර හිඳෙන තෙක් තම්බා ගන්න.
  • මේ අතර බී ළුණු, සුදුළුණු, අමුමිරිස්, කරපිංචා, අබ, කහ, ලුණු, ගම්මිරිස් කුඩු, පොල් සියල්ල අඹරා මැල්ලුමක් හදා ගන්න (මම chopper එකට දාල ගත්තේ).
  • ඊට පස්සේ මැල්ලුම මලවගන්න පුළුවන් පැතලි භාජනයක් අරගෙන තෙල් චුට්ටක් දාල රත්වෙන්න තියන්න.
  • තෙල් ටිකට අබ ඇට ටිකක් දාල පුපුරනකොට වියලි මිරිස් කරල් ටිකත් කඩලා දාල බැදෙන්න හරින්න.
  • ඒකටම පොල් මල්ලුමත් දාලා මැලවෙන කොට තම්බපු කෙසෙල් ටිකත් දාලා හොඳට තෙත ගතිය යන තුරු කලවම් කරන්න. ඔන්න දැන් අපේ කෙසෙල් ගෙඩි මැල්ලුම හරි.
 
 මේ තියෙන්නේ මම හදපු මැල්ලුම. පෙනුම වගේම රසවත්.





ලිපිය ලිව්වේ: Udeni Liyana Arachchi මහත්මිය.
මුල් ලිපිය අවශ්‍යනම් මෙතනින් බලන්න පුලුවන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment