About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Rathu Thampala Melluma - රතු තම්පලා මැල්ලුම

අවශ්‍ය දෙවල්: රතු තම්පලා අවශ්‍ය ප්‍රමාණයට කපා ගත් ලුනු ටිකක් ගා ගත් පොල් ටිකක් රස අනුව ලුණු හා දෙහි ඉස්…
Rathu Thampala Melluma - රතු තම්පලා මැල්ලුම
අවශ්‍ය දෙවල්:
  • රතු තම්පලා අවශ්‍ය ප්‍රමාණයට
  • කපා ගත් ලුනු ටිකක්
  • ගා ගත් පොල් ටිකක්
  • රස අනුව ලුණු හා දෙහි ඉස්ම ටිකක්
  • කහ ටිකක්
  • වෙලිච්ච මිරිස් කරල් 2-3

සාදාගන්නා ආකාරය:
  • මුලින් තම්පලා ටික හොදින් සෝදා වතුර ගතිය හොදට යන්න තියන්න.
  • පසුව හිනියට කපා ගන්න.
  • දැන් භාජනයක් ලිපේ තියා එයට තෙල් ටික වෙන්න දමා, රත් වු පසු වෙලිච්ච මිරිස් කරල් ටික කඩා තෙලට දමා බැදෙන්නට හරින්න.
  • පසුව එකටම කපා ගත් ලුනු ටිකත් දමා බැදෙන්නට හරින්න.
  • පසුව එයට ලුණු චුට්ටක් හා කහ ටික දමා හොදින් කලවම් කරන්න.
  • දැන් එයට ගා ගත් පොල් ටික දමා ටික වේලාවක් බැදෙන්නට හැර, එයට හිනියට කපා ගත් රතු තම්පලා ටික දමා හොදින් කලවම් කරන්න.
  • පසුව මැල්ලුම ටික වේලාවක් ලිපේ තියා, ලිප නිවා දෙහි ඉස්ම එකතු කර, ලිපෙන් ඉවතට ගන්න.


wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment