About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Wild Eggplant Mallum - තිබ්බටු මැල්ලුම

තිබ්බටු, එහෙමත් නැත්නම් තිබ්බොටු මැල්ලුමක් හදන විදිහ තමයි ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ. මේ මැල්ලුමට …
Wild Eggplant Mallum - තිබ්බටු මැල්ලුම
තිබ්බටු, එහෙමත් නැත්නම් තිබ්බොටු මැල්ලුමක් හදන විදිහ තමයි ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ. මේ මැල්ලුමට කොච්චි  දාන්න පුලුවන්නම් තමයි ගොඩක්ම හොද. කොච්චි හොයාගන්න නැත්නම් අමු මිරිස් කරල් කිහිපයක් දාන්න. ඒ වගේම අන්තිමට බැද ගත්ත හාල්මැස්සෝ ටිකකුත් මේකට දාගන්න පුලුවන්නම් තවත් රසයි.

අවශ්‍ය දේවල්:
  • තිබ්බටු 250g
  • ගා ගත් පොල් කප් ¼ - ½ ක් පමණ
  • රතු ලූණු ගෙඩි 6 - 7ක් පමණ
  • කොච්චි කරල් 4 - 5ක් පමණ (අවශ්‍ය පරිදි අඩු වැඩි කර ගන්න.)
  • කපා ගත් තක්කාලි ගෙඩි ½ ක් පමණ
  • කහ කුඩු ස්වල්පයක්
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක් (කැමති නම් පමණක්)
  • රම්පේ
  • කරපිංචා
  • කුඩා ඉඟුරු කෑල්ලක්
  • සුදුලූණු බික් 1- 2ක්
  • ලුණු (රස අනුව)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම පොල් ටිකට රතු ලූණු ටිකයි, කොච්චි ටිකයි, ගම්මිරිස් ටිකයි , ඉඟුරු ටිකයි, සුදුලූණු ටිකයි දාලා ගලේ අඹර ගෙන පොඩ්ඩකට පැත්තකින් තියන්න.
  • පස්සේ තිබ්බටු වල නැටි අයින් කරලා සුද්ද කරන් හොදට හෝදලා ඇතිලියකට දාන්න. (ඕනේ නම් පොඩ්ඩක් තිබ්බටු ගෙඩිය පලා ගන්න පුළුවන්.)
  • දැන් ඒකටම කහ කුඩු, ලුණු (රස අනුව), රම්පේ, කරපිංචා, තක්කාලි සහ තැම්බෙන්න ඕන කරන ගානට වතුර ටිකක් දාලා ලිපේ තියන්න.(ගොඩක් වතුර දාන්න එපා, නැත්තම් තිබ්බටු බෙරි වේවි.)
  • ඊට පස්සේ තිබ්බටු තැම්බිලා වතුර හිදෙනකන්ම උයා ගන්න.
  • ඊළඟට ඒකටම කලින් අඹර ගත්ත පොල් මිශ්‍රණය දාලා හොදට කලවම් කරලා අඩු ගින්දරේ මලව ගන්න.
  • ඔන්න හදා ගෙන ඉවරයි, කලා බලන්න තමයි තියෙන්නේ.

වැදගත්:
  • කැමති නම් ගැඹුරු තෙලේ බැද ගත්ත හාල්මැස්සෝ ටිකක් අන්තිමට දා ගන්න පුළුවන්.
  • ඒ වගේම තම්බන කොට කූනිස්සෝ හරි උම්බලකඩ හරි දාලා තම්බලත් හදා ගන්න පුළුවන්.
  • තක්කාලි වලට අකමැති නම් තම්බන කොට ගොරක කෑල්ලක් දාලා තම්බ ගන්න. (නැත්තම් ඇඹුල් ජාති මුකුත් නොදා තම්බ ගෙන මලවලා ඉවර වෙලා අන්තිමට දෙහි යුෂ ටිකක් රස අනුව දා ගන්නත් පුළුවන්.)
  • මලවන කොට තෙල් ටිකකුත් දාලා මලව ගන්නවා නම් රස තව ටිකක් වැඩි කර ගන්න පුළුවන්.
  • කොච්චි වෙනුවට අමු මිරිස් කරල් ගන්නත් පුළුවන්.

 මේ තියෙන්නෙ අපි හැමෝම දන්න තිබ්බටු.

wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment