About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Parippu Melluma - පරිප්පු මැල්ලුම

දැන් කියලා දෙන්න යන්නේ පරිප්පු මැල්ලුමක් හදාගන්නේ කොහොමද කියලා. රසම රසයි. ඒ වගේම හොද බඩගිනි හැදෙන ස…
Parippu Melluma - පරිප්පු මැල්ලුම

දැන් කියලා දෙන්න යන්නේ පරිප්පු මැල්ලුමක් හදාගන්නේ කොහොමද කියලා. රසම රසයි. ඒ වගේම හොද බඩගිනි හැදෙන සුවදකුත් තියෙනවා.

අවශ්‍ය දේවල්:
  • අවශ්‍ය පමණ පරිප්පු
  • ගොරකා කෑල්ලක්

පොල් මැල්ලුම සදහා අවශ්‍ය දේවල්: (පරිප්පු වල ප්‍රමාණයට ගන්න)
  • පොල්
  • රතු ළූනු
  • සුදුළූණු
  • කරපිංචා කොළ
  • අමුමිරිස්
  • කුරුදු කෑල්ලක්
  • ගම්මිරිස් කුඩු රස අනුව
  • කහ කුඩු ටිකක්
  • අමු තුනපහ ටිකක්
  • ලුණු රස අනුව

තෙම්පරාදු කිරීමටඅවශ්‍ය දේවල්:
  • තෙල් ටිකක්
  • අබ ඇට ස්වල්පයක්
  • කරපිංචා ටිකක්
  • කෑලි මිරිස් ටිකක් හෝ වියළි මිරිස් කරල් කිහිපයක් කඩා

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම පරිප්පු වලට වතුර ස්වල්පයක් ( බෙරි නොවී තැම්බෙන ගානට පමණක් ) දමා ටිකක් ඇඹුල් ගතියක් එන්නට ගොරකා ඉතා පොඩි කෑල්ලක් එක්කර තම්බා ගන්න.
  • දැන් පරිප්පු තැම්බෙන තුරු පොල් මිශ්‍රණය සකසා ගන්න. මුලින්ම සියලුම ද්‍රව්‍ය හොදින් අඹරා එයට පොල් එක්කර අඹරා ගන්න.
  • පරිප්පු ටික තැම්බී වතුර සිදීගිය විට එයට පොල් මිශ්‍රණය එක්කර හොදින් මිශ්‍රකර ටික වේලාවක් පොල් මිශ්‍රණය පිසෙන තුරු පිසගන්න.
  • මේ අතර ලුණු බලාගන්න.
  • පසුව තෙල් ටිකක් ලිපතබා රත් වූ විට අබ දමා පුපුරන විට එයට කෑලි මිරිස් හෝ වියලි මිරිස් කරල්, කරපිංචා දමා බැද එය පරිප්පු හා මිශ්‍රකර ස්වල්ප වේලාවක් පිසගන්න.
  • මෙය පිසෙන විට සුවද හොදින් පැතිරෙනවා.


ලිපිය ලිව්වේ: නෙරන්ජලා ප්‍ර‍නාන්දු මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment