ගෝවා මැල්ලුම මේ විදිහට හදන්න කියලා දුන්නෙ මගෙ යාලුවෙක්. හදන්නත් ලේසි රසත් නියමයි.
අවශ්‍ය දේවල්:
අවශ්‍ය දේවල්:
- ගෝවා
- ලූනු
- සුදුලූනු
- අමු මිරිස්
- ගාගත් පොල්
- කහ ටිකක්
- රස අනුව ලුනු
- තෙල්
- අබ ටිකක්
සාදාගන්නා ආකාරය:
- ගෝවා සිහින්ව කපාගෙන සෝදා වතුර හොදින් ඉවතකරගන්න.
- ගෝවා එකට කපා ගත් ලූනු, සුදුලූනු, අමු මිරිස්, ගාගත් පොල්, කහ ටිකක් සහ රස අනුව ලුනු යොදා හොදින් මිශ්‍ර කරගන්න.
- භාජනයක් ලිපෙ තියලා තෙල් ස්වල්පයක් දාලා රත් වෙනකොට අබ ටිකක් දාගන්න.
- ඊලඟට ගෝවා ටික දාලා ටික වේලාවක් මලවාගන්න.
- දැන් කන්න තමයි තියෙන්නේ.
ලිපිය ලිව්වේ: Thilini Gayathri මහත්මිය.