About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Sesame Chikki - තල වලින් හදන රසම රස පැණි රස කෑමක්

තල වලින් හදන රසම රස පැණි රස කෑමක් තමයි හදන විදිහ තමයි දැන් මේ කියලා දෙන්න යන්නෙ. මේවට කියන්නෙ "…
Sesame Chikki - තල වලින් හදන රසම රස පැණි රස කෑමක්
තල වලින් හදන රසම රස පැණි රස කෑමක් තමයි හදන විදිහ තමයි දැන් මේ කියලා දෙන්න යන්නෙ. මේවට කියන්නෙ "Til chikki" කියලා. තලයි, හකුරුයි, බටරුයි විතරයි අපිට මේක හදන්න ඕන වෙන්නෙ. ඒ දේවල් හොයාගන්න ගොඩක් මහන්සි වෙන්න ඕනෙ නැති හින්දම ඔයාලට ලේසියෙන්ම මේවා ගෙදරදීම හදාගන්න පුලුවන්. හරි! බලමු එහෙනම් මේ Til Chikki; එහෙමත් නැත්නම් Sesame Chikki හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:

  • තල කෝප්ප 1
  • බටර් තේ හැදි 1
  • හකුරු කෝප්ප 1 (සීනී ගන්නත් පුළුවන්)

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම තුනී ලෑල්ලක් අරගෙන ඒකෙ බටර් ටිකක් ගාලා පැත්තකින් තියාගන්න.
  • දැන් තල ටික පෑන් එකකට(හෝ තාච්චියකට) දාලා අඩු ගින්දරේ පොඩ්ඩක් බැදගන්න.ඊළගට වෙන භාජනයකට බටර් ටික දාලා හකුරුත් දාලා හැදි ගාන ගමන් අඩු ගින්දරේ හකුරු ටික දිය වෙනකම් ලිපේ තියාගන්න. මේ හකුරු ටික දිය වුනාම ඝනකම් සිරප් එකක් වගේ තමා තියෙන්නෙ. දිගටම හැදි ගාන්න අමතක කරන්න එපා. ටික වෙලාවකින් මේ මිශ්‍රණයේ පාට වෙනස් වෙනවා. දැන් අපි මේ හකුරු මිශ්‍රණයේ පදම බලාගන්න ඕනෙ. ඒ කිව්වෙ මේක හරි ගානට දිය වෙලාද තව ලිපේ තියන්න ඕනෙද කියලා බලාගන්න ඕනෙ. ඒ වැඩේ මෙහෙම කරන්න, වතුර එකකට මේ හකුරු මිශ්‍රණයෙන් බිංදුවක් දැම්මම ඒක විසිරිලා යන්නෙ නැතුව එහෙම්මම ඒ දාපු බිංදුව ගල් වෙනවා නම් වැඩේ හරි. ඒක අතට අරන් බැලුවම හයියට තියෙන්න ඕනෙ. ඒ වගේම පොඩ්ඩක් තද කරලා කඩන්න බලන්න ඒක. ටකස් ගාලා කැඩෙනවානම් පදම හරි අපේ හකුරු මිශ්‍රණයේ.
  • එහෙම නැත්නම්, ඒ කිව්වෙ තවම පදම මදි වගේනම් හකුරු මිශ්‍රණය තවත් විනාඩියක් විතර ලිපේ තියාගන්න.
  • ඊට පස්සෙ ගින්දර ටිකක් අඩු කරලා බැදගත්ත තල ටික මේ මිශ්‍රණයට දාලා කලවම් කරගන්න.
  • ඊළගට මේක ඉක්මනටම කලවම් කරගෙන කලින් බටර් ගාලා හදාගත්ත තැටියට දාන්න. මේ වැඩේ ඉක්මනට කරන්න ඕනෙ. නැත්තම් හයි වෙන්න පුළුවන් මිශ්‍රණය.
  • ඊළගට බටර් ගාගත්ත රෝලින් පින් එකක් අරගෙන මේ මිශ්‍රනය ටිකක් තුනී කරගන්න. රෝලින් පින් එකක් වෙනුවට වීදුරු බෝතලයක් වුනත් ඔයාලට පාවිච්චි කරන්න පුලුවන්. කොහොම හරි ගානට තුනී කරගන්න එකයි කරගන්න ඕනෙ ඔයාලා.
  • ඊට පස්සෙ පොඩි කෑලි වලට කපාගෙන නිමෙන්න තියන්න.
  • නිමුනට පස්සෙ ඔයාලට කෑමට ගන්න පුලුවන්. හුලන් වදින්නෙ නැති වෙන්න බෝතලයකට වගේ අහුරගෙන පස්සෙ දවසක කන්න ගන්නත් පුළුවන්. හැබැයි ගොඩක් දවස් නම් තියාගන්න බැහැ.

පොටෝ ටිකත් බලන්නකෝ..
මුලින්ම තල ටික අඩු ගින්දරේ බැදගන්න ඕනෙ.

මේ වෙන භාජනයකට බටර් ටික දාලා ඒ ටික දිය වෙනකොට හකුරු ටික දාගන්න සූදානම් වෙලා.

මේ හකුරු ටික දියවෙන අතරතුර. අපි දිගටම මේ ම්ශ්‍රණය හැදිගාන්න ඕනෙ.

දැන් හකුරු මිශ්‍රණය හොදටම දිය වෙලා තියෙන්නෙ. තව ටිකකින් පාට වෙන්ස් වෙනවා මිශ්‍රණයේ.

මේ හකුරු මිශ්‍රණයේ පදම බලන ගමන්. වතුර එකට හකුරු මිශ්‍රණයෙන් බිංදුවක් දාලා ගල් වුනාට පස්සෙ අතට ඇරන් පොඩ්ඩක් ඒක තද කරලා කඩලා බලන්න.

හකුරු මිශ්‍රණයට බැදගත්ත තල ටික එකතු කරගන්න ගමන් මේ.

දැන් හොදට කලවම් කරගන්න ඕනෙ.

මේ බටර් ගාගත්ත රෝලින් පින් එකක් අරගෙන මිශ්‍රනය තුනී කරගන්න ගමන්.

මේ වගේ කෑලි වලට කපාගන්න අන්තිමට. ඊට පස්සෙ නිවෙන්න තියන්න.

මේ තියෙන්නෙ හදාගත්ත til chikki ටික අන්තිමට. නිමුනට පස්සෙ ඔයාලට කෑමට ගන්න පුලුවන්.














මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ hebbarskitchen.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment