About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Watalappam - හුමාලයෙන් තම්බලා වටලප්පම් හදන්නේ මෙහෙමයි.

ඔන්න අද ඔයාලට කියාලා දෙන්න යන්නෙ බිත්තරයි, සීනියි විතරක් පාවිච්චි කරලා බොහොම ලේසියෙන් වටලප්පම් හදන්…
Watalappam - හුමාලයෙන් තම්බලා වටලප්පම් හදන්නේ මෙහෙමයි.
ඔන්න අද ඔයාලට කියාලා දෙන්න යන්නෙ බිත්තරයි, සීනියි විතරක් පාවිච්චි කරලා බොහොම ලේසියෙන් වටලප්පම් හදන්නේ කොහොමද කියලා... ගොඩ කාලෙකට පස්සෙයි ඇප් එක පැත්තෙ ආවෙ. මේ ටිකේ දිගටම රෙසිපි දන්නම්කො, ඔයාලත් පුලු පුලුවන් වෙලාවට බලන්න. කැම හදන්නම ඕනෙ නැහැ, මොනවා හරි ඉගෙන ගන්න හරි පුලුවන්නෙ ඔයාලට. හරි, දැන් අපි මේ හදන්න යන වටලප්පම් එක අපි හුමාලයෙන් තම්බලයි හදන්න යන්නෙ, ඒ හින්දා ඔන්න ඔයාලා හැමෝටම මෙදා සැරේ වටලප්පම් හදන්න බැරි වෙන්නෙ නැහැ. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා....

අවශ්‍ය දේවල්:

  • බිත්තර 4යි
  • සීනි 250g 
(මේ දේවල් එකට එකේ අනුපාතයට ගන්න හොදේ.. ඒ කියන්නෙ බිත්තර 8යි නම් සීනි 250ක් විදිහට. බර මැනලම ගනන් පුලුවන් නම් හොදයි.)

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම සීනි වලින් ටිකක් කලු කරගන්න. ඒ කිව්වෙ මුලු සීනි ප්‍රමාණයෙන් 1/4 (හතරෙන් එකක්) වගේ ප්‍රමාණයක්. ඉතුරු සීනි ටික බෙලෙන්ඩ්ඩරයට දාලා කුඩු කරගන්න.
  • ඊට පස්සෙ පොල් අඩලක් (ඒ කියන්නෙ පොල් බෑයක්/ පොල් ගෙඩියෙන් භාගයක්) විතර ගාලා උකු කිරි ටික ගන්න. උකු කිරි කිව්වට පොඩ්ඩම පොඩ්ඩක් ඇරන් හරියන් නැහැ. ඒ හින්දා පලවෙනි පාරට කිරි ගොඩක් ආවෙ නැත්නම් තව පාරක් ගන්න.
  • බිත්තර ටිකත් බීටි කරගන්න හොදට. බීටරයක් නැත්නම් බෙලෙන්ඩ් කරගන්න පුලුවන් ඔයාලට.
  • දැන් කරදමුංග ඇට දෙකක්, කරාබු නැට්ටක්, කුරැදු පොතු චූටි කෑල්ලක් තලාගෙන පැත්තකින් තියාගන්න.
  • ඔන්න දැන් තමයි වැඩේ පටන් ගන්නෙ. දැන් පොල් කිරි ටිකට, කලු කරගත්ත සීනි ටිකයි, කුඩු කරගතිත සීනි ටිකයි, බිත්තරයි, අර තලාගත්ත දේවල් ටිකයි ඔක්කොම එකට දාලා හොදට දිය කරගන්න. ආ.. අමතකවුනා. ලුනු ටිකකුත් දාන්න ඕනෙ හොදේ..
  • දැන් අපි ඒ හදාගත්ත මිශ්‍රණය ඇලුමිනියම් භාජනයකට පෙරාගන්න ඕනෙ.
  • දැන් අන්තිමට පැය බාගයක්-විනාඩි 45ක් විතර හුමාලයෙන් තම්බා ගන්න විතරයි තියෙන්නෙ. පොඩි පොඩි කප් වල දාලා තම්බා ගන්නත් පුලුවන්. නැත්න්ම ලොකු එක භාජනයක දාලා එක තම්බාගන්නත් පුලුවන්.
  • එච්චරයි! දැන් අන්තිමට පිළිගන්වනකොට කජු මද ටිකක් එහෙම පොඩියට කෑලි වලට කපලා වටලප්පම් උඩින් ඉහගන්න පුලුවන් ඔයාලට. ඇයි තව කලු කරගත්ත සීනි පැණි ටිකකුත් උඩින් දාගත්තොත් තවත් රසයි වගේම ලස්සනයි.
බිත්තර බීට් කරගන්න කලින් (බ්ලෙන්ඩ් කරගන්න කලින්) බිත්තර වල තියෙන මෙන්න මේ සුදුපාට කෑල්ල අයින් කරගන්න. ඒක අයින් කරගත්තහම බිත්තර වලින් එන ගදෙන් 90%ක්ම අඩු කරගන්න පුලුවන්.

මේ වගේ ලොකු භාජනවල හරි, නැත්නම් තනි රාස්පානක හරි වටලප්පම් මිශ්‍රණය දාලා හුමාලයෙන් තම්බාගන්න පුලුවන් ඔයාලට.

එහෙම නැත්නම් මේ වගේ පොඩි පොඩි භාජන පාවිච්චි කරන්නත් පුලුවන් පවුලේ අයට එක එක ගානෙ දෙන්න. මේ තියෙන්නෙ හදාගත්තට පස්සෙ. කජු තියෙනවානම් කජු පොඩ්ඩකුත් දාගන්න අමතක කරන්න එපා..!












හදලා බලන්නකෝ එහෙනම් ඔයාලත්. මේ ලිපිය ලිව්වේ ෆේස්බුක් සමාජ ජාලයෙන් සමුවූ මිතුරියක්. ඇය නමින් එම්. එම්. කුමාරි. ඇය මේ විදිහට පසුගිය දවසක හදලා බලලා වැඩේ හරිගිය හින්දා තමයි ඔයාලටත් මේ විදිහට හදන්නේ කොහොමද කියලා කියලා දුන්නෙ. මමත් හදලා බැලුවා, කිසිම අවුලක් නැතුව මේ විදිහට හදන්න පුලුවන්. බොහොම ස්තූතියි නේද ඇයට! 
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment