About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Bitter Gourd - කරවිල පුරවා සකස් කරගන්න පුලුවන් තවත් එක විදිහක්!

කරවිල කීවම කට්ටියගෙ කටවලුත් ඇද වුනා නේද? හී හී.. කරවිල, කොහිල කියන නම් ඇහුනත් ඇති අපේ අය දුවනවනෙ :)…
Bitter Gourd - කරවිල පුරවා සකස් කරගන්න පුලුවන් තවත් එක විදිහක්!
කරවිල කීවම කට්ටියගෙ කටවලුත් ඇද වුනා නේද? හී හී.. කරවිල, කොහිල කියන නම් ඇහුනත් ඇති අපේ අය දුවනවනෙ :) කොහිල ගැන කොහොම වුනත් කරවිල නම් එපා වෙන්න ප්‍රධානම හේතුව අපේ අය කරවිල හදන විදිහ තමයි ඉතින්. සමහර අය උයපුවහම තිත්තම තිත්තයි. මීට කලින් කීප සැරයක්ම කරවිල තිත්ත නැතුව උයන්නේ කොහොමද කියලා කියලා දීලා තියෙන හින්දා ඔන්න දැන් නම් ඒ ගැන කියන්න යන්නෙ නැහැ. අද ඔන්න කියලා දෙන්න යන්නෙ ටිකක් වෙනස් විදිහකට රසම රසට කරවිල හදාගන්න පුලුවන් විදිහක් ගැන. මේක කරවිල පිරවුමක්. අපි අර මාළු මිරිස් පුරවලා එක පාරක් කෑමක් හැදුවා නේද? අන්න ඒ වගේමයි. හදන්න නම් පොඩ්ඩක්වත් අමාරු නැහැ. හරිම ලේසියි හදන්නත්. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:

  • පොඩි කරවිල ගෙඩි 4
  • ලුණු තේ හැදි 1
  • වතුර කෝප්ප 1

පිරවුමට අවශ්‍ය දේවල්,
  • පොල් තෙල් තේ හැදි 2
  • පොඩියට කපා ගත්ත ළුණු ගෙඩි 1
  • පොඩි කරගත්ත ඉගුරු සුදු ළුණු තේ හැදි 1
  • කහ තේ හැදි 1/2
  • කොත්තමල්ලි කුඩු තේ හැදි 1 1/2
  • මිරිස් කුඩු තේ හැදි 1
  • ලුණු පොඩ්ඩක්
  • සීනී තේ හැදි 1
  • ගරම් මසාලා පවුඩර් තේ හැදි 1/2 (මීට කලින් අපේ මේ ඉවුම් පිහුම් ඇප් එකේ මේවා ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා කියලා දීලා තියෙනවනෙ)
  • බැදීමට පොල් තෙල් මේස හැදි 3
  • ටූත් පික් 4

සාදාගන්නා ආකාරය:
මුලින්ම කරවිල ගෙඩි ටික සූදානම් කරගමු,

  • මුලින්ම කරවිල ටික අරගෙන ඒවගෙ පොතු ඇරගන්න ඕනෙ. ඒ කියන්නෙ වටේට තියන කටු කටු වගේ ටික පිහියකින් සූරලා දාන්න.
  • ඊට පස්සෙ කරවිල ගෙඩි වල එක පැත්තක් විතරක් දිග අතට පලා ගන්න. මෙහෙම පලාගන්නකොට කරවිල ගෙඩි ටික කෑලි දෙකකට සම්පූර්ණයෙන්ම වෙන් වෙන්නෙ නැති විදියට තමා පලාගන්න ඕනෙ. ඒ කිව්වෙ අපිට කරන්න ඕනෙ වෙලා තියෙන්නෙ කරවිල ගෙඩියෙ සිදුරක් හදලා ඇතුලෙ තියෙන ඒවා එලියට ඇරන් අපි හදාගන්න මිශ්‍රණයක් ඇතුලට දාලා සිදුර වහගන්න.
  • දැන් මේ කරවිල වල කපපු තැනින් අපිට පුළුවන් හැන්දක් පාවිච්චි කරලා ඇට ටික අයින් කර ගන්න.
  • ඊළගට මේ විදියට හදාගත්ත කරවිල ටික භාජනේකට දාලා ඒකට ලුණු තේ හැන්දක් දාලා කලවම් කරගෙන විනාඩි 30ක් විතර තියලා තියන්න. එතකොට කරවිල වල තියන තිත්ත ගතිය අඩු වෙනවා.
  • පැය භාගෙට පස්සෙ වතුර කෝප්පයක් දාලා මේ කරවිල ටික සෝදා ගන්න.
දැන් මේකෙ පිරවුම හදාගන්නයි යන්නෙ,
  • ඉස්සෙල්ලාම භාජනයක් ලිපේ තියලා තෙල් තේ හැන්දක් දාලා රත්කරගන්න.
  • ඊට පස්සෙ ඒකට ළුණු, ඉගුරු, සුදු ළුණු ටික එකතු කරන්න. කැමතිනම් අපිට මේකට කලින් කපාගත්ත කරවිල පොතු සහ ඇට ටිකත් එකතු කරන්න පුළුවන්.
  • ඊළගට මේකට කහ, ලුණු, කොත්තමල්ලි කුඩු, මිරිස් කුඩු දාලා අඩු ගින්දරේ පොඩ්ඩක් තෙම්පරාදු කරගන්න.
  • මේ ටික තෙම්පරාදු වුනාට පස්සෙ ගරම් මසාලා සහ සීනී දාලා කලවම් කරගන්න.
  • දැන් මේ මිශ්‍රණය හදාගත්තට පස්සෙ අපේ කරවිල ටික අරගෙන මේ මිශ්‍රණය දාලා කරවිල ටික පුරවගන්නයි ඕනෙ.
  • පුරවා ගත්තට පස්සෙ කරවිල ගෙඩියෙ තියෙන කැපුම වැහෙන්න ටූත් පික් එකක් ආධාරෙන් රදව ගන්න. නැත්තන් මිශ්‍රණය එළියට එන්න බලනවා.
  • දැන් තව භාජනයක් ලිපේ තියලා තෙල් මේස හැදි 3 දාලා රත් කරගන්න.
  • ඊට පස්සෙ රත් වුන තෙල් වලට හදාගත්ත කරවිල ටික දාලා බැදෙන්න තියන්න. කරවිල ටික දෙපැත්තම හොදට බැදගන්න අමතක කරන්න එපා ඔන්න.
  • ඊළගට මේ කරවිල භාජනේ පියනකින් වහලා අඩු ගින්දරේ විනාඩි 2ක් විතර ලිපේ තියා ගන්න.
  • විනාඩි 2ට පස්සෙ පියන ඇරල කරවිල ටික පොඩ්ඩක් කලවම් කරගෙන ආයෙත් පියන වහලා විනාඩි 5ක් විතර ලිපේ තියා ගන්න. මේ විදියට කරවිල වල දෙපැත්තම හොදට බැදගන්න.
  • අපි කලින් හදාගත්ත මසාලා මිශ්‍රණයේ ඉතුරු තියනවනම් මේ වෙලාවෙදි ඒ ටිකත් කරවිල වලට එකතු කරලා හෙමීට කලවම් කරගෙන පියන වහලා තවත් විනාඩි 2ක් විතර ලිපේ තියාගන්න.
  • ඔච්චරයි! ඔන්න දැන් හදලා ඉවරයි. දැන් ඉතිං කාලා බලන්න තමයි තියෙන්නෙ.

වැදගත්:
  • ගරම් මසාලා පවුඩර් හදාගන්නේ කොහොමද කියල මීට කලින් අපේ මේ ඉවුම් පිහුම් ඇප් එකේ කියලා දීලා තියෙනවනෙ. ඒ ලිපිය බලපු නැති කෙනෙක් ඉන්නවානම් ඇප් එකේ "අපි දැනගතයුතු දේවල්" කියන කොටසට පොඩ්ඩක් ගිහිල්ලා බලන්නකෝ.. "ගරම් මසාලා පවුඩර්" කියලා ලිපියක් ඇති. ගෙදරදී හදාගන්න එක කරදරයි වගේ නම් ඔයාලට මේ "ගරම් මසාලා පවුඩර්" සුපර් මාර්කට් වලින් ගන්නත් පුළුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ වගේ කරවිල වල වටේට තියන කටු කටු වගේ ටික පිහියකින් සූරලා දාන්න.

කරවිල ටික මේ වගේ පලාගෙන කරවිල වල ඇට ටික අයින් කරගන්න.

මේ විදියට හදාගත්ත කරවිල ටික භාජනේකට දාලා ඒකට ලුණු තේ හැන්දක් දාලා කලවම් කරගෙන විනාඩි 30ක් විතර තියලා තියන්න.

පැය භාගෙට පස්සෙ වතුර කෝප්පයක් දාලා මේ කරවිල ටික සෝදා ගන්න.

මේ පිරවුම හදාගන්න ගමන්.

මේ හදාගෙන ඉවර වුනාට පස්සෙ.

දැන් කරවිල ටික අරගෙන හදාගත්ත මිශ්‍රණය දාලා කරවිල ටික පුරවගන්නයි ඕනෙ.

පුරවා ගත්තට පස්සෙ කරවිල ගෙඩියෙ තියෙන කැපුම වැහෙන්න ටූත් පික් එකක් ආධාරෙන් රදව ගන්න.

මේ රත් වුන තෙල් වලට හදාගත්ත කරවිල ටික දාලා බැදගන්න ගමන්.

කරවිල වල දෙපැත්තම හොදට බැදගන්න.

අපි කලින් හදාගත්ත මසාලා මිශ්‍රණයේ ඉතුරු තියනවනම් මේ වෙලාවෙදි ඒ ටිකත් කරවිල වලට එකතු කරලා හෙමීට කලවම් කරගෙන පියන වහලා තවත් විනාඩි 2ක් විතර ලිපේ තියාගන්න.

එච්චරයි! මේ තියෙන්නෙ අපි පුරවා සකස් කරගත්ත කරවිල ටික අනතිමට. දැන් ඉතිං කෑමට ගන්න තමයි තියෙන්නෙ.














මේ ලිපිය ඉවුම් පිහුම් ඇප් එක වෙනුවෙන් සයුරි මිතුරිය විසින් සිංහලට කරපු පරිවර්තනයක්. එයා මුල් ලිපිය ලබාගෙන තියෙන්නෙ hebbarskitchen.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment