About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Avocado And Tomato Salad - අලිගැට පේර සහ තක්කාලි දැමු සැලඩ් එකක්

ටිකක් වෙනස් විදියෙ සැලඩ් එකක් හදාගන්න පුලුවන් විදිහක් ගැන තමයි ඔන්න අද කියලා දෙන්න යන්නෙ. එළවලු සලා…
Avocado And Tomato Salad - අලිගැට පේර සහ තක්කාලි දැමු සැලඩ් එකක්
ටිකක් වෙනස් විදියෙ සැලඩ් එකක් හදාගන්න පුලුවන් විදිහක් ගැන තමයි ඔන්න අද කියලා දෙන්න යන්නෙ. එළවලු සලාද හදනවා වගේම අපි පලතුරු සලාදත් හදනවනෙ. හැබැයි දැන් මේ යන්නෙ එළවළු පළතුරු දෙකම එකට දාලා සලාදයක් හදාගන්න. මේකට අපි ගන්නෙ අලිගැට පේර සහ තක්කාලි වගේ දේවල්. විශේෂ අවස්ථාවකට ඔයාලට මේක හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක ගොඩක් වර්ණවත් සලාදයක් නිසා ඇහැටත් ප්‍රියයි. එතකොට කන්නත් ආසා හිතෙනවනෙ. හරි! බලමු එහෙනම් හදාගන්නේ කොහොමද කියලා මේ සැලඩ් එක.

අවශ්‍ය දේවල්:

  • අලිගැට පේර ගෙඩි 1
  • තක්කාලි ගෙඩි 1
  • බී ළුණු ගෙඩි 1/2
  • දෙහි යුෂ ටිකක්
  • ලුණු පොඩ්ඩක්
  • පොඩියට කපාගත්ත පාස්ලි මේස හැදි 2

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම අලිගැට පේර ගෙඩිය අරගෙන පොත්ත අයින් කරලා කොටු හැඩයට කපාගන්න.
  • ඊට පස්සෙ තක්කාලි ගෙඩියත් අරගෙන පොඩි කොටු වගේ හැඩයට කපාගන්න, ඒ වගේම ළුණු ගෙඩියත් අරගෙන හීනියට කපාගන්න.
  • ඊළගට ටිකක් ලොකු භාජනයක් අරගෙන මේ සේරම ටික ඒකට දාන්න. පාස්ලි පොඩ්ඩක් ඉතුරු කරගෙන පස්ලි ටිකත් දාන්න.
  • ඒකට ලුණුයි, දෙහියිත් පොඩ්ඩක් දාගෙන සේරම ටික හොදට කලවම් කරගන්න ඕනෙ දැන්. ලුණුයි, දෙහියි දානකොට රස බලලා ඔයාලගේ රස අනුව දාගන්න.
  • දැන් අන්තිමට අර ඉතුරු කරගත්ත පාස්ලි ටිකත් උඩින් ඉහගන්න.
  • ඔච්චරයි! ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නෙ. කෑමට ගන්න කන් ෆ්‍රිජ් එකේ දාලා තියලා ගන්න. හැබැයි ෆ්‍රිජ් එකේ දාලා තියනකොට ලන්ච් ෂීට් එකකින් හරි මොකක් හරි එකකින් වහලා තියන්න අමතක කරන්න එපා හොදේ..

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නෙ අපිට මේ සැලඩ් එක හදන්න ඕනෙ වෙන දේවල්.

ඔක්කොම දේවල් ටික එකට දාලා හොදට කලවම් කරගන්න.

මේ එහෙම කලවම් කරගත්තට පස්සෙ.

දැන් ඉතින් කෑම මේසයට යවන්න තමයි තියෙන්නෙ.













මේ ලිපිය ඉවුම් පිහුම් ඇප් එක වෙනුවෙන් සයුරි මිතුරිය විසින් සිංහලට කරපු පරිවර්තනයක්. එයා මුල් ලිපිය ලබාගෙන තියෙන්නෙ tasty.co වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment