About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Tropical Yogurt Bark - යෝගට් වලින් හදන පොඩි කෑමක්

ඔන්න දැන් අද ඔයාලට කියලා දෙන්න යන්නෙ ටිකක් වෙනස් විදිහට අඹ, අන්නාසි වගේ පළතුරු දාලා යෝගට් වලින් රසම…
Tropical Yogurt Bark - යෝගට් වලින් හදන පොඩි කෑමක්
ඔන්න දැන් අද ඔයාලට කියලා දෙන්න යන්නෙ ටිකක් වෙනස් විදිහට අඹ, අන්නාසි වගේ පළතුරු දාලා යෝගට් වලින් රසම රස කෑමක් හදාගන්නේ කෝහොමද කියලා.. ටිකක් වෙනස් විදිහේ කෑමක් වුනත් හදන්න්න නම් හරිම ලෙසියි. හරි! බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:

  • කපාගත්ත අඹ කෝප්ප 1
  • කපාගත්ත අන්නාසි කෝප්ප 1
  • යෝගට් කෝප්ප 2 (ග්‍රෑම් 570)
  • ගාගත්ත පොල් ටිකක් සහ ගත්ත පළතුරු වලින් පොඩ්ඩක් අයින් කරන්න ලස්සන කරගන්න. තියෙනවානම් තව කිවිත් (පළතුරක්) පොඩි පොඩි කෑලි වලට කපාගෙන ගන්න.

සාදාගන්නා ආකාරය:
  • ඉස්සෙල්ලාම අන්නාසියි අඹයි බ්ලෙන්ඩර් එකට දාලා හොදට බ්ලෙන්ඩ් කරගන්න.
  • ඊට පස්සෙ යෝගට් ටිකත් දලා ආයෙත් බ්ලෙන්ඩ් කරගන්න.
  • ඊළගට ට්‍රේ එකක් අරගෙන ඒක ඇතුල් පැත්තට තෙල් කොළයක් දාගන්න.
  • දැන් හදාගත්ත මිශ්‍රණය ඒක උඩට දාගෙන තුනී කරගන්න.
  • අපි අර කලින් අයින් කරපු පළතුරු කෑලි තියනවා නේද? අන්න ඒ ටික අරගෙන මේ මිශ්‍රනය උඩින් තැනින් තැන තියාගන්න. ගාගත්ත පොල් ටිකත් මේක උඩින් ඉහගන්න.
  • ඊළගට පැය 6ක් විතර මේක අධි ශීතකරණයේ තියාගන්න. හදිස්සියක් නැත්තන් රැයක් පුරාවටම ෆ්‍රිජ් එකේ තියලා ගන්න පුලුවන්නම් ගොඩක් හොදයි.
  • ඊට පස්සෙ මේක අරගෙන පොඩි කෑලි වලට කඩාගන්න. මේක පිහියෙන් කපන්න එපා. අතින් කඩාගත්තම එක එක හැඩයට ආවම තමා මේක ලස්සන.
  • ඔන්න එහෙනම් අපේ වැඩ ඉවරයි. දැන් එහෙනම් කාලා බලමු රස කොහමද කියලා.

පොටෝ ටිකත් බලන්නකෝ..
අඹ, අන්නාසි ටික දාලා මේ වගේ බ්ලෙන්ඩ් කරගන්න.

යෝගට් ටිකත් දාලා බ්ලෙන්ඩ් කරගන්න.

මේ හදාගත්ත මිශ්‍රණය ට්‍රේ එකට දාගෙන තුනී කරගෙන.

මේ උඩින් පළතුරු කෑලි ටික දාගෙන. ඔය කොළ පාටට දාගෙන තියෙන්නෙ කිවි.

මේ තියෙන්නෙ කිවි.

මේ උඩින් ගාගත්ත පොල් ටික ඉහගන්න ගමන්.

මේ ශීතකරණයේ තියලා ගත්තට පස්සෙ.

ඊට පස්සෙ මේ වගේ පොඩි කෑලි වලට කඩාගන්න. මේක පිහියෙන් කපන්න එපා. අතින් කඩාගත්තම එක එක හැඩයට ආවම තමා මේක ලස්සන.

ඔන්න එහෙනම් අපේ වැඩ ඉවරයි. දැන් එහෙනම් කාලා බලමු රස කොහමද කියලා.















මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ tasty.co වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment