About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Breakfast Cookies - බ්‍රෙක්ෆස්ට් කුකීස්

දැන් මේ ඔයාලට කියලා දෙන්න යන්නෙ "බ්‍රෙක්ෆස්ට් කුකීස්" කියලා ඕට්ස් වලින් හදන්න පුලුවන් හරි…
Breakfast Cookies - බ්‍රෙක්ෆස්ට් කුකීස්
දැන් මේ ඔයාලට කියලා දෙන්න යන්නෙ "බ්‍රෙක්ෆස්ට් කුකීස්" කියලා ඕට්ස් වලින් හදන්න පුලුවන් හරිම ගුණදායක කුකීස් වර්ගයක් හදන්නේ කොහොමද කියලා.. කුකීස් එකක් කිව්වෙ බිස්කට් එකක් කියලා හිතා ගන්නකෝ. ඔට්ස් කියන්නෙ කොච්චර ගුණදායක කෑමක් වුනත් මෙලෝම රහක් තියෙන කෑමක් නෙමේ හින්දා මේක කෙසෙට් විතරක් දාලා හැදුවොත් නම් ඔයාලට කන්න අමාරු වෙයි. ඒ හින්දම තව මොනවා හරි දෙයක් ඔයාලට එකතු කරගන්න වෙනවා. ඒ වගේම මේකට "බ්‍රෙක්ෆස්ට් කුකීස්" කියලා කිව්වට මොකෝ ඔයාලට මේවා දවසෙ ඕනම වෙලාවක කෑමට ගන්න පුළුවන්. හදාගන්න ඕන වෙන්නෙත් ජාති 3ක් විතරයි හින්දම මේවා හදන්න නම් හරිම ලේසියි. පැය භාගයක් වගේ ඇතුලට හදන්නත් පුලුවන්.

අවශ්‍ය දේවල්:

  • ඕට්ස් ග්‍රෑම් 100
  • ඉදුණු කෙසෙක් ගෙඩි 2
  • ගාගත්ත පොල් කෝප්ප 1

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම අවන් එක 180°C උෂ්ණත්වයට රත් වෙන්න දාගෙන ඉන්න ඕනෙ අපි. අවන් එකට අන්තිමට අපි කුකීස් ටික දාලා බේක් කරගෙන ඉවර වෙන කන්ම අවන් එක එකම උෂ්ණත්වයෙන් රත් වෙවී තියෙන්න ඕනෙ. ඒ හින්දා "දැන් රත් වෙලා ඇති" කියලා අවන් එක කොයිම වෙලාවකවත් OFF කරන්න නම් එපා..!
  • ඊට පස්සෙ ටිකක් ලොකු භාජනයක් අරගෙන ඒකට ඕට්ස් ටික දාගන්න.
  • දැන් මේකට කෙසෙල් ගෙඩි දෙක දාලා හොදට කලවම් කරගන්න.අපිට මේකට ගෑරුප්පුවක් පාවිච්චි කරන්න පුළුවන්. ගෑරුප්පුවකින් අපිට කෙසෙල් ටික පොඩි කරගන්න ලේසියි.
  • ඊළගට මේකට පොල් ටිකත් දාලා කලවම් කරගන්න. පොල් වෙනුවට වෙන දෙයක් නම් ගත්තේ, ඒවා දාගන්න දැන්.
  • ඊළගට අවන් එකේ දාන්න පුළුවන් ට්‍රේ එකක් අරගෙන ඇතුල් පැත්තෙ බටර් ටිකක් ගාලා මේ හදාගත්ත කුකීස් මිශ්‍රණයෙන් කුකී(බිස්කට්) එකකට ඇතිවෙන ප්‍රමාණයක් හැන්දකින් ඇරන් ට්‍රේ එකේ තියලා කුකී(බිස්කට්) එකක් වගේ තුනී කරගන්න. ගොඩාක් තුනී කරොත් රොටියක් වගේ වෙනවනෙ, ඒ හින්දා පොඩ්ඩක් තුනී කරගත්තම ඇති. මේ විදිහට මිශ්‍රණය ඉවර වෙනකන් මිශ්‍රණයෙන් ටික ටික ඇරන් ට්‍රේ එකේ තියාගෙන තුනී කරගන්න.
  • දැන් මේ ට්‍රේ එක අපි කලින් රත් වෙන්න තියපු අවන් එකේ විනාඩි 12ක් විතර බේක් කරගන්න ඕනෙ. එච්චරයි!
  • බේක් වෙලා ඉවර වෙලා නිවුනට පස්සෙ ඔයාලට කෑමට ගන්න පුලුවන්.

වැදගත්:
  • පොල් වෙනුවට අපිට වියළි මිදි, කජු, පීනට් බටර්, චොකලට චිප්ස් වගේ දෙයක් වුනත් පාවිච්චි කරන්න පුළුවන්.
  • ඕට්ස් ඔයාලා සුපර් මාර්කට් වලින් ගන්න පුළුවන්.
  • කෙසෙක් ගන්නකොට ඔයාලට ඕනම කෙසෙල් ජාතියක් මේකට පාවිච්චි කරන්න පුළුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ..
කෙසෙක් ගන්නකොට මේ වගේ ඔයාලා කැමති ඕනම, හැබැයි ඉදුණු කෙසෙල් වර්ගයක් පාවිච්චි කරන්න.

හදාගත්ත කුකී මිශ්‍රණයට ඊට පස්සෙ මේ වගේ ඔයාලා කැමති ඕනම දෙයක් එකතු කරගන්න පුලුවන්.

මේ තියෙන්නෙ බේක් කරගත්තට පස්සෙ. මේකට දාගෙන තියෙන්නෙ චොකලට චිප්ස්. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.
















මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ tasty.co වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment