About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Soya Meat Mallum - සෝයා මීට් මැල්ලුම

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ටිකක් අමුතු කෑමක් හදන විදිහ. අපි වෙනදට උයලා, ඩෙවල් දාලා හදන සෝයා මීට් ව…
Soya Meat Mallum - සෝයා මීට් මැල්ලුම
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ටිකක් අමුතු කෑමක් හදන විදිහ. අපි වෙනදට උයලා, ඩෙවල් දාලා හදන සෝයා මීට් වලින් මැල්ලුමක් හදාගන්න විදිහ තමයි ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ. මේකට අපි කූනිස්සො එහෙම දාලා තමයි හදන්නෙ. හරිම රසයි! හැමදාම සෝයා මිට් එකම විදිහට හදලා කන එකේ මේ විදිහට එකපාරක් හදලා බලන්නකෝ..
 
අවශ්‍ය දේවල්:
  • සෝයා මීට් 300g
  • කූනිස්සෝ 50g (සෝදා පිරිසිදු කර ගෙන වතුර මිරිකා ගන්න.)
  • සිහින්ව ලියා ගත් තක්කාලි ගෙඩි ½ - 1ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • ගා ගත් පොල් 75g - 100g
  • සිහින්ව ලියා ගත් රතු ලූණු ගෙඩි 5 - 7ක් පමණ
  • සුදුලූණු බික් 3 - 4ක්
  • රම්පේ
  • කරපිංචා
  • කුඩා කුරුඳු පොතු කෑල්ලක්
  • කුඩා ඉඟුරු කැබැල්ලක්
  • කහ කුඩු ස්වල්පයක්
  • අබ තේ හැදි ¼ - ½ ක් පමණ
  • අමු මිරිස් කරල් 2 - 3ක්
  • කෑලි මිරිස් තේ හැදි ½ ක් පමණ (කැමති නම් පමනක්)
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක් (රස අනුව)
  • ලුණු (රස අනුව)
  • පොල් තෙල් මේස හැදි 2 - 3ක්

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම සෝයා මීට් ටික ග්‍රයින්ඩරයකින් යන්තමින් කෑලි සිටින සේ කුඩු කර ගන්න.
  • පසුව ගා ත් පොල්, සුදුලූණු, ඉඟුරු, අබ හා අමු මිරිස් එකට දමා ගලේ අඹරා ගන්න. (නැත්තම් බ්ලෙන්ඩර් කර ගන්න.)
  • ඉන් පසුව කුඩු කර ගත් සෝයා මීට් ටික විනාඩි 5 - 8ක් පමණ වාෂ්පයෙන් තම්බා ගන්න. (ඕනාවට වඩා ස්ටීම් කරන්න යන්න එපා.)
  • දැන් සුදුසු භාජනයක් ලිප තබා එයට තෙල් ටික දා ගන්න.
  • තෙල් රත් වී ගෙන එන විට එයට රම්පේ, කරපිංචා, කුරුඳු පොතු කෑල්ල සහ රතු ලූණු එක් කර යන්තමින් තෙම්පරාදු කර ගන්න.
  • එයටම කූනිස්සෝ ටික, තක්කාලි සහ කහ කුඩු දමා ගෙන තෙම්පරාදු කර ගන්න. (කෑලි මිරිස් එකතු කරනවා නම් මෙයටම එක් කරන්න.)
  • ඊළඟට සෝයා මීට් ටික හා අඹරා ගත් මිශ්‍රණය එකතු කරන්න.
  • එයටම රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු දා ගෙන කලවම් කරන්න.
  • ඉන් පසුව මිශ්‍රණය හොඳින් මලවා ගෙන ලිපෙන් බා ගෙන උණුවෙන්ම රස විදින්න.

වැදගත්:
  • කූනිස්සන් වෙනුවට උම්බලකඩ ටිකක් එක් කර ගන්න පුළුවන්.

 අපි හැමෝම දන්න සෝයා මීට්

wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment