About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Manioc Leaves - පෝෂණ ගුණයෙන් පිරි මඤ්ඤොක්කා කොල මැල්ලුමක්!

අපේ ඉවුම් පිහුම් කට්ටියට මතක ඇති නේද එදා අපිට "වෙරළු අච්චාරු" හදන විදිහ කියලා දුන්න අපේ ජ…
Manioc Leaves - පෝෂණ ගුණයෙන් පිරි මඤ්ඤොක්කා කොල මැල්ලුමක්!
අපේ ඉවුම් පිහුම් කට්ටියට මතක ඇති නේද එදා අපිට "වෙරළු අච්චාරු" හදන විදිහ කියලා දුන්න අපේ ජනනි මිතුරියව? ඉතින් ඔන්න අද අපේ මිතුරිය ඔයාලව හම්බවෙන්න ආයෙමත් ඇවිල්ලා තවත් අලුත් කෑමක් හදන විදිහ අරගෙන. මෙදා සැරේ එයා අපිට කියලා දෙන්න යන්නෙ පෝෂණ ගුණයෙන් පිරි "මඤ්ඤොක්කා කොල මැල්ලුමක්" හදන්නේ කොහොමද කියලා. මඤ්ඤොක්කා කොල මැල්ලුම් ගොඩක් වෙලාවට අපේ යාලුවෝ කාලා නැතුව ඇති. මේකට එයා මඤ්ඤොක්කා කොල විතරක් නෙමේ තව ගොඩක් දේවල් එකතු කරගෙන තියෙනවා. තවත් විදිහකට කියනවානම් මේක ඔයාලට නිතර කෑමට නොලැබෙන පෝෂණ ගුණ බහුල දේවල් කිහිපයක එකතුවක්. හරි! බලන්නකෝ එහෙනම් ජනනි මිතුරියගේ වචන වලින්ම මේ මඤ්ඤොක්කා කොල මැල්ලුම හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:

  • ළපටි මඤ්ඤොක්කා කොල
  • තිත්බටු ගෙඩි කිහිපයක්
  • කොස් ඇට කිහිපයක්
  • ගාගත් පොල්
  • රතු ළූණු
  • අමු මිරිස් හෝ කොච්චි මිරිස්
  • ලුණු
  • කහ කුඩු
  • ගොරකා මදුලක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම මඤ්ඤොක්කා කොල තරමක් කැබලිවලට ලියාගන්න. තිත්බටු දෙකට කපා, කොස් ඇට සිහින්ව ලියාගන්න. ඒ වගේම ළූණු ටිකත් ලියාගන්න.
  • දැන් බදුනක් ගෙන එයට ලියාගත් කොස් ඇට, ලියාගත් ළූණු, මිරිස්, කපාපු තිත්බටු, කහ කුඩු ස්වල්පයක්, රස අනුව ලුණු, ගොරකා මදුලක් දමා වතුර ටිකක් දමා තම්බාගන්න.
  • වතුර යන්තමින් ඇති විට ගොරකා මදුල ඉවත්කර ගාගත් පොල් එකතුකර පොල් තැම්බෙන විට එයට කපාගත් මඤ්ඤොක්කා කොල එකතුකර මලවාගන්න.
  • එච්චරයි! ඊට පස්සෙ ඔයාලට මේ හදාගත්ත මඤ්ඤොක්කා කොල කෑමට ගන්න පුලුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නෙ මඤ්ඤොක්කා කොල. මේක හදන්න අපි ගන්න ඕනෙ ළපටි මඤ්ඤොක්කා කොල.

මුලින්ම මඤ්ඤොක්කා කොල තරමක් කැබලිවලට ලියාගන්න ඕනෙ.

මේ තියෙන්නෙ තිත්බටුයි කොස් ඇට කිහිපයකුයි.

මේ කොස් ඇට, ළූණු, කොච්චි, තිත්බටු, කහ කුඩු, ලුණු, ගොරකා කියන දේවල් ටික දාගත්තට පස්සෙ ඒකට වතුර ටිකක් දාගෙන.

මේ ඒ ටික තැම්බෙනකොට.

මේ ගාගත්ත පොල් ටික එකතුකරගන්න කොට.

පොල් ටික තැම්බෙන කොට අපි ඒකට කපාගත්ත මඤ්ඤොක්කා කොල ටික එකතුකරගෙන මලවාගන්න ඕනෙ.

මේ හදාගත්ත මඤ්ඤොක්කා කොල මැල්ලුම අන්තිමට. දැන් ඉතින් කෑමට එකතු කරගන්න තමයි තියෙන්නෙ.















ලිපිය ලිව්වේ ජනනි ජීවන්ති මිතුරිය. ජනනි මිතුරියට බොහොම ස්තූතියි නේද මඤ්ඤොක්කා කොල මැල්ලුමක් හදන විදිහ අපිට කියලා දුන්නට? බොහොම ස්තූතියි ජනනි!
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment