About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Drumstick Leaves Egg Mallum - මුරුංගා කොළ බිත්තර මැල්ලුම

ඔන්න දැන් කියලා දෙන්න යන්නේ මුරුංගා කොළයි බිත්තරයි එකට දාලා මැල්ලුමක් හදාගන්න විදිහ. අද එහෙනම් වැඩි…
Drumstick Leaves Egg Mallum - මුරුංගා කොළ බිත්තර මැල්ලුම
ඔන්න දැන් කියලා දෙන්න යන්නේ මුරුංගා කොළයි බිත්තරයි එකට දාලා මැල්ලුමක් හදාගන්න විදිහ. අද එහෙනම් වැඩි කතා නැතුව බලමුකෝ මේක හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • මුරුංගා කොළ 100g
  • ලියා ගත් රට ලූණු ගෙඩි 1/2ක්
  • ගා ගත් පොල් මිටක් පමණ
  • චොප් කර ගත් සුදුලූණු බික් 1 - 2ක්
  • කපා ගත් අමු මිරිස් කරල් 2 - 3ක් (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • බිත්තර 1
  • ලුණු (රස අනුව)
  • ගම්මිරිස් කුඩු (රස අනුව)
  • අබ ඇට ස්වල්පයක්
  • තෙල් ටිකක්

සාදා ගන්නා ආකාරය :
  • මුලින්ම භාජනයකට තෙල් ටිකක් දාලා ලිපේ තියලා රත් වෙන්න දෙන්න.
  • තෙල් රත් වුණාට පස්සේ අබ ඇට ටික දා ගෙන අබ පුපුරන්න අරින්න.
  • පස්සේ රට ලූණුයි, අමු මිරිසුයි, සුදුලූණුයි දා ගෙන යන්තමින් තෙම්පරාදු කර ගන්න.
  • ඊට පස්සේ ලිපේ ගින්දර හොදටම අඩු කරලා ඒකටම මුරුංගා කොළ ටිකත් එකතු කරන් සැරින් සැරේ කූරු ගාන ගමන් ටිකක් මලව ගන්න.
  • ඊළඟට ඒකටම පොල් ටිකත් මිශ්‍ර කරන් කුරු ගාන ගමන් මැලවෙන්න අරින්න.
  • ඒ අතරතුරේ බිත්තරය කඩලා භාජ්නයකට දාලා ලුණු ටිකකුයි, ගම්මිරිස් කුඩු ටිකකුයි දා ගෙන යන්තමින් හැන්දකින් ගසා ගන්න ඕනේ.
  • පොල් ටික ගානට මැලවුණාට පස්සේ ඒකටම ගසා ගත්ත බිත්තරේ එකතු කරන් හොදට කලවම් කර ගන්න.
  • අන්තිමට අවශ්‍ය ගානට රස අනුව ලුණු මිශ්‍ර කරලා බිත්තර ඝන වෙලා තෙත ගතිය නැති වෙනකන් හොදට හැදි ගාන ගමන් මලව ගෙන ලිපෙන් බාන්න.

වැදගත්:
  • කැමති නම් පොල් එකතු කර ගන්නේ නැතුව වුණත් මෙහෙම මුරුංගා කොළ හදා ගන්න පුළුවන්.
  • ඒ වගේම කැමති නම් අන්තිමට කෑලි මිරිස් ටිකකුත් එකතු කරන්න පුළුවන්.
 මේ තියෙන්නෙ හැදුවට පස්සෙ. දැන් ඉතින් කෑමට ගන්න පුලුවන්.
















මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ coffeewithanu බ්ලොග් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment