About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Breadfruit Mallum - දෙල් මැල්ලුම

ඔයාලා වගේම අපේ මේ ඉවුම් පිහුම් ඇප් එක පාවිච්චි කරන ෆාතිමා රිස්නා මිතුරිය, ඔන්න අපිට එවලා තියෙනවා එය…
Breadfruit Mallum - දෙල් මැල්ලුම
ඔයාලා වගේම අපේ මේ ඉවුම් පිහුම් ඇප් එක පාවිච්චි කරන ෆාතිමා රිස්නා මිතුරිය, ඔන්න අපිට එවලා තියෙනවා එයාලගේ ගෙදර "දෙල් මැල්ලුම" හදන්නේ කොහොමද කියලා.. ඔන්න අපේ ඉවුම් පිහුම් ඇප් එකේ මුල් කාලේ ඉදන්ම ඉන්න යාලුවොන්ට නම් එයාව මතක ඇති. ඇය මීට කලිනුත් එක එක කෑම වර්ග හදන විදිහ අපිට කියලා දීලා තියෙනවානේ.. ෆාතිමා නංගිගේ කරුණු වලට අමතරව ඔන්න අපිත් චූටි චූටි කරුණු ටිකක් එකතු කලා ලිපියට. බලන්නකෝ එහෙනම් මේ දෙල් මැල්ලුම හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • දෙල් (දෙල් වෙනුවට කොස් ගන්නත් පුළුවන්)
  • රතු ලූණු
  • අමු මිරිස් කරල් 2
  • කරපිංචා
  • සුදුලුණු බික් 3
  • ඉඟුරු පොඩි කෑල්ලක්
  • ගා ගත් පොල් ටිකක්
  • අබ ඇට ස්වල්පයක්
  • සුදුරු ඇට ස්වල්පයක්
  • ගම්මිරිස් කුඩු හෝ ඇට ස්වල්පයක්
  • ලුණු (රස අනුව)
  • කහ කුඩු ස්වල්පයක්

සාදා ගන්නා ආකාරය:
  • දෙල් ටික කපලා සෝදලා වතුර බේරෙන්න හරින්න.
  • වංගෙඩියට සුදුරු, අබ, ගම්මිරිස් දාමා කුඩු වෙනකන් කොටා ගන්න.
  • එයටම ලූණු, අමු මිරිස්, සුදුලුණු, ඉඟුරු, කරපිංචා දාමා නැවතත් කෑලි නැති වෙන්න කොටන්න.
  • පස්සේ පොල් හා කහ කුඩු දමා කලින් කොටපු මිශ්‍රණය සමග පොල් ටික මිශ්‍ර වෙනකං කොටන්න.
  • ඇතිලියට දෙල් ටික දාලා අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කර ලිපේ තියලා එයටම ලූණුයි, පොල් මිශ්‍රණයයි එකතු කරන්න. (දෙල් ටික උඩ වැහෙන විදියට මිශ්‍රණය දා ගන්න, පස්සේ මුඩියකින් වහලා තියන්න.)
  • තැම්බුනාට පස්සෙ ටිකක් කුරු ගා ගන්න ඕනේ.
  • දෙල් ටික ගානට තැම්බුනාට පස්සෙ ලිප off කරන්න.

වැදගත්:
  • වතුර හොදට බේරෙන්න තියා ගන්න, නැත්තන් බෙරි වෙන්න පුළුවන්.
  • කරපිංචා ගොඩක් දාන්න එපා, දැම්මොත් කොළ පැහැය වැඩි වෙන්න පුළුවන්.
  • දෙල් වෙනුවට කොස් වලින් වුණත් මෙහෙම හදා ගන්න පුළුවන්.
  • අබ, සුදුරු ඇට, ගම්මිරිස් ඇට, වංගෙඩියට දාලා කොටා ගත්තට පස්සේ ඒකටම ලූණු, සුදුලුණු, අමු මිරිස්, කරපිංචා, ඉඟුරු දාලා හොදට කොටා ගෙන ඒකටම පොල්, කහ දාලා කොටාගන්න ඕනේ.

ඔන්න අපෙනුත් පොඩි දේවල් ටිකක්:
  • දෙල් ටික කපපු ගමන් වතුරට දා ගන්න ඕනේ, නැත්තම් කහට පිපෙන්න අරන් දෙල් දුඹුරු පාටට හැරේවි. (දෙල් ටික ලිපේ තියන්න කලින් වතුර පෙරලා අයින් කරන් විනාඩි 10ක් වගේ වතුර බේරෙන්න තියා ගන්න. නැත්තම් පොඩි කිචන් ටවල්- Kitchen towel එකකින් තෙත මාත්තු කර ගන්න පුළුවන්.)
  • ඒ වගේම දෙල් ලිපේ තියා ගන්න කොට අවශ්‍ය නම් දෙල් තැම්බෙන්න ඕනේ කරන ගානට වතුර පොඩ්ඩක් එකතු කරන්න. (වතුර වැඩි වුණොත් දෙල් ටික බෙරි වෙන්න පුළුවන් නිසා පරිස්සමින්, වතුර අඬු කෝප්ප ¼ - ½ ක් වගේ ඇති.)
  • ඒ වගේම කැමති නම් වංගෙඩියේ කොටන මිශ්‍රණයට පොඩි කුරුඳු පොතු කෑල්ලකුත් දා ගන්න පුළුවන්. (එතකොට රස වගේම සුවදත් වැඩියි.)
  • සූදුරු රසට අකමැති නම් සූදුරු ඇට එකතු කර ගන්නේ නැතුව හදා ගන්නත් පුළුවන්.

 මේ විදියට තමයි දෙල් ටික කපා ගන්න ඕනේ.

 ඔය ඔක්කොම දේවල් කරලා හදාගත්ත දෙල් මැල්ලුමක් තමයි මේ තියෙන්නෙ.














ලිපිය ලිව්වේ ෆාතිමා රිස්නා මිතුරිය. අපේ ඉවුම් පිහුම් යාලුවොන්ට කියලා දෙන්න කියලා ඇය එවපු ආහාර වට්ටෝරු තව ගොඩාරියක් තියෙනවා. ඒ ටිකත් ඉක්මනටම දාන්නම්කෝ.. ඉතින් අපිට මේ විදිහට රසම රස දෙල් මැල්ලුමක් හදාගන්න විදිහ කියලා දුන්න අපේ ෆාතිමා මිතුරියට ගොඩක් ගොඩක් ස්තූතියි නේද? බොහොම ස්තූතියි ෆාතිමා මිතුරියට! ෆාතිමා මිතුරියව ඇයගේ තවත් ලිපියකින් ඉක්මනටම හමු වෙමුකෝ එහෙනම්...
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment