About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Ridge Gourd Mallum - වැටකොළු මැල්ලුම

අපේ අය කන්න අකමැතිම දෙයක් තමා වැටකොළු කියන්නේ නේද? ඕකට ගොඩක්ම හේතුව තමයි අපේ අය වැටකොළු හරියට උයාගන…
Ridge Gourd Mallum - වැටකොළු මැල්ලුම
අපේ අය කන්න අකමැතිම දෙයක් තමා වැටකොළු කියන්නේ නේද? ඕකට ගොඩක්ම හේතුව තමයි අපේ අය වැටකොළු හරියට උයාගන්න දන්නේ නැති කම. වැටකොළු රසට උයාගන්න විදිහක් නම් කලින් අපි ඉවුම් පිහුම් ඇප් එකේ කියලා දුන්නනේ. ඉතින් දැන් මේ කියලා දෙන්න යන්නෙ වැටකොළු මැල්ලුමක් හදාගන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • වැටකොළු 500g
  • කොටුවට කපා ගත් රට ලූණු ගෙඩි 1
  • දෙකට පලා ගත් අමු මිරිස් කරල් 4 - 5ක්
  • චොප් කර ගත් සුදුලූණු බික් 3 - 4ක්
  • කහ කුඩු තේ හැදි ¼ ක් පමණ
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්
  • ලුණු (රස අනුව)
  • ගා ගත් පොල් කප් ¼ ක් පමණ
  • තෙල් මේස හැදි 1 - 2ක් පමණ
  • අබ ඇට තේ හැදි ½ - 1ක් පමණ
  • කරපිංචා

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම වැටකොළු සුද්ද කරලා සෝද ගෙන කොටු හැඩයට කපා ගන්න ඕනේ.
  • පස්සේ පෑන් එකක් සාමාන්‍ය ගින්දරේ ලිපේ තියලා තෙල් ටික දා ගෙන රත් වෙන්න අරින්න.
  • තෙල් රත් වුණාට පස්සේ ඒකට අබ ඇට දාලා අබ පුපුර ගන්න.
  • අබ පිපිරුවට පස්සේ ඒකටම රට ලූණු ටිකයි, අමු මිරිස් ටිකයි, සුදුලූණු ටිකයි, කරපිංචයි එකතු කරලා රට ලූණු ටික මෘදු වෙනකන් තෙම්පරාදු කර ගන්න.
  • දැන් ලිපේ ගින්දර අඩු කරලා කපා ගත්ත වැටකොළුත් එක්ක කහ කුඩුයි, රස අනුව ලුණුයි, ගම්මිරිස් කුඩුයි එකතු කර ගන්න.
  • ඊට පස්සේ අඩු ගින්දරේ වැටකොළු තැම්බිලා වතුර ගතිය නැති වෙනකන් සැරින් සැරේ හැදි ගාන ගමන් උයා ගන්න. (ඕනවට වඩා වැටකොළු තැම්බෙන්න දෙන්න එපා.)
  • අන්තිමට පොල් ටිකත් එකතු කරලා හොදට කලවම් කරලා තවත් විනාඩි 2 - 3ක් හොදට හැදි ගාන ගමන් උයා ගෙන ලිපෙන් බා ගන්න.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ විදියට වැටකොළු සුද්ද කරන් හෝද ගන්න මුලින්ම. (සම්පූර්ණයෙන්ම කොළ පාට අයින් වෙන්න පොතු අරින්න එපා)

 පස්සේ මේ වගේ කපා ගන්න වැටකොළු ටික.

 මේ ලූණු තෙම්පරාදු කරන් ඒකට වැටකොළු එකතු කරන්..

 වැටකොළු තැම්බුනාට පස්සේ පොල් එකතු කරන් තමයි මේ.

 ඉතින් ඔය ඔක්කොම දේවල් කරලා කියලා අන්තිමට හදාගත්ත වැටකොළු මැල්ලුම තමයි මේ තියෙන්නෙ. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.













මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ padhuskitchen.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment