About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Passion Fruit Sambol - පැෂන් ෆෘට් සම්බෝලය (මැල්ලුම)

ඉවුම් පිහුම් ඇප් එකට නිතරම ලිපි එවන අපේ ෆාතිමා රිස්නා මිතුරිය අපිට මේ පාර ඔන්න "පැෂන් ෆෘට්&quo…
Passion Fruit Sambol - පැෂන් ෆෘට් සම්බෝලය (මැල්ලුම)
ඉවුම් පිහුම් ඇප් එකට නිතරම ලිපි එවන අපේ ෆාතිමා රිස්නා මිතුරිය අපිට මේ පාර ඔන්න "පැෂන් ෆෘට්" සම්බෝලයක් හදාගන්න විදිහ කියලා දෙන්නයි යන්නෙ. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා.. ඒ වගේම මතක තියාගන්න සම්බෝලයි, මැල්ලුමුයි අතර වෙනසක් තියෙනවා (බලන්නකෝ ලිපියේ වැදගත් කියන කොටස)

අවශ්‍ය දේවල්:
  • පැෂන් ෆෘට් කොළ (ගොඩක්ම මෝරපුවත් නෙමේ, ගොඩක්ම ළපටි ඒවත් නෙමේ)
  • හිනියට ලියාගත් බී ළුණු ගෙඩියක් (පොඩි රතු ළුුනු දාන්න පුලුවන්නම් ගොඩක් රසට හදාගන්න පුලුවන්)
  • හිනියට ලියාගත් අමු මිරිස් කරල් 3
  • ගාගත් පොල් ටිකක්
  • රස අනුව ලුණු කුඩු
  • දෙහි යුෂ
  • උම්බලකඩ ටිකක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම පැෂන් ෆෘට් කොළ ටික සෝදා පිරිසිදු කර වතුර බේරීමට තබා ගන්න ඕනෙ.
  • ඊට පස්සෙ පැෂන් ෆෘට් කොළ ටික හිනියට ලියාගන්න ඕනෙ.
  • දැන් එකටම ළුණු, අමු මිරිස්, උම්බලකඩ, රස අනුව ලුණු, දෙහි යුෂ, පොල් දාමා කලවම් කරගන්න විතරයි තියෙන්නෙ. ඔච්චරයි! දැන් ඉතින් පැෂන් ෆෘට් සම්බෝලෙ කෑම මේසෙට අරින්න තමයි තියෙන්නෙ.

වැදගත්:
  • මේකම ලිපේ තියලා මලවා ගත්තහම අපි සම්බෝලයක් කියලා කියන්නෙ නෑ. අපි එතකොට කියන්නෙ මැල්ලුමක් කියලා. ඒ වගේම මලවනවනම් කහ චුට්ටකුත් එකතු කරගන්න මේකට. ඒ වගේම තමයි මලවන්න කලින් අපි දෙහි දාන්නෙ නෑ. මලවලා ඉවර වුනාට පස්සෙ තමයි දෙහි දාන්නෙ. ඒකත් හොදට මතක තියාගන්න.
  • ලුණු, අඹුල් හරියට දැම්මෙ නැත්නම් කොහොම හැදුවත් රස නැහැ! ඒ නිසා ලුණු, ඇඹුල් ඇතිද කියලා බලන්න.

පොටෝ ටිකත් බලන්නකෝ..
 පැෂන් ෆෘට් කොළ විතරක් කඩාගන්න මේ විදියට.

මේ පැෂන් ෆෘට් කොළ ටික හෝදලා වතුර බේරෙන්න තියා ගෙන.

 ඔය විදිහට හදාගත්ත රසම රස පැෂන් ෆෘට් සම්බෝලය තමයි මේ. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.












ලිපිය ලිව්වේ ෆාතිමා රිස්නා මිතුරිය. අපේ මිතුරියට බොහොම ස්තූතියි නේද අපිට මේ විදිහට හැමදාම එක එක කෑම ජාති හදන්න කියලා දෙනවට? බොහොම ස්තූතියි ෆාතිමා!
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment