About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Fish Roe Mallum - මාළු බිත්තර මැල්ලුම

ඔන්න දැන් ඔයාලට කියලා දෙන්න හදන්නෙ මාළු බිත්තර වලින් මැල්ලුමක් හදාගන්න විදිහ. මාළු බිත්තර වලින් ව්‍…
Fish Roe Mallum - මාළු බිත්තර මැල්ලුම
ඔන්න දැන් ඔයාලට කියලා දෙන්න හදන්නෙ මාළු බිත්තර වලින් මැල්ලුමක් හදාගන්න විදිහ. මාළු බිත්තර වලින් ව්‍යාංජනයක් හදන විදිහ මීට කලින් කියලා දුන්නනේ. අද ඔන්න එහෙනම් මැල්ලුමක් හදමු.

අවශ්‍ය දේවල්:
  • මාළු බිත්තර (Fish Roe) 150g
  • හීනියට ලියා ගත් රට ලූණු ගෙඩි 1
  • ගා ගත් පොල් කප් ½ ක් පමණ
  • කපා ගත් අමු මිරිස් කරල් 5 - 6ක්
  • කහකුඩු තේ හැදි ¼ - ½ ක් පමණ
  • කුඩා කුරුඳු පොතු කෑල්ලක්
  • අඹරා ගත් අඟලක පමණ ඉඟුරු කෑල්ලක්
  • අඹරා ගත් සුදුලූණු බික් 2 - 3ක් (කැමති නම් පමණක්)
  • රම්පේ
  • කරපිංචා
  • තෙල් මේස හැදි 2 - 3ක්
  • ගම්මිරිස් කුඩු (රස අනුව)
  • ලුණු (රස අනුව)
  • දෙහි යුෂ (රස අනුව)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම මාළු බිත්තර හොදට සෝදලා අරන් දෙකට පලා ගෙන ඇතුළේ තියෙන චූටි බිත්තර එළියට අර ගෙන භාජනයකට දා ගන්න.
  • දැන් ඒකටම කහ කුඩු ටිකයි, අඹර ගත්ත ඉඟුරු ටිකයි, කපා ගත්ත අමු මිරිස් ටිකයි, ගා ගත්ත පොල් ටිකයි, රස අනුව ලුණුයි, ගම්මිරිස් කුඩුයි, දා ගෙන කලවම් කර ගන්න.
  • පස්සේ ඇතිලියක් සාමාන්‍ය ගින්දරේ ලිපේ තියලා තෙල් ටික දාලා රත් වෙන්න දෙන්න.
  • තෙල් රත් වුණාට පස්සේ රම්පේ, කරපිංචා, කුරුඳු පොතු කෑල්ල දා ගෙන ටිකක් බැදෙන්න අරින්න.
  • ඊට පස්සේ අඹරපු සුදුලූණුයි, ලියා ගත්ත රට ලූණුයි දාලා ලූණු ටිකක් මෘදු වෙනකන් තෙම්පරාදු කර ගන්න.
  • ඊළඟට ඒකටම මාළු බිත්තර මිශ්‍රණය එකතු කරලා අඩු ගින්දරේ මාළු බිත්තර හොදට තැම්බිලා වතුර ගතිය නැති වෙනකන් පියනකින් වහ ගෙන සැරින් සැරේ හැදි ගාන ගමන් උයා ගෙන ලිපෙන් බා ගන්න. (මාළු බිත්තර තැම්බෙන්න වතුර ටිකක් ඕනේ කියලා හිතෙනවා නම් වතුර පොඩ්ඩකුත් එකතු කරන්න.)
  • අන්තිමට ලිපෙන් බෑවට පස්සේ රස අනුව දෙහි යුෂ ටිකක් එකතු කර ගන්න.

වැදගත්:
  • කැමති නම් මිරිස් කුඩු ටිකක් එකතු කර ගන්නත් පුළුවන්.
 
 මේ තියෙන්නේ මාළු බිත්තර.

 මාළු බිත්තර හොදට සෝදලා අරන් දෙකට පලා ගෙන ඇතුළේ තියෙන චූටි බිත්තර එළියට අර ගෙන භාජනයකට දාලා, ඒකටම කහ කුඩු ටිකයි, අඹර ගත්ත ඉඟුරු ටිකයි, කපා ගත්ත අමු මිරිස් ටිකයි, ගා ගත්ත පොල් ටිකයි, රස අනුව ලුණුයි, ගම්මිරිස් කුඩුයි, දා ගෙන කලවම් කර ගන්න ඕනෙ.

 මේ ඊට පස්සෙ උයන ගමන්

 ඉතින් ඔය ඔක්කොම දේවල් කරලා කියලා හදාගත්ත අපේ මාළු බිත්තර මැල්ලුම තමයි මේ.








ලිපිය ලියන්න කරුණු ලබාගත්තා meemiskitchen.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment