About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Virginia Apple Pudding - රසම රස ඇපල් පුඩිමක්

ඇපල් වලින් හදන්න පුලුවන් රසම රස පුඩිමක් හදන විදිහ තමයි දැන් මේ කියලා දෙන්න යන්නෙ. ඔයාලට මේක හදනකොට …
Virginia Apple Pudding - රසම රස ඇපල් පුඩිමක්
ඇපල් වලින් හදන්න පුලුවන් රසම රස පුඩිමක් හදන විදිහ තමයි දැන් මේ කියලා දෙන්න යන්නෙ. ඔයාලට මේක හදනකොට එක තැනකදී මයික්‍රොවේව්(අවන්) එකකින් ඇපල් ටික මෙලෙක් කරගන්න විදිහ ගැන පියවර කිහිපයක් තියෙනවා. හැබැයි ඇපල් ටික එහෙම මෙලෙක් කරගන්නෙ නැතුවත් මේ පුඩිම හදන්න පුලුවන් හින්දා අපේ මේ "ඉවුම් පිහුම්" ඇප් එකේ ඉන්න මයික්‍රොවේව් එකක් නැති යාලුවන්ටත් කිසිම අවුලක් නැතුව මේ පුඩිම හදන්න පුලුවන්. හරි! බලන්නකෝ එහෙනම් මේ පුඩිම හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:

  • පොතු ඇරලා පොඩියට කපාගත්ත ඇපල් කෝප්ප 2
  • දියකරගත්ත බටර් කෝප්ප 1/2
  • සීනී කෝප්ප 1
  • පාන් පිටි කෝප්ප 1
  • බේකින් පවුඩර් තේ හැදි 2
  • ලුණු තේ හැදි 1/4
  • කිරි කෝප්ප 1 (පිටි කිරි වලින් හදාගන්න)
  • කුරුදු කුඩු තේ හැදි 1

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම අවන් එක 190°C උෂ්ණත්වයට රත් වෙන්න දාගෙන ඉන්න ඕනෙ අපි. දැන් ON කරගන්න මේ අවන් එකට අන්තිමට අපි පුඩින් මිශ්‍රණය දාලා පුඩින් එක බේක් කරගෙන ඉවර වෙනකන්ම අවන් එක එකම උෂ්ණත්වයෙන් රත් වෙවී තියෙන්න ඕනෙ. ඒ හින්දා "දැන් රත් වෙලා ඇති" කියලා අවන් එක කොයිම වෙලාවකවත් OFF කරන්න නම් එපා..!
  • දැන් භාජනයක් අරගෙන ඒකා බටර්, සීනි, බේකින් පවුඩර්, පිටි, ලුණු, කිරි දාලා හොදට සේරම ටික කලවම් කරගන්න.
  • ඊට පස්සෙ ඒ මිශ්‍රණය අවන් එකට දාන්න පුළුවන් පොඩි ට්‍රේ එකකට දාගන්න.
  • ඔන්න දැන් අපිට මයික්‍රොවේව් එක ඕනෙ වෙනවා. දැන් අපි මයික්‍රොවේව් එකේ දාන්න පුළුවන් භාජනයක් අරගෙන ඒකට ඇපලුයි කුරුදු කුඩුයි දාලා කලවම් කරගන්න ඕනෙ.
  • ඊට පස්සෙ ඒ ඇපල් මිශ්‍රණය පොඩ්ඩක් මෙලෙක් වෙනකම් විනාඩි 2-5ක් විතර මයික්‍රොවේව් එකට දාලා ගන්න.
  • දැන් අපි මයික්‍රොවේව් කරගත්ත ඇපල් මිශ්‍රණය අරගෙන ඒ ටික අපි කලින් අවන් එකට දාන්න පුලුවන් ට්‍රේ එකක දාලා තියලා තිබ්බ පිටි මිශ්‍රණයේ මැදට වෙන්න දාගන්න.
  • ඊළගට කරන්න තියෙන්නෙ අපි රත්වෙන්න දාලා තියෙන අවන් එකට ඒ ට්‍රේ එක දාලා විනාඩි 30ක් විතර බේක් කරගන්න එක.
  • ඔච්චරයි! පුඩින් එක කෑමට ගන්නකොට අයිස් ක්‍රීම් පොඩ්ඩකුත් තියේනම් දාගෙනම කෑමට ගන්න හොදේ.. එතකොට තමයි ගොඩක්ම රස.

වැදගත්:
  • මයික්‍රොවේව් එකක් නැත්තන් නිකන්ම වුනත් ඇපල් ටික පිටි මිශ්‍රණයට එකට එකතු කරගන්න පුළුවන් ඔයාලට.

මේ තියෙන්නෙ හදාගත්ත රසම රස ඇපල් පුඩිම.

කෑමට ගන්නකොට අයිස් ක්‍රීම් පොඩ්ඩකුත් එක්කම කෑමට ගන්න. එතකොට තමයි ගොඩක්ම ගොඩක් රස.













මේ ලිපිය සයුරි මිතුරිය විසින් සිංහලට කරපු පරිවර්තනයක්. එයා මුල් ලිපිය ලබාගෙන තියෙනෙන් allrecipes.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment