About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Pineapple Bread Pudding with Raisins - අන්නාසියි, වියලි මිදියි දාලා රසම රස පාන් පුඩිමක්

ඔන්න දැන් මේ කියලා දෙන්න යන්නෙ අන්නාසියි වියළි මිදියි දාලා රසම රස පාන් පුඩිමක් හදාගන්නේ කොහොමද කියල…
Pineapple Bread Pudding with Raisins - අන්නාසියි, වියලි මිදියි දාලා රසම රස පාන් පුඩිමක්
ඔන්න දැන් මේ කියලා දෙන්න යන්නෙ අන්නාසියි වියළි මිදියි දාලා රසම රස පාන් පුඩිමක් හදාගන්නේ කොහොමද කියලා.. මේක හදන්න නම් පොඩ්ඩක්වත් අමාරු නැහැ. හදන්න ඕන කරන බඩු ටිකත් ඔයාලට ලේසියෙන්ම හොයාගන්න පුලුවන්!

අවශ්‍ය දේවල්:

  • පොඩියට කපාගත්ත අන්නාසි කෝප්ප 1
  • පාන් පෙති 12
  • බිත්තර 3
  • සුදු සීනී කෝප්ප 1
  • දියකරගත්ත බටර් කෝප්ප 1/2 (Melted Butter)
  • වියළි මිදි කෝප්ප 1/2
  • දුඹුරු සීනී මේස හැදි 1
  • පොඩියට කපාගත්ත කජු කෝප්ප 1/3 (අවශ්‍යම නැහැ)

සාදාගන්නා ආකරය:
  • මුලින්ම අවන් එක 175°C උෂ්ණත්වයට රත් වෙන්න දාගෙන ඉන්න ඕනෙ අපි. දැන් මේ රත් වෙන්න දාගන්න අවන් එකට අන්තිමට අපි පුඩින් එක දාලා ඒක බේක් කරගෙන අවන් එකෙන් එලියට ගන්න කන්ම අවන් එක එකම උෂ්ණත්වයෙන් රත් වෙවී තියෙන්න ඕනෙ. ඒ හින්දා "දැන් රත් වෙලා ඇති" කියලා අවන් එක කොයිම වෙලාවකවත් OFF කරන්න නම් එපා..!
  • ඊට පස්සෙ පාන් පෙති ටික අරගෙන අගල් 1/2 වගේ ප්‍රමාණයේ කෑලි වලට කපාගන්න.
  • ඊලගට භාජනයක් අරගෙන බිත්තරයි සීනී ඒකට එකට දාගෙන සීනී ටික දියවෙනකම් හොදට බීට් කරගන්න.
  • සීනී ටික දිය වුනාම අන්නාසි දාලා කලවම් කරගන්න.
  • ඊට පස්සෙ බටර්, මිදි, කජු දාලා පානුත් දාලා කලවම් කරගන්න.
  • දැන් අවන් එකේ දාන්න පුළුවන් ට්‍රේ එකක් අරගෙන ඇතුල් පැත්තෙ බටර් ටිකක් ගාලා මේ පුඩින් මිශ්‍රනය ඒකට දාගන්න.
  • ඊළගට කලින් රත් වෙන්න තියපු අවන් එකේ විනාඩි 40ක් විතර මේක බේක් කරගන්න ඕනෙ අපි.
  • බේක් වුනාට පස්සෙ ඔයාලට කෑමට ගන්න පුලුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ..
පාන් පෙති ටික අරගෙන මේ වගේ කෑලි වලට කපාගන්න.

ඒ වගේම අන්නාසි මේ වගේ කෑලි වලට කපාගන්න.

හදලා බලන්නකෝ එහෙනම් ඔයාලත්..













මේ ලිපිය සයුරි මිතුරිය විසින් සිංහලට කරපු පරිවර්තනයක්. එයා මුල් ලිපිය ලබාගෙන තියෙන්නෙ allrecipes.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment