About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Chilli Soya - රසම රසට සෝයා මීට් හදන්න පුලුවන් තවත් විදිහක්

සෝයා මීට් කියන්නෙ ගොඩක් අය කන්න කැමති කෑමක්නෙ. දැන් මේ කියලා දෙන්න යන්නෙ රසම රසට, ටිකක් සැරට සෝයා ම…
Chilli Soya - රසම රසට සෝයා මීට් හදන්න පුලුවන් තවත් විදිහක්
සෝයා මීට් කියන්නෙ ගොඩක් අය කන්න කැමති කෑමක්නෙ. දැන් මේ කියලා දෙන්න යන්නෙ රසම රසට, ටිකක් සැරට සෝයා මීට් හදාගන්න පුලුවන් විදිහක් ගැන. අපි සාමාන්‍යයෙන් වෙනදට සෝයා මීට් හදන විදිහට වඩා මේ විදිය වෙනස්. යෝගට් එහෙම දාලා තමයි අපි මේ සැරේ සෝයා මීට් ටික හදන්න යන්නෙ. යෝගට් දැම්මම සෝයා මීට් වල රස තවත් වැඩි වෙනවා. හදන්න නම් හරිම ලේසියි, හැබැයි චුට්ටක් විතර වැඩ ටිකක් වැඩිපුර කරන්න තියෙනවා. හරි! බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
මුලින්ම අපිට ඕනෙ,

  • සෝයා මීට් කෝප්ප 1
  • වතුර කෝප්ප 4
  • ලුණු තේ හැදි 1/2
  • යෝගට් මේස හැදි 1
  • තලාගත්ත ඉහුරු සුදුළුණු තේ හැදි 1/2
  • ගම්මිරිස් කුඩු තේ හැදි 1/4
  • මිරිස් කුඩු තේ හැදි 1/2
  • කෝන් පිටි කෝප්ප 1/4 (ඉරිඟු පිටි)
  • බැදීමට තෙල්
තව අපිට ඕනෙ වෙනවා,
  • පොල් තෙල් තේ හැදි 4
  • පොඩිකරගත්ත සුදු ළුණු බික් 3
  • කපාගත්ත අමු මිරිස් කරල් 1
  • පොඩියට කපාගත්ත ළුණු මේස හැදි 2
  • කපාගත්ත ළුණු කොල මේස හැදි 4
  • කපාගත්ත මාළු මිරිස් කරල් 1
  • තක්කාලි සෝස් මේස හැදි 2
  • විනාකිරි මේස හැදි 1
  • සෝයා සෝස් මේස හැදි 1
  • චිලී සෝස් මේස හැදි 1
  • ගම්මිරිස් කුඩු තේ හැදි 1/4
  • ලුණු තේ හැදි 1/4
ඒ වගේම කෝන් පිටි(ඉරිඟු පිටි) වලින් මිශ්‍රනයක් හදාගන්න අපිට ඕනෙ වෙනවා,
  • කෝන් පිටි තේ හැදි 1
  • වතුර කෝප්ප ¼

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම ලොකු ගැඹුරු භාජනයක් අරගෙන ඒකට වතුර කෝප්ප 4 දාලා ලුණු තේ හැදි 1/2 දාලා වතුර ටික උතුරවාගන්න.
  • වතුර උතුරනකොට සෝයා මීට් ටික ඒකට දාලා විනාඩි 10ක් විතර තියන්න.
  • සෝයා මීට් ටික තැම්බුනාම රස්නෙ වතුර ටික පෙරලා ගන්න. ඒත් එක්කම සීතල වතුර ටිකක් සෝයා මීට් වලට දාලා පෙරාගෙන සෝයා ටික නිමෙන්න තියන්න.
  • දැන් ටිකක් ලොකු භාජනයක් අරගෙන ඉගුරු, සුදු ළුණු, යෝගට්, ගම්මිරිස්, මිරිස් කුඩු දාලා කලවම් කරගන්න.
  • ඊට පස්සෙ වතුර සම්පූර්නයෙන් අයින් කරපු සෝයා ටික අරගෙන ඒ මිශ්‍රනයට දාලා කලවම් කරගන්න.
  • මේ ටික කලවම් වුනාට පස්සෙ කෝන් පිටි කෝප්ප 1/4ත් සෝයා එකටම දාලා ආයෙත් කලවම් කරගන්න.
  • ඊළගට තෙල් ටික රත් කරගෙන මේ සෝයා ටික බැදගන්න.
  • සෝයා ටිකේ තෙල් ටික අයින් වෙනකම් පැත්තකින් තියලා, ආයෙත් පොඩි පෑන් එකක්(තාච්චියක්) ලිපේ තියලා තෙල් තේ හැදි 4 දාලා රත් කරගෙන ඒකට සුදු ළුණුයි අමු මිරිසුයි දාලා තෙම්පරාදු කරගන්න.
  • ඊට පස්සෙ ඒකට ළුණු, ළුණු කොළ, මාලු මිරිස් ටිකත් එකතු කරලා තෙම්පරාදු කරගන්න.
  • දැන් මේකට සෝයා සෝස්, තක්කාලි සෝස්, විනාකිරි, චිලී සෝස් එකතු කරගන්න. ලුණු ගම්මිරිස් පොඩ්ඩකුත් දාගන්න.
  • ඒක විනාඩියක් විතර ලිපේ තියලා හදාගත්ත කෝන් පිටි මිශ්‍රනය මේකට එකතු කර ගන්න. මේ මිශ්‍රණය ටිකක් ඝනකම් මිශ්‍රණයක් වෙනකම් ලිපේ තියාගත්තට පස්සෙ බැදගත්ත සෝයා ටික මේකට එකතු කරන්න.
  • එච්චරයි! අන්තිමට සේරම හොදට කලවම් කරගෙන ලිපෙන් බාගෙන කෑමට ගන්න පුලුවන් ඔයාලට.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ හදාගෙන යන ගමන්.

බැදගත්තට පස්සෙ සෝයා මීට් ටික මේ වගේ තියෙන්නෙ.

සුදු ළුණු, අමු මිරිස් වගේ දේවල් ටික තෙම්පරාදු කරගන්න ගමන්.

ඒ ටිකට සෝස් වර්ග ටිකයි, විනාකිරියි, ලුණු ගම්මිරිස් එහෙම එකතු කරගෙන. ඒ ටිකට සෝස් වර්ග ටිකයි, විනාකිරියි, ලුණු ගම්මිරිස් එහෙම එකතු කරගෙන. කෝන් පිටි මිශ්‍රනයත් දාගෙන තියෙන්නෙ.

මේ බැදගත්ත සෝයා ටික එකතු කරගත්තට පස්සෙ.

ඒ වැඩ ටික ඉවර වුනාට පස්සෙ ළුණු කොල ටිකක් එහෙම උඩින් ඉහගෙන පොඩ්ඩක් සරසාගෙනම කෑම මේසෙට යවන්න. එච්චරයි!















මේ ලිපිය සයුරි මිතුරිය විසින් සිංහලට කරපු පරිවර්තනයක්. එයා මුල් ලිපිය ලබාගෙන තියෙන්නෙ hebbarskitchen.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment