About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Nutella Fudge - නියුටෙලා වලින් පොඩි කෑමක්

ලොක්කො පොඩ්ඩො හැමෝටම කෙල ගිලෙන කෑමක් තමයි නියුටෙලා කියන්නෙ. දැන් මේ කියලා දෙන්න යන්නෙ නියුටෙලා වලින…
Nutella Fudge - නියුටෙලා වලින් පොඩි කෑමක්
ලොක්කො පොඩ්ඩො හැමෝටම කෙල ගිලෙන කෑමක් තමයි නියුටෙලා කියන්නෙ. දැන් මේ කියලා දෙන්න යන්නෙ නියුටෙලා වලින් පොඩි කෑමක් හදන විදිහ. චොකලට් කෑලි වගේ කෑමක්. මේක ඇමරිකන් කෑමක් කියලා තමයි කියන්නෙ. චොක්ලට් චිප්ස් ටික දියකරගන්න වැඩේට හැර ඔයාලට අවන් එකක් ඕන වෙන්නෙ නම් නැහැ මේවා හදන්න.. ඒ ටික කොහොම හරි ගානට දියකරගන්න පුලුවන් නම්, ඔයාලට ෆ්‍රිජ් එකක් විතරයි ඕන වෙන්නෙ වැඩේට.

අවශ්‍ය දේවල්:

  • නියුටෙලා කෝප්ප 2 (Nutella Hazelnut spread)
  • මෘදු බටර් කෝප්ප 1/2
  • පිටි කරන ලද සීනී කෝප්ප 1 3/4 (Powdered sugar)
  • වැනිලා තේ හැදි 1/2
  • මිල්ක් චොක්ලට් චිප්ස් කෝප්ප 1 (Milk Chocolate Chips)
  • මෘදු බටර් මේස හැදි 1

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම අපි අගල් 8x8 වගේ ප්‍රමාණයේ කොටු හැඩයේ ට්‍රේ එකක් ඇරගෙන ඒකට තෙල් කොලයක් දාලා සූදනම් කරගෙන පැත්තකින් තියා ගන්න ඕනෙ. ට්‍රේ එකක්ම ඕනෙ නැහැ, මොකක් හරි ගොඩක් උස නැති කොටු හැඩයේ භාජනයක් ගන්න, එගෙමත් නැතිනම් ගෙදර කේක් තැටි තියෙනවානම් ඒක්කගන්නකෝ.
  • ඊලගට භාජනයක් අරගෙන ඒකට නියුටෙලා සහ බටර් කෝප්පය දාලා සාමන්‍ය වේගයකින් බීට් කරගන්න. හොදට ක්‍රීම් එකක් වගේ වෙනකම් බීට් කරගන්න.
  • ඊට පස්සෙ සීනියි වැනිලයි ඒකටම එකතු කරගෙන ඒ ටික හොදට කලවම් වෙනකම් ආයෙමත් බීට් කරගන්න. මිශ්‍රණය ටිකක් ඝනයි වගේ තිබුනට ඒ ගැන වද වෙන්න එපා හොදේ. හැබැයි හොදට කලවම් වෙලා, ක්‍රීම් එකක් වගේ වෙන්න ඇනිලයි තියෙන්න ඕනෙ.
  • දැන් ඒ ටික හොදට බීට් කරගත්තට පස්සේ ඔයාලා`මුලින් සූදානම් කරගත්ත ට්‍රේ එකට නියුටෙලා මිශ්‍රනය දාලා එක මට්ටමකට තුනී කරගෙන පැත්තකින් තියා ගන්න.
  • ඊලගට ඔයාලා ගන්න මයික්‍රෝවේව් එකට දාන්න පුලුවන් භාජනයක්, ඒක අරගෙන ඒකට මිල්ක් චොක්ලට් චිප්ස් ටික දාලා මයික්‍රෝවේව් එකට දාලා තත්පර 30ක් විතර තියන්න. ඊට පස්සෙ අවන් එකෙන් පොඩ්ඩක් එලියට අරගෙන හැන්දෙන් පොඩ්ඩක් කලවම් කරගන්න. ඊට පස්සෙ ආයෙත් අවන් එකට දාලා තත්පර 10ක් 20කින් එලියට ඇරන් කලවම් කරගන්න. මේ විදිහට දෙතුන් පාරක් කරන්න. චොක්ලට් චිප්ස් ටික හොදට දිය කරගන්න තමයි අපි එහෙම කරන්නෙ.
  • ඊට පස්සෙ ඒකට තව මෘදු බටර් මේස හැන්ද දාගෙන කලවම් කරලා ආයෙමත් මයික්‍රෝවේව් එකට දාලා තත්පර 15ක් 10ක් තියලා ගන්න. එච්චරයි! එතකොට හොදට ක්‍රීම් එකක් වගේ වෙන්න චොකලට් ටික දිය වෙලා තියෙයි.
  • දැන් ගන්න ඔයාලගෙ නියුට්ට්‍රෙලා මිශ්‍රණය දාපු ට්‍රේ එක, අරගෙන ඒකට උඩින් අපි දිය කරගත්ත මිල්ක් චොක්ලට් ටික එක ගානට දාගෙන ඒක විනාඩි 10ක් ෆ්‍රිජ් එකේ තියන්න සෙට් වෙනකම්.
  • විනාඩි 10න් පස්සේ ට්‍රේ එක ෆ්‍රිජ් එකෙන් එලියට අරගෙන අපි චොකලට් තට්ටුව ට්‍රේ එකෙන් අයින් කරගන්න ඕන. තෙල් කොලයක් දාලනෙ තියෙන්නෙ. ඒකෙන් උස්සල ගලවා ගන්න. තාම චොකලට් ටික හොදටම හයි වෙලා නැහැ (හයි වෙලා තියෙන්නෙ හැබැයි ගල් වගේ හයි වෙලා නැහැ තවම.). ඒ හින්දා පරිස්සමින් ගලවා ගන්න. ඊට පස්සේ ඔයාලට පුලුවන් චොකලට් එක ඔයාලා කැමති සයිස් එකක කෑලි වලට කපාගන්න. හොදටම හයි වුනහම කෑලි කපන්න අමාරු හින්දා තමයි අපි කලින්ම මේ විදිහට කෑලි කපාගන්නෙ. කෑලි කපාගත්තට පස්සෙ තව විනාඩි 10ක් විතර කෑලි ටික ෆ්‍රිජ් එකේ දාලා තියා ගන්න හොදටම හයි වෙනකන්.
  • මෙහෙම හදාගන්න නියුටෙලා කෑලි ටික උඩින් සීනි ටිකක් ඉහලා, නැත්නම් ස්ප්‍රින්කල්ස් වගේ දෙයක් පාවිච්චි කරලා ඔයාලට තව ටිකක් සරසා ගන්න පුලුවන්. හදාගත්තට පස්සෙ හුලන් වදින්නෙ නැති වෙන්න අහුරලා තියන්නත් අමතක කරන්න එපා හොදේ..

වැදගත්:
  • ඔයාලට නියුටෙලා, පිටි කරන ලද සීනී (Powdered sugar), මිල්ක් චොක්ලට් චිප්ස් එහෙම සුපර් මාර්කට් වලින් ගන්න පුලුවන්.
  • මෘදු බටර් කියන්නේ අමුතු බටර් ජාතියක් එහෙම නෙමෙයි හොදද, අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන බටර් ෆ්‍රිජ් එකෙන් එලියට අරන් පැයක් විතර ගියහම ඒකේ තියෙන් හයිය ගතිය නැති වෙලා මෘදු වෙනවානේ අන්න ඒවටයි මෘදු බටර් කියන්නේ.
  • නියුටෙලා කෑලි ටික කපනකොට කපන්න ගන්න පිහිය උණු වතුර එකක දාලා තියලා රස්නෙ පිටින් ගන්න. එතකොට කෑලි කපන්න ලේසියි.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නෙ නියුටෙලා.

තියෙනවානම් මේ වගේ අගල් 8x8 වගේ ප්‍රමාණයේ කොටු හැඩයේ ට්‍රේ එකක් ගන්න. නැත්නම් මේ වගේ භාජනයක් හරි කමක්නෑ.  ඇරගෙන ඒකට තෙල් කොලයක් දාලා සූදනම් කරගන්න.

මේ හදාගෙන යන ගමන්. මේ ෆොටෝ එකේ තුන්වෙනියට තියෙන්නෙ කෑලි කපන්න සූදානම් වෙලා ඉන්න අවස්තාව. පේනවා නේද? තාම නියුටෙලා මිශ්‍රණය හයි වෙලා නැහැ. කෑලි කපාගත්තට පස්සෙ අපි ආපහු ෆ්‍රිජ් එකේ තියෙනවානෙ. එතකොට හොදටම හයි වෙනවා. 

 ෆ්‍රිජ් එක් දාලා ගත්තට පස්සෙ මේ වගේ කෑලි කපාගෙන මේවා උඩින් මොකුත් දාන්නෙ කරන්නෙ නැතුව නිකන්ම කෑමට ගන්නත් පුලුවන් ඔයාලට.

නැත්නම් මේ වගේ කෑලි ටික උඩින් සීනි ටිකක් ඉහලා, නැත්නම් ස්ප්‍රින්කල්ස් වගේ දෙයක් පාවිච්චි කරලා ඔයාලට තව ටිකක් සරසා ගෙනම කෑමට ගන්නත් පුලුවන්.















මේ ලිපිය ග්‍රේෂානි මිතුරිය විසින් සිංහලට කරපු පරිවර්තනයක්. එයා මුල් ලිපිය ලබාගෙන තියෙන්නෙ tastesoflizzyt.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment