About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Pineapple Fried Rice - අන්නාසි ෆ්‍රයිඩ් රයිස්

අපි අද හදන්න යන්නෙ අන්නාසි දාපු රසම රස ෆ්‍රයිඩ් රයිස් එකක්. අපි හැමදාම හදන ෆ්‍රයිඩ් රයිස් වලට වඩා ම…
Pineapple Fried Rice - අන්නාසි ෆ්‍රයිඩ් රයිස්
අපි අද හදන්න යන්නෙ අන්නාසි දාපු රසම රස ෆ්‍රයිඩ් රයිස් එකක්. අපි හැමදාම හදන ෆ්‍රයිඩ් රයිස් වලට වඩා මේක ටිකක් වෙනස්. එළවළු, අන්නාසි වගේ දේවල් විතරක් නෙමෙයි, අපි මේක හදනකොට දොඩම් යුෂ එහෙමත් එකතු කරනවා. විශේෂ අවස්ථාවකට වෙනසකටත් එක්ක ඔයාලට මේ බත් එක හදාගන්න පුළුවන්. හරි! බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:

  • හාල් කෝප්ප 1 1/2
  • කොටු කපාගත්ත අන්නාසි කෝප්ප 2
  • පොඩියට කපාගත්ත කුකුල් මස් පපු කොටස් ග්‍රැම් 230
  • ගගත්ත කැරට් අල 3
  • කපාගත්ත සැල්දිරි කොළ පොඩ්ඩක් (අවශ්‍යම නැහැ)
  • කපාගත්ත ළුණු ගෙඩි 1
  • සෝයා සෝස් මේස හැදි 2
  • තල තෙල් මේස හැදි 2 (Sesame oil)
  • බටර් මේස හැදි 2
  • පොඩි දොඩම් ගෙඩියක යුෂ
  • ග්‍රීන් පීස් කෝප්ප 1
  • ලුණු පොඩ්ඩක්
  • කජු කෝප්ප 1/2

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම හාල් ටික සෝදලා අරගෙන බත් ටික උයාගෙන ඉමු.
  • ඊළගට කුකුල් මස් ටිකත් හොදට තම්බලා අරගන්න.
  • දැන් ටිකක් ලොකු භාජනයකට බටර් දාලා රත්කරගන්න.
  • බටර් ටික රත් වෙනකොට ඒකට ළුණු කැරට් එකතු කරලා විනාඩියක් විතර ලිපේ තියාගන්න.
  • ඊට පස්සෙ සැල්දිරි ටිකත් මේකට එකතු කරන්න.
  • මේ ටික මෙහෙම ලිපේ තියන අතරෙ වෙනත් භාජනයක් අරගෙන ඒකට තල තෙල්, සෝයා සෝස්, දොඩම් යුෂ දාලා කලවම් කරගන්න. මේක කලවම් කරන්න ගිහින් ලිපේ තියන එලවළු ටික අමතක කරන්න එහෙම එපා ඔන්න.
  • මේ වෙනකොට එලවලු ටික ගානට තැම්බිලා තියෙන්නෙ. දැන් අපි ඒකට උයාගත්ත බත්, කපාගත්ත අන්නාසි එකතු කරන්න ඕනෙ.
  • ඒත් එක්කම හදාගත්ත සෝස් මිශ්‍රනයයි දොඩම් යුෂ ටිකයිත් දාලා හොදට කලවම් කරගන්න.
  • ලුණු පොඩ්ඩකුත් එකතු කරලා කලවම් කරගන්න.
  • එච්චරයි! ඔන්න දැන් බත් එක හරි. දැන් තියෙන්නෙ කෑම මේසෙට යවන්න කලින් කජු ටිකත් එහෙම උඩින් ඉහගෙන පොඩ්ඩක් ලස්සන කරගන්න. ඒ වැඩේ ඔයාලට කැමති විදිහට කරන්න පුලුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නෙ අපි මේක හදන්න ගත්ත දේවල් වලින් ටිකක්.

මේ හදාගත්ත ෆ්‍රයිඩ් රයිස් එක අන්තිමට.

දැන් ඉතිං කැමති විදිහකට කන්න තමයි තියෙන්නෙ.














මේ ලිපිය සයුරි මිතුරිය විසින් සිංහලට කරපු පරිවර්තනයක්. එයා මුල් ලිපිය ලබාගෙන තියෙන්නෙ superhealthykids.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment